November 16, 2014

සීනි කැටයේ කථාව - Sugar

රසවත් දෙයක් අපේ දිවට දැනුනු විට අපට ක්වරම මතක්වනුයේ සිනි රසය.සිනි යනු ජලයේ ද්‍රාව්‍ය කාබෝහයිඩ්‍රේටයන්ය.රසායනික සංයුතිය අනුව මෙම කාබෝහයිඩ්‍රේට කාබන් ,හයිඩ්‍රජන් සහ ඔක්සිජන් යන අණුවලින් සමන්විතය.
රසායනික සංයුතිය අනුව මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ,හා ඔලිගෝසැකරයිඩ ලෙස හදුන්වයි. 

සුක්රෝස් වල රසායනික ව්‍යුහය

මොනොසැකරයිඩ
 ග්ලුකෝස්       -ස්වභාවික පලතුරු හා ශාඛ යුෂ                                          ෆරක්ටෝස්     -  පළතුරු,උක්,බීටිරෑටි,කැරටි,බතල, අල වර්ග,පැණි
 ගැලැක්ටෝස්  - මෙය නිදහස්ව දැකිය නොහැක.ග්ලුකෝස් හා               කතුව ඩයිසැකරයිඩයක් වන ලැක්ටොස් ලෙස කිරිවල දැකිය හැක.
    
ඩයි සැකරයිඩ      
සුක්රෝස්      - උක් ශාඛ කදෙහි සහබීටි ශාඛයේ මුලෙහි දැකිය හැක.
මෝල්ටෝස්  - සමහර බීජ ප්‍රරෝහනයේදි මෙම මෝල්ටෝස් දැකිය  හැක.පැහැදිලි ලෙස දැකිය හැකි                        බිජයක් වනුයේ බාර්ලි බිජයි.                                
ලැක්ටෝස්    - කිරිවල දැකිය හැක.

ඔලිගෝසැකරයිඩ - දිගු දාමයන් සහිත සිනි ඔලිගෝසැකරයිඩ ලෙස හදුන්වයි.

සීනි කාබනික සංයෝගයක් බැවින් පහසුවෙන් ගිනිගැනිමට පුළුවන.සාමාන්‍යයෙන් ඵක් පුද්ගලයෙකු වසරකදි සීනි කිලෝ ග්‍රෑමි 24ක ප්‍රමාණයක් පරිභෝජනය කරනු ලැබේ.
උක් දඩු

සීනි නිෂ්පාදනය සදහා ප්‍රමාණවත් තරමි සිනි අන්තර්ගත වනුයේ උක් සහ බිටි යන ශාකවලය.උක් ගසින් සිනි ලබාගැනිම ඈත අතීතයේ සිටම සිදුකෙරි ඇති අතර වසර 12000 කට පමණ පෙර සිටම නිවිගිනියාවේ උක් දඩු මගින් සිනි ලබාගෙන ඇති බවට සාධක ඇත. ක්‍රි.පු.510දි ඉන්දියාවේදි සිනි භාවිතය පැවති බවට සාධක ඇත.ඵම අවධියේදි සිනි සුලභ නොවු බැවින් මිල අධික විය.බැවින් පැණිරස සදහා ලෝකයේ බොහෝ රටවල පැණි භාවිතයට ගැනින.බීටි ශාඛයේ සුදුපැහැති මුල් මගින්ද සිනි ලබාගැනිම සිදුකරන අතර කැනඩාවේ සහ උතුරුදිග ක්සත් ජනපදයේ  මේපල් ශාකයෙන් ලබාගන්නා සාරය මගින් මේපල් සිනි සහ මේපල් පැණි නිෂ්පාදනය කරනු ලැබේ.
උක් වගාව

         තෘණ කුලයට අයත් උක්ශාකය තෘණ අතර යෝධයෙකු ලෙස සැලකෙනවා.සාමාන්‍යයෙන් හොදින් වැඩුනු උක් ශාකයක්  අඩි 10-20 පමණ වන තෙක් උසට වර්ධනය වෙනවා.උක් ශාකයේ කදේ පවතින සීනි සුක්ක්‍රෝස් ලෙස හදුන්වනු ලබනවා.
        උක්දඩු කපාගැනිමෙන් පසු පවතින අපද්‍රව්‍යය ඉවත්කිරිම සදහා හොදින් සෝදා කුඩා කැබලිවලට කපා ,යුෂ ඉවත්කිරිම සදහා ඇඹරිම සිදුකරනු ලැබේ. යුෂ ඉවත් කරගත් පසු ඉතිරිවන උක්දඩු කෙදි කඩදාසි සහ කාඩිබෝඩි සැදීම සදහා අමුද්‍රව්‍යයක් ලෙස යොදාගැනේ.මෙම උක් යුෂවල ඇති අපිරිසිදු අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත්කිරීම සදහා හුණුගල් කතුකර 104°C උෂ්ණත්වයේ වි 20 කාලයක් රත්කලවිට හුණුගල් අපද්‍රව්‍යය හා කතුවි අවක්ෂේපයක් හෝ පාවෙන තටිටුවක් සෑදිම මගින් ඉවත් කරයි. මෙසේ උක්යුෂ රත්කිරිම නිසා සැදෙන අධික සාන්ද්‍රවු උක් ද්‍රාවණය  රික්තක පංකාතුලට යොමු කිරිමෙන් සිනි ස්ඵටික නිෂ්පාදනය වේ.මෙම සිනි ස්ඵටික සහ පැණි ද්‍රාවණය ජලය මගින් සිසිල්වන ස්පටිකකරණයක් තුලට දැමීමෙන් තවදුරටත් සිනි ස්පටික නිෂ්පාදනය වේ. සිනි ස්පටික වලට ඇලි ඇති උක්යුෂ ඉවත්කිරිම සදහා විශාල වියලනයක් උපයෝගි කරගන්නා අතර හිදි අධික වේගයෙන් භ්‍රමණය වීම නිසා යුෂ කොටස යන්ත්‍රයෙන් පිටතට පැමිණෙන අතර සීනි ස්ඵටික වෙනම ක්රැස්විම සිදුවේ. මෙම වෙන්වු යුෂ සත්ව ආහාරයක් ලෙස බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරන රම් , යිස්ටි ද  මධ්‍යසාර හා සිට්‍රික් අමිල නිෂ්පාදනය සදහාද යොදාගනු ලැබේ.
දුඹුරු සීනි

මෙම දුඹුරු පැහැති පිරිපහදු නොකල සිනි ආකාරයෙන්ම භාව්තා කල හැක.සුදුසිනි හෙවත් පිරිපහදු කල සිනි ලබාගැනිම සදහා මෙම‍ දුඹුරු සිනි නැවත උණුසුමි උක්පැණි සමග මිශ්‍රකර ය වෙනත් වියලනයක් තුලට ඇතුල්කර අධික වේගයෙන් භ්‍රමණය වීමට සලස්වනු ලැබේ.විට උක්පැණි ඉවත්වි සීනි ස්ඵටික වෙන්වන අතර ම සිනි පොස්පෝරික් අමිලය මගින් සේදිම නිසා විරංජන ක්‍රියාවලියකට භාජනය වේ.
වෙන්කරගත් උක්යුෂ නැවත රත්කිරිම මගින් හි තවදුරටත් ඉතිරිවි ඇති සිනි ඉවත්කරගැනිම සිදුකරනවා.සිනි ස්පටික උණුසුමි ජලයේ දියවන අතර හුණු ද්‍රාවණයක් ක්කර අතරින් කාබන්ඩයොක්සයිඩ් වායුව හෝ සල්ෆර් ඩයොක්සයිඩි වායුව යැවිම මගින් ද්‍රාවණයේ ඇති හුණු , හුණුගල් බවට පත්වේ. ම හුණුගල් මගින් ඉතිරි අපද්‍රව්‍යයද රදවාගනු ලැබේ.මෙය පෙරාගත් පසු ලැබෙන ද්‍රාවණය නැවතත් කාබන් අංශු වලින් යුත් තටිටුවක් හරහා යැවීමෙන් ඉතිරි වර්ණද ඉවත්කෙරේ.රික්තක පංකා තුල රත්කිරීමෙන් මෙම උකු ද්‍රාවණය ස්ඵටික බවට පත්වේ.රත්කරන පුමාණය අනුව ස්ඵටික කුඩා අංශුවල සිට විශාල කැට දක්වා විවිධ විශාලත්වයෙන් යුක්ත වේ.මේ ආකාරයට සුදුසිනි නිෂ්පාදනය වේ.
සුදු සිනි


              බීටි ශාකයේ සිනි අන්තර්ගතවි ඇත්තේ හි ඇති සුදුපැහැති මුල් වලය.වා පොළවට යටවන සේ වැළලි පවතින අතර සාමාන්‍යයෙන් කුඩා ශාකයක් වන මෙහි 5%ක ප්‍රමාණයක් සිනි අන්තර්ගත වේ.ලෝකයේ වර්තමාන සිනි නිෂ්පාදනයෙන් 20% ක් පමන බිටි ශාකයෙන් නිපදවනු ලැබේ.උක් ශාකයෙන් සිනි නිපදවන ආකාරයට සිනි නිපදවාගැනීම සිදුවන අතර  ඉතිරි අපද්‍රව්‍යය සත්ව ආහාර ලෙස යොදා ගනි.ලෝකයේ විවිධ රටවල සිනි නිෂ්පාදනය සදහා විවිධවු ශාක යොදා ගනි.ඉන්දියාවේ සිනි නිෂ්පාදනය සදහා සමහර තාල වර්ගයේ ශාක භාවිතා කරන අතර දකුණු ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල සිනි නිපදවිම සදහා සෝගමි යොදා ගෙන ඇත.ලෝකයේ සිනි නිෂ්පාදනය කරනු ලබන රටවල් අතර ප්‍රමුඛව සිටිනුයේ බ්‍රසීලය,ඉන්දියාව,යුරෝපා සංගමය,චීනය සහ තායිලන්තය යන රටවල්ය.

උපුටාගැනීම - http://en.wikipedia.org/wiki/system

කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි                                                                                                                                                     

0 comments:

Post a Comment