December 5, 2013

ද්‍රවයක හැඩය මවන බලවන්තයා

කඳු මුදුනක සිට රූරා හැලෙන දිය ඇල්ලක අසිරිය සිහියට නගා ගන්න.
අපූරුයි නේද?
එහි හැඩ වැඩ මැවුයේ කවුරුන්දැයි, ඔබ සිතුවේද?
ඒ සියලු දේ මැවූ මහා බලවන්තයා ගුරුත්වාකර්ෂණය බව ඔබේ දෑසින්ම දැකීමට මෙන්න ඔබට අවස්ථාවක්.

ගුරුත්වාකර්ෂණ බල සීමාව ඉක්මවා ගොස් අභ්‍යවකාශයේදී ජලය උරා ගන්නා කඩදාසියක් හොදින් ජලයෙන් සංතෘප්ත කොට, එය මිරිකාලන අවස්ථාවේදී, ජලය ඉවතට පැමිණ වැටෙන්නට පොළවක් හෝ ආකර්ෂණ බලයක් නොමැති හෙයින්, ඔබේ අත්ල මතුපිට පෘෂ්ඨය දිගේ ජෙලි ස්වභාවයෙන් දිව යන අයුරු විස්මිත නොවේද?

අප දැක ඇති, මහ පොළව මතට ගලා හැලෙන දිය ඇල්ලක් අභ්‍යවකාශයේදී තැනිය නොහැක්කේ, ගුරුත්වාකර්ෂණ බලය මැති බලවන්තයාගේ බලය , එහිදී ශුන්‍ය වන බැවිනි.


http://search.yahoo.com/search;
space and water video
   

0 comments:

Post a Comment