Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

June 30, 2014

අත්භූත ඈණුම

ඔබ මිලඟට රැස්වීමක සිටින විට මෙම සරල අත්හදා බැලීම සිදු කර බලන්න. විශාල ඈණුමක් අරින්න. පැකිළිමකින් තොරව ඔබගේ මුව වසාගන්න.දැන් බලන්න කී‍ දෙනෙක් ඔබ අනුගමනය කරනවාද? කියා. තීක්ෂණව නිරීක්ෂණය කිරිමෙන් ඔබට දැකගත හැකි වේවි ඇණුම් හැරීමේ දාම ක්‍රියාවලියක්.මෙම ලිපිය කියවා හමාර කිරීමට පෙර ඔබ අඩුම ගණනේ එක් වරක් හෝ ඈණුම් හැරීම සිදුකර තිබෙන බව ඔබ දන්නවාද?‍ අපි ඔබ ව නොමග යැවීමට තැත්කරනවා...

ඇට කෑමෙන් දීර්ඝායුෂ වැඩිවේ

කජු, රටකජු, කොට්ටම්බා, වට්ටක්කා ඇට වර්ග ආහාරයට ගැනීමෙන් දීර්ඝායුෂ ලැබිය හැකි බව බ්‍රිතාන්‍යයේ ආහාර සංවිධානය විසින් කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. රටකජු වැනි ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ශක්තිජනක බීම හා විටමින් පානය කරන අයකුට වඩා දිගු කල් ජීවත්විය හැකි බව ඇමෙරිකාවේ බූස්ටන් සරසවියේ පිළිකා පර්යේෂණ හා නිවාරණ ආයතනයේ වෛද්‍ය චාර්ල්ස් ෆච්ස් පවසයි. ඔවුන් මේ පර්යේෂණය සදහා වසර 20ක කාලයක් පුද්ගලයන්...

පරිසර සමතුලිතතාවයට බලපාන බැලාස්ට් ජල (Ballast Water) තර්ජනය

ලොව පුරා භාණ්ඩ ප්‍රවාහනය බහුලවම සිදුවන්නේ නැව් මගිනි.  නැව් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී නැවේ සමතුලිතතාවය සඳහා යොදා ගන්නා ජලය බැලාස්ට් ජලය ( Ballast Water)  ලෙස හැදින්වේ. ඒ අනුව, එක් එක් වරායන්හිදී භාණ්ඩ පැටවීමේදී හා බෑමේදී ඊට සමානුපාතික ලෙස බැලාස්ට් ජලය ඉවත් කිරීම හෝ පිරවීම මගින් නැවේ සමතුලිතතාවය පවත්වා ගනී. නැවකට භාණ්ඩ පැටවීමේදී එම වරාය ආශ්‍රිත සමුද්‍රයට බැලාස්ට්...

June 27, 2014

ත්‍රිමාණ රූප නිර්මාණය කරන Creo-pop

පසුගිය වසර  තුලදීම Creo-pop  ආයතනයේ නිර්මාණකරුවෝ උණුසුම් (අධික උෂ්ණත්වයක්) නැති ත්‍රිමාණ රූප නිර්මාණය කළ හැකි උපකරණයක් සෑදීමට උත්සහ කළෝය. Wobble works නිපදවු 3 Doodles උපකරණයේ ABS  හෝ PLA  ප්ලාස්ටික් සුත්‍රිකාව මඟින් උණුසුම් කිරීම වෙනුවට නව තාක්ෂණයේ Creo-pop  පෑන සැහැල්ලු සංවේදී තීන්ත භාවිතා කරයි. මෙම තීන්ත පාරජම්බුල කිරණ සඳහා නිරාවරණය වු විට ඝනීභවනය...

ආහාර පාලනය කළත් ශරීර බර අඩු නොවේද?

ස්ථුලතාවය (Obesity) අද ලොව පුරා විශාල සෞඛ්‍ය ගැටළුවක්ව පවතී. ස්ථුලතාවය ලෙස හදුන්වන්නේ ශරීරයේ සාමාන්‍යෙයන් පවතින මේදය ප්‍රමාණයට වඩා වැඩි මේදය ප්‍රමාණයක් තැම්පත් වීමයි. පිරිමියෙකුගේ ශරීර බරින් 25%කට වැඩි ප්‍රමාණයක්ද, කාන්තාවකගේ ශරීර බරින් 35%ට වැඩි ප්‍රමාණයක්ද මේදය තැම්පත් වී තිබේ නම් ඔහු හෝ ඇය ස්ථුලතාවයෙන් පෙලෙන්නෙකු සේ සැළකේ. ස්ථුලතාවය මැන බැලීමට මිනුම් දඩු කිහිපයක් තිබුනද...

සුදු ලූණු ගඳ ප්‍රශ්නයක්ද?

අමිහිරි සුදු ලූණු ගඳ ඔබට අරුමයක් නොමැති බව නිසැකය. ගෙන්දගම් ( සල්ෆර්)  අඩංගු ප්‍රධාන සංයෝග  හතරක් එම දුර්ගන්ධයට හේතු කාරක වේ. සුදු ලූණු අනුභවයෙන් පසු එම සංයෝග රුධිරයට එකතු වී පෙනහළු හා දහඩිය ග්‍රහන්ථි හරහා සිරුරෙන් පිට වේ. නමුත් දුර්ගන්ධයේ තීවුරතාවය ඉන් මද කිදු අඩු නොවේ. පසු ගිය අ‍ප්‍රේල් මස ඔහියෝ(Ohio) රජයේ විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යාඥයන් පිරිසක් විසින් පල කළ...