ජීවිතය මරණෙයන් කෙළවර වෙයි.
එබැවින් මරණය ජීවිතයේ සතුරා ලෙස පිළිගැනීමක්ද වෙයි? එහෙත් වෛද්‍ය විද්‍යා පර්යේෂකයෝ
හා භෞත ජීව විද්‍යාඥයෝ මේ පිළිගැනීම අභියෝගයට
ලක් කරති. මේ කණ්ඩායම ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් සහ මේඝඩ්‍රාසෙට් සරසවිවල පර්යේෂකයෝ
පිරිසකි.ඔවුන්ගේ මතය නම් මරණය ජීවයේ සගයෙක් මිසක සතුරෙකු නොවන බවයි.
මේ නිගමනයට එන්නට
ඔවුන්ගේ නිරීක්ෂණ කිහිපයක්ම හේතු වී ඇති බව ඔවුහු ප්‍රකාශ ක රති. එක හේතුවක් නම් සිරුරේ සෛල වර්ගයක් මිය යන
අතර තවත් අලුතෙන් සෛල බිහිවෙමින් වර්ධනය වීමයි. එක්තරා සෛල වර්ගයක් තමන්ම සියදිවි
නසා ගන්නා බවද අවධානය කිරීමට හැකි වී තිබෙන බව ඔවුහු කියති.
ඇතැම් ජාන මරණයට පත්වන
අතර තවත් ජාන දෙගුණ තෙගුණ වෙමින් වර්ධනය වෙයි. මෙය තවත් විස්තර කරන ඔවුන් ගසක මිය
ගිය පත්‍රයක් ගසේ නටුවෙන් ගැලවී බිමට පතිත වෙද්දි අලුතෙන් දලුලා තවත් සෛල හට ගැනීම
උදාහරණයක් ලෙස ගෙන හැර දක්වයි.මේ ක්‍රියාවලිය එසේ සිදුවන්නේ කවර හේතුවක් නිසාද
යන්න විස්තර කිරීම අපහසු බවද ඔවුහු පෙන්වා දෙති. මෙය ඇතැම් විට පැවැත්ම පිළිබද
කාරණයක් විය හැකි යයිද අනුමාන කරති.
එක්තරා සෛල හුදකලා කොට
තබා කළ අධ්‍යනයකදී ඒ සෛල සියල්ලම මිය ගොස් තිබෙනු දක්නට ලැබුණි. එම සෛල වර්ධනය
වීමට අවශ්‍ය සියල්ල තිබියදී ඒවා මිය යාම ඉතාම සංකීර්ණ ස්වභාවික ප්‍රපංචයක් ලෙස
තේරුම් ගන්නට ඔවුහු තව දුරටත් පර්යේෂණ වල යෙදෙති. මරණය හා ජීවිතය එකින් එකට
සාපේක්ෂ පැවැත්මක්ද යන්න නිගමනය මේ පර්යේෂණ හා නිරීක්ෂණ උපකාර විය හැකි යැයි මේ
විශේෂ පර්යේෂක කණ්ඩායමේ විශ්වාසයයි.
ඩිස්කවරි ඇසුරින්
0 comments:
Post a Comment