December 5, 2013

සම යට වෛද්‍ය පරීක්ෂණාගාරය

රුධිර සීනි ප්‍රමාණය ,ශරීර උෂ්ණත්වය,රුධිර ධාවනය, හෘද ස්පන්ධන වේගය වැනි වෛද්‍ය පරීක්‍ෂණ තොරතුරු නිරෝගී දිවියක් සඳහා ඉතා වැදගත් වේ. සම තුල තැන්පත් කළ සංවේදකයක් මඟින් මෙම තොරතුරු නිරතුරුව අධ්‍යයනය කර අසාමාන්‍යතා පිළිබඳ වාර්තා ලබාගැනීමට විද්‍යාඥයෝ සමත් වී තිබේ.
මෙම සංවේදකය ශරීර සෞඛ්‍ය පමණක් නොව අපවිත්‍ර වායු වැනි පාරසරික වෙනස්කම්ද හඳුනාගත හැකි ලෙස ප්‍රතිලේඛනය කිරීමට සහ ශරීරයට එන්නත් කළ හැකි සංවේදකයක් ලෙස නිපදවීම පර්යේෂණ කණ්ඩායමේ අවශ්‍යතාවය වෙයි. ශරීරයට එන්නත් කර වසරක් පුරා සම තුල සිටිමින් වෛද්‍ය පරීක්‍ෂණ තොරතුරු ලබාදීමට හැකි අයුරින් මෙම සංවේදකය සැලැසුම් කර තිබේ.
කාබන් නැනෝටියුබ් වලින් සකස් කළ මෙම සංවේදක මීයන් තුල තැන්පත් කර එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ විස්තර MIT ආයතනයේ රසායනික ඉංජිනේරු පර්යේෂක නිකෝල් ඉවසන් විසින් ප්‍රසිද්ධියට පත් කරන තිබේ.

නැනෝ ටියුබ් මේ සඳහා වඩාත් යෝග්‍යය වනුයේ ඒවා අධෝරක්ත ආලෝකයෙන් දීප්තිමත් වන නිසාය. NO (නයිට්‍රික් ඔක්සයිඩ්) සඳහා සංවේදී DNA තුල කාබන් නැනෝ ටියුබ් ඇතුලත් කර, දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව ක්‍රියා කළ හැකි සංවේදක 2 ක් ඉවසන් විසින් සංවර්ධනය කර ඇත. දීර්ඝකාලීන සංවේදකය පිළිකාව, දියවැඩියාව, ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියා, කෘතිම සන්ධි සඳහාද කෙටි කාලීන සංවේදකය ශල්‍යකර්ම වලදී දක්වන ප්‍රතික්‍රියා සඳහාද භාවිතා වේ.


එන්නත් කළ හැකි සංවේදක නිපදවීමේදී DNA වලින් ආවරිත නැනෝ ටියුබ් වලට Polymer එන්නත් කර තිබේ.එනිසා එයට රුධිරය සමඟ සම්බන්ධ වී හෘද වස්තුව, පෙනහළු හරහා ආබාධයකින් තොරව ගමන් කිරීමට හැකි වේ.


 //  JESSE EMSPAK

http://www.youtube.com/watch?v=neIAtvKG_BQ   ඇසුරෙනි.

0 comments:

Post a Comment