November 26, 2014

ADSL තාක්ෂණය



ADSL නැතහොත් Asymmetric Digital Subscriber Line යනු රැහැන් සහිත දුරකථන මාර්ග ඔස්සේ දත්ත සන්නිවේදනය කරන තාක්ෂණයයි. මෙමඟින් එකවර දුරකථන ඇමතුමක යෙදී සිටියදීම, අන්තර්ජාලයේ සැරිසැරීමේ අවස්ථාවද පාරිභෝගිකයාට සැලසේ. 






ADSL තාක්ෂණ‍යේදී,                                                                        
  • ඉහල සංඛ්‍යාත පරාසයක දත්ත සන්නිවේදනය සිදුකෙරේ.
  •  Dial up සම්බන්ධතාවයට සාපේක්ෂව, දත්ත සන්නිවේදන වේගය බෙහෙයින් වැඩිය.
  • දුරකථන මාර්ගය භාවිතා වන කාලය සඳහා වෙනම ගාස්තුවක් අය නොකෙරේ.
  • යටි සම්බන්ධතාවයේ(down link) දත්ත සන්නිවේදනය වේගය  උඩු සම්බන්ධතාවයේ(up link) දත්ත සන්නිවේදන වේගය වඩා බෙහෙයින් වැඩිය.
  • දත්ත සන්නිවේදනය සඳහා දුරකථන රැහැන් භාවිතා කරන නිසා වැඩි විෂ්කම්භයකින් යුත්, මලකඩ හා ඔක්සයිඩ් නොබැඳුණු, හොඳින් සවි වූ සන්ධි සහිත රැහැන් මඟින් වැඩි දුරකට සහ වැඩි වේගයකින් දත්ත සන්නිවේදනය සිදුකරයි.   
ADSL සේවාව ලබාගැනීමට මූලික අවශ්‍යතා
  • ස්ථාපිත රැහැන් සහිත දුරකථන සම්බන්ධතාවයක් තිබීම.
  •  දුරකථන හුවමාරු මධ්‍යස්ථානය මඟින් ADSL සේවාව ලබාදීමේ හැකියාව
  • දුරකථන හුවමාරු මධ්‍යස්ථානයේ සිට සේවාව අවශ්‍ය ස්ථානයට ඇති දුර 6Km ට වඩා අඩුවීම.
  • ADSL මෝඩමයක්

ADSL මෝඩම
Dial up මෝඩමවලට වඩා මිලෙන් වැඩි අතර වර්ග කිහිපයකි.
  • ADSL USB මෝඩම - පරිගණකයේ USB port  හා සම්බන්ධ කරන මෝඩම
  • ADSL මෝඩම් රවුටර් -  ඊතර්නෙට් කේබලයක් මඟින් පරිගණකයේ Ethernet  port  හා සම්බන්ධ කරන අතර, එකවර පරිගණක එකක් හෝ කිහිපයක් හෝ සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව ඇත.
  • USB සහ Ethernet යන ports  දෙකටම සම්බන්ධකිරීමේ පහසුකම් සහිත මෝඩම
  • වයිෆයි(WiFi) පහසුකම් සහිත මෝඩම
ADSL ස්පිලටර්/ෆිල්ටර් 
දුරකථන ඇමතුමක යෙදී සිටියදීම අන්තර්ජාලයේ සැරිසැරීමේදී ඇතිවන ඝෝෂාව අවම කිරීමට සහ ඇමතුම විසන්ධිවීම වලක්වා ගැනීමට භාවිතා කරයි.

ADSL සේවාව ලබාගැනීමට,
  •  ADSL මෝඩමය වින්‍යාස(configure) කල යුතුය.
  • අදාල සේවාව සපයන ආයතනය මඟින් ලබාදෙන පරිශිලක නාමය (user name) සහ මුරපදය (password) ඇතුලත් කල යුතුය.
ADSL2, ADSL2+ADSL තාක්ෂණයේ වැඩිදියුණු වූ අවස්ථා ලෙස හැඳින්විය හැක.
  
උපුටා ගැනීම :- 
සහ පොත පත ඇසුරිනි.

සැකසුම : -
ඒ.ටී. පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී,බියගම විදාතා සම්පත් මධ්‍යස්ථානය


0 comments:

Post a Comment