November 2, 2014

ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය (Ozone Depleting Substances – ODS)


දියුණු වෙමින් පවතින ලෝකයේ මිනිසා විසින් විවිධ කාර්යයන් සඳහා නිෂ්පාදනය කරනු ලබන නොයෙකුත් රසායන ද්‍රව්‍ය හේතුවෙන් ජීවි පැවැත්මට වැදගත්වන ඕසෝන් වියන (Ozone Layer) විනාශ වෙමින් පවතී. සූර්යයාගෙන් ලැබෙන ජීවි පැවැත්මට අහිතකර විවිධ කිරණයන් (පාරජම්බුල-UV)  මිහිතලය මතට වැටීම වලකාලමින් පෘථිවිය ආරක්ෂා කරන වියනක් ලෙස ක්‍රියා කරන ඕසෝන් ස්ථරය විනාශ වීම ජීවි පැවැත්මට විශාල තර්ජනයක් එල්ල කරයි. ඕසෝන් වියන විනාශය නිරීක්ෂණය කරන ලද මුල් කාලයේදි ඉහළ ආකාශයේ ගමන් ගන්නා යානා වලින් නිකුත් වන නයිට්‍රස් ඔක්සයිඩ් ඕසෝන් විනාශය සඳහා හේතුවන බව සැලකුවද මේ පිළිබඳව විවිධ පරීක්ෂණ කටයුතු සිදු කරන ලද විද්‍යාඥයයින් විසින් මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද භාවිතයට ගන්නා රසායන ද්‍රව්‍ය ගණනාවක්  ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය ලෙස හඳුනා ගැනීමට සමත් විය.වැඩි වශයෙන් මේ සඳහා හේතු වන රසායන ද්‍රව්‍ය හැලජනීකෘත හයිඩ්‍රොකාබන් වන අතර විශේෂයෙන් ක්ලෝරීන් ,ෆ්ලෝරීන්,බ්‍රොමීන්, කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු විවිධ රසායන ද්‍රව්‍ය වේ.

ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් (CFC) 

ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්(CFC) යනු කාබන් පරමාණු සමග ක්ලෝරීන් , ෆ්ලෝරීන් පරමාණු  වලින් සමන්විත රසායන ද්‍රව්‍ය කාණ්ඩ ශ්‍රේණියකි. සල්ෆර් ඩයෝක්සයිඩ් සඳහා ආදේශකයක් ලෙස මෙය 1920 දී නිෂ්පාදනය කරන ලද්දේ ශීතකාරක වායුවක් ලෙසය. විෂ සහිත නොවීම(non-toxicity), ගිනිගන්නා සුළු නොවීම( non-flammability), ස්ථායිබව(stability ), තාප අවශෝෂකයක් වීම (heat-absorption effectiveness) යන කරුණු ගණනාවක් නිසා මෙම වායුව 20 වන සියවසේ සොයා ගත් පුදුම වායුව ලෙස හැඳින්වින. මෙම වායුව ප්‍රධාන ලෙස ශීතකාරක වායුවක් ලෙස වායු සමීකරණ යන්ත්‍ර, ශීතකරණ යන්ත්‍ර සඳහා භාවිතයට ගැනින. විවිධ ශ්වසන රෝග (ඇදුම වැනි) සඳහා භාවිතා කරන ඉන්හේලර් (Inhalor) සඳහාද තීන්ත නිෂ්පාදනය, පළිබෝධනාශක වල ඉසින කාරක ලෙසද සුවඳ විලවුන් වර්ග නිෂ්පාදනයේදී (CFC) බහුලව භාවිතා කෙරේ. තවද කාබනික ද්‍රව්‍ය දිය කිරීමට ගන්නා ද්‍රාවකයක් ලෙසද විවිධ ෆෝම් (Foam) වර්ග නිෂ්පාදනයේදීද මෙය භාවිතා කෙරේ.මෙම සියළු නිෂ්පාදනයන් සිදු කිරීමේදී සහ භාවිතයට ගැනීමේදී ඉතා විශාල ලෙස (CFC) වායුගෝලයට නිදහස් වේ.
 ODP –Ozone Depleting Potential - ඕසෝන් ක්ෂයකාරක විභවය - මෙමගින් යම්කිසි රසායන ද්‍රව්‍යයක් මගින් ඕසෝන් ස්ථරයට සිදුවන හානිය ගණනය කරනු ලැබේ. මෙය CFC-11 Trichlorofluoromethane නම් රසායනද්‍රව්‍ය මගින් ඕසෝන් ස්ථරයට සිදුවන හානිය එකක් (1) ලෙස සලකා එයට සාපේක්ෂව ඕසෝන් ස්ථරයට වෙනත් රසායන ද්‍රව්‍ය වලින් සිදුවන හානියට ODP අගයන් ලබා දී ඇත.

CFC ශ්‍රේණියේ රසායන ද්‍රව්‍ය වලට උදාහරණ කිහිපයක් පහත දැක්වේ. 


Chemical Name
Formula
ODP
CFC-11
Trichlorofluoromethane
CCl3F
1.0
CFC-12
Diclorodifluoromethane
(R-12)
CCl2F2
1.0
CFC-113
Trichlorotrifluoroethane
C2Cl2F3
0.8
CFC-114
Dichlorotetrafluoroethane
C2Cl2F4
1.0
CFC-115
Chloropentafluoroethane
CClF2-CF3
0.6

හයිඩ්‍රො ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් Hydrochlorofluorocarbons(HCFC)
 හයිඩ්‍රජන්, ක්ලෝරීන්, ෆ්ලෝරීන් සහ කාබන් පරමාණු වලින් සමන්විත රසායන ශ්‍රේණියකි. හයිඩ්‍රජන් පරමාණුවේ අඩු ස්ථායි බව හේතුවෙන් ඕසෝන් ස්ථරයට හානි වීම සිදුවේ. විවිධ ෆෝම් වර්ග නිෂ්පාදනයේදී, ශීතකරණ , වායු සමීකරණ යන්ත්‍ර  නිෂ්පාදනයේදී මෙන්ම ද්‍රාව්‍ය කාරකයක් ලෙස මෙය භාවිතා වේ.

හේලෝන් (Halon) 

බ්‍රෝමීන්,ක්ලෝරීන්, ෆ්ලෝරීන් හෝ කාබන් වලින් සමන්විත රසායනික ශ්‍රේණියකි. මෙය දහන අපෝෂකයකි. එබැවින් ගිනි නිවීම් උපකරණ සඳහා ලොව බහුලව යොදා ගැනේ. හේලෝන් වල විශේෂත්වය වන්නේ ඉතා ඉහළ ODP අගයක් තිබීමයි. එබැවින් මෙය 2010 වර්ෂයේදී සම්පූර්ණයෙන් භාවිතයෙන් ඉවත් කිරීමට බෝහෝ රටවල් ක්‍රියා කර තිබුණි.

Chemical Name
Formula
ODP
Halon 1211
Bromochlorodifluoromethane
CBrClF2
3.0
Halon 1301
Bromotrifluoromethane
(R-12B1)
CBrF3
10.0
Halon 2402
1,2-dibromotetrafluoroethane
(R114B2)
CBrF2-CBrF2
6.0

කාබන් ටෙට්රා ක්ලෝරයිඩ් (Carbon tetrachloride) CTC /CCl4
 කාබන් පරමාණුවකින් සහ ක්ලෝරීන් පරමාණු හතරකින් සමන්විත රසායන ද්‍රව්‍යයකි. CFC නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙස මෙම රසායනය භාවිතා වේ. කාබනික ද්‍රව්‍ය ද්‍රාවකයක් ලෙසද , පිරිසිදු කාරකයක් (රෙදි පැල්ලම් ඉවත් කිරීම සඳහා) ලෙසද ගිනි නිවීම් උපකරණ සඳහා ද මෙය බහුලව භාවිතා කෙරේ.

Chemical Name
Formula
ODP
CTC
Carbon tetrachloride
Tetrachloromethane
CCl4
1.1
  

මෙතිල් බ්‍රෝමයිඩ් Methyl bromide (MeBr /CH3Br)

බ්‍රොමීන්, හයිඩ්‍රජන් සහ කාබන් පරමාණු වලින් සමන්විත රසායන ද්‍රව්‍යයකි. මෙය කෘෂිකර්මාන්ත ක්ෂේත්‍ර යේ විවිධ කාර්යයන් සඳහා භාවිතා වන රසායන ද්‍රව්‍යයකි. මෙය ඉතා ප්‍රබල පළබෝධනාශකයකි. පාරිභෝගික භාණ්ඩ (කෘෂි ද්‍රව්‍ය) ආනයන හා අපනයන කටයුතු වලදී ධූමායනයට (fumigation), නැව්ගත කිරීම් වලදී ( quarantine applications -නිරෝධායනයට) සහ පාංශු ධූමායනයටද (soil fumigation - පළිබෝධකයින් විනාශ කිරීම සඳහා ) ඉතා විශාල ලෙස යොදා ගනී.


Chemical Name
Formula
ODP
MeBr
Methyl Bromide
CH3Br
0.6



මෙතිල් ක්ලොරෝෆෝම් (Methyl chloroform - C2H3Cl2)

කාබන්, හයිඩ්‍රජන් සහ ක්ලෝරීන් පරමාණු වලින් සමන්විත රසායන ද්‍රව්‍යයකි. මෙහි ද්‍රාව්‍ය පිරිසිදු කාරකයක් ලෙස විවිධ ක්ෂේත්‍ර සඳහා වැදගත් වන බැවින් බහුලව භාවිතා වේ. තවද ඉලෙකේට්‍රොනික් ක්ෂේත්‍රයේ මෙන්ම විවිධ උපකරණ නිෂ්පාදනයේදී යොදා ගන්නා රසායන ද්‍රව්‍යයකි.


Chemical Name
Formula
ODP
Methyl Chloroform
1,1,1-trichloroethane
C2H3Cl2
0.1

 ඉහත සඳහන් ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය භාවිතයට ගැනීමේදී සහ නිෂ්පාදනයේදී විශාල ලෙස වායු ගෝලයට එකතු වීම හේතුවෙන් දිනෙන් දින ඕසෝන් ස්ථයරයට සිදුවන හානිය සහ එමගින් ජීවීන්ගේ පැවැත්මට එල්ල වන විවිධ තර්ජන කෙරෙහි ලෝකයේ විවිධ රටවල වැඩි අවධානයක් යොමු විය. ඕසෝන් වියන රැක ගැනීම සඳහා නීති කෙටුම්පත් සහ විවිධ සම්මුති පැනවීම කෙරෙහි අවධානය යොමු කරමින් ඕසෝන් වියන රැක ගැනීමේ වියානා සම්මුතිය ආරම්භ කරන ලදී. 1987 වර්ෂයේදී මොන්ට්‍රියල් සන්ධානය ආරම්භ කරන ලද අතර ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය භාවිතයට ගැනීම අවම කිරීමට සහ සම්පූර්ණයෙන්ම නවතාලීමට එකඟතාවයන් එහිදී ඇති කරගන්නා ලදී.

 උපුටා ගැනීම්

https://www.ec.gc.ca/ozone/default.asp?lang=En&n=D57A0006-1 
http://www.theozonehole.com/odcs.htm
http://en.wikipedia.org/wiki/Ozone_depletion
ඩී.එස්.උඩහේන්තැන්න

0 comments:

Post a Comment