December 18, 2013

කැඩුණු ඇට මිදුළු සාදන පෑන (BIO PEN)

3 Doodler සහ Swiss pen වැනි උපකරණ මඟින් සාමාන්‍ය පාරිභෝගිකායාට ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය තම දෑතින් ක්‍රියාත්මක කළහැකි මට්ටමට දියුණු කර තිබේ. විවිධ කේෂේත්‍ර වල නිපුණ පුද්ගලයින්ගේ දෑතේ දස්කම් සෘජුව ත්‍රිමාණ මුද්‍රණයට යොමු කළ හැකි නව උපකරණය දැන් බිහිවෙමින් පවතී. මෙලෙස ශල්‍ය වෛද්‍යවරුන්ගේ භාවිතය සඳහා Bio pen (ජෛව පෑන) නම් උපකරණය ඔස්ට්‍රේලියාවේ වුලොන්ගොන්ග් විශ්වවිද්‍යාලයේදී සංවර්ධනය කර තිබේ. 
Bio pen සාමාන්‍ය පෑනක් ලෙස භාවිතා කළ හැකිය.රෝගියාගේ තුවාල වු ප්‍රාදේශයේ ක්‍රියාකාරි අස්ථි සහ කොමලාස්ථි (Cartilage) ප්‍රතිනිර්මාණය වේගවත් කිරීම සඳහා ශල්‍ය වෛද්‍යවරුන් Bio pen භාවිතා කරනු ඇත. එනම් Bio pen ආධාරයෙන් ශල්‍ය වෛද්‍යවරු ජීවි සෛල සහ වර්ධන සාධක සෘජුව තුවාලය තුළදීම “draw” කරනු ලබයි.

ඇලනෙට් (Alginate) වැනි බහු අවයව ඇතුළත මැඬුණු ද්‍රව්‍ය වෙන්කිරීමට සහ ජෙලිමය බාහිර ස්ථරය ආවරණය කිරීමට Bio pen උපකාරී වේ. වෙන් කිරීමේදී බාහිර සහ අභ්‍යන්තර ස්ථර දෙකම පෑන් තුඩට සම්බන්ධවී තිබේ. තුවාල වු අස්ථි කොටස් පිරවීම සඳහා පෑන භාවිතා කර වෛද්‍යවරයා “draw” කරනු ලැබේ. 
පෑනට සම්බන්ධ අඩු බලැති පාර ජම්බුල (ultraviolet) කිරණ ප්‍රභවයක් මඟින් වෙන් කරන ද්‍රව්‍ය ඝනීභවනය කරයි. ශල්‍ය වෛද්‍යවරයා හානි වු අස්ථි තුල ත්‍රිමාණ සැකිල්ල (Scaffold), ස්ථරයෙන් ස්ථරය සකස් කරන විට ඝනීභවනය වී ඇති නිසා සෛලවලට ආරක්ෂාව සැලසේ.

තුවාලය තුල සෛල තැන්පත් කළ පසු ඒවා වර්ධනය වීම සහ ස්නායු,මාංශපේශී හෝ අස්ථි වල සෛල ලෙස වෙන් වීම මඟින් අවසානයේදී ක්‍රියාකාරී පටක නිර්මාණය වේ. සෛල මෙන්ම වර්ධන සාධක ප්‍රතිවර්ධනය සහ සුවකිරීම සඳහා ඖෂධ තැන්පත් කිරීමට Bio pen උපකරණය භාවිතා කළ හැකිය. මෙම උපකරණය ප්‍රවාහනයට පහසු සහ ශල්‍යාගාරයේදී දෑතින් ක්‍රියාත්මක කිරීමට හැකි ලෙස සකසා ඇති බව නිෂ්පාදකයෝ පවසති.
 
 මෝටර් රථ අනතුරු වලින් අස්ථි හා කොමලාස්ථි වලට සිදුවන හානි නිවැරදිව සැකසීම සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය වඩා යෝග්‍ය බව මහාචාර්ය වොන්ග් පවසයි. 
මහාචාර්ය වොලස් හා පර්යේෂණ කණ්ඩායම විසින් පියවි සෛල සහ බහුඅවයව රසායන විද්‍යාව සමිබන්ධ කර ශල්‍ය වෛද්‍යවරුන්ගේ කටයුතු පහසු කර තිබේ. චිකිත්සාගාර මට්ටමේදී මෙය නිවැරිදිව භාවිතා කිරීම සඳහා මෙල්බෝන්හි ශාන්ත වින්සන්ට් රෝහලේ මහාචාර්ය පීටර් වොන්ග් වෙත වුලොන්ගොන්ග් විශ්ව විද්‍යාල කණ්ඩායම විසින් Bio pen මෑතකදී ලබා දී ඇත.

උපුටාගැනීම :BioPen: A handheld 3D printer for surgeons  By Darren Quick        December 10, 2013

0 comments:

Post a Comment