November 4, 2014

දරුවන්ගේ නිර්මාණ සඳහා පණදෙන Printeer ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය

ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය පොදු භාවිතය සඳහා යොදා ගන්නා තත්වයට වේගයෙන් පත්වේ. මෙතෙක් කල් Crayons (පාටහුණුකූරු) සහ Lego  යොදා ගෙන නිර්මාණ ක්‍රිඩාවේ යෙදුනු දරුවන් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයෙන්ද නිර්මාණ ක්‍රිඩාවේ යෙදෙන කාලය වැඩි ඈතක නොවේ. දරුවන්ගේ මන:කල්පිත නිර්මාණ සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ තාක්ෂණික ප්‍රායෝගික දැණුම (know-how) අතර වු පරතරය පියවීම සඳහා සුදුසු ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමට Mission street manufacture සමාගම කටයුතු කරයි. ඒ සඳහා එම ආයතනය Printeer නම් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකාරීත්වයක් නිර්මාණය කර ඇත. අධ්‍යාපනය, තාක්ෂණය හා ක්‍රිඩාව යන ත්‍රිවිධාංග එක් කිරීමේ ඉදිරි පියවරක් ලෙසද මෙය සැළකිය හැකිය.

පරිගණක ආධාරයෙන් නිර්මාණය හා සැලසුම් කරන ප්‍රවීනයන් විසින් භාවිතා කරන උපකරණයක් ලෙස ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය තවමත් සළකනු ලැබුවද එය වඩාත් ලාභදායී සහ පාරිභෝගිකයන්ට පහසුවෙන් භාවිතා කළ හැකි උපකරණයක් ලෙස වේගයෙන් පරිවර්තනය වේ. ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර භාවිතා කිරීමට අවශ්‍ය උසස් තාක්ෂණික දැණුම ඉවත් කළ හැකි මෘදුකාංගයක් සංවර්ධනය කිරීමට මෙම කාර්යයේ පිටුපසින් සිටිනා Printeer ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර නිෂ්පාදන කණ්ඩායම කටයුතු කරයි. එය කොතරම් පහසුදයත් තත්පර 30 කදී ඔබට එම මෘදුකාංගය ක්‍රියාත්මක කිරීමට ඉගෙන ගත හැකිය.

ප්‍රින්ටරයක් (Printer), iPad සහ W1-F1 සම්බන්ධතාවයක් පමණක් මේ සඳහා අවශ්‍යෙ වේ. Draw app (iOS පමණක්) මෘදුකාංගය install කිරීමෙන් (පිහිටුවීමෙන්) පසුව කුඩා දරුවන්ට විවිධ රූප ඇඳ ඒවායේ භෞතික රූප Printeer මගින්ලබා ගත හැක. මෙහිදී කුඩා දරුවන් තම ඇඟිලි වලින් පරිගණක තිරයේ යමක් ඇඳ මුද්‍රණය කරනු යන විධානය සළකනු කිරීම ප්‍රමාණවත්ය. එවිට තමාගේ චිත්‍රය සක්‍රිය භෞතික වස්තුවක් ලෙස  Printeer යෙන් ත්‍රිමාණ මුද්‍රණය කරන අයුරු දරුවාට විනෝදයෙන් බලා සිටිය හැකිය.
  
මෙම මෘදුකාංගය හා එහි භාවිතයේ අත් දැකීම් වර්ධනය සඳහා දරුවන්ට කලාත්මකව ඇමතීම සදහා හැකියාව ලැබෙන මට්ටම දක්වා Printeer දියුණු කිරීමටMission sheet Manufacturing ආයතනය සමත්ව තිබේ. මෙවැනි සරල රූප මුද්‍රණයට මෙන්ම වඩාත් සංකීර්ණ නිර්මාණ මුද්‍රණය කළ හැකි ලෙස මෘදුකාංගය වැඩි දියුණු කරන බවද සමාගම පවසයි. මීට අමතරව මෙම  Printeer යට සාමාන්‍ය ත්‍රිමාණ ම්‍රද්‍රණ යන්ත්‍රයක් (3D  Printer) ලෙස පරිගණකයෙන් කරණු ලබන නියෝග අනුව කාර්යක්ෂමව ත්‍රිමාණ මුද්‍රණ කටයුතු කළ හැකිය.

උපුටා ගැනීම:- Printeer 3D Printer brings kid’s creation to life  – Nick Lavars

0 comments:

Post a Comment