December 7, 2013

මරණයට තිරිංග යෙදීම

මරණය සහ ජිවිතය අතර රේඛාව මෙතෙක් පිළිගෙන ඇති ආකාරයට වඩා වෙනස් බව වෛද්‍ය විශේෂඥයන් ප්‍රකාශ කරති. ප්‍රබෝධ කිරීමේ විද්‍යාවේ (Resuscitation Science) දියුණුවත් සමඟ මරණයෙන් පැය කිහිපයකට පසුවත් මිනිසුන්ගේ පණ පිහිටුවීමට හැකිවී තිබේ. එනම් හෘද වස්තුවේ ස්පන්ධනය නැවති මියගිය බවට සහතික කර පැය කිහිපයකට පසුව.
හෘද වස්තුවේ ස්පන්ධනය නැවති මෙන් පසු හුස්ම ගැනීම ද නැවතුනු පසු  මියගියා යැයි නෛතිකව සියළු අවස්ථා වලදි සලකනු ලැබේ යැයි ආචාර්ය සදම් පර්නියා පවසයි. ස්ටෝනි බ්‍රෑක්හි නිව්යෝක් ජනපද විශ්වවිද්‍යාලයේ දැඩි සත්කාර ඖෂධ අංශයේ සහකාර මහාචාර්ය පර්නියා එවැනි අවස්ථා වලදි  ඔබට කළ හැකි දෙයක් නොමැති බවද ප්‍රකාශ කළේය.

එහෙත් සෛල මට්ටමේදී මරණය සිදුවන  ක්‍රියාවලිය අනුව මරණය එක් පියවරකින් (එක් වරකින් ) සිදු නොවන බව අධ්‍යනය කර තිබේ. මරණය සත්‍ය වශයෙන් පියවරවල් කිහිපයක සිදුවීමකි. එනම් වර්තමානයේදී අර්ථ දක්වා ඇති පරිදි මරණය සිදුවු පසු, සෛල ඒවායේම ක්‍රියාකාරකම් කිහිපයක් මඟින් ශරීරය මියයාමේ ක්‍රියාවලිය ආරම්භවේ.

මෙම ශරීරය මියයාමේ ක්‍රියාවලියට පැය කිහිපයක් වුවද ගත විය හැකිය. එම කාලය තුලදි මියයාමේ ක්‍රියාවලිය ආපසු හැරවීමේ විභවයක් පවතින බව පාර්නියා පවසයි. හෘද වස්තුවෙන් ශරීරයට ලේ සැපයීම  නැවති විනාඩි කිහිපයක් තුළ ඔක්සිජන් සහ පෝෂණය නොලැබී මොළයේ සෛල ආබාධ වීම මඟින් ස්ථිර මරණයට පත්වේ. මෙය කල් ඉකුත් වු ප්‍රකාශයක් බව දැන් සඳහන් වේ.
හෘද වස්තුව නැවතුන විට මරණයට පත්වීමේ ක්‍රියාවලියේ ආරම්භය පමණක් සිදුවන බව කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාව පිළිබඳ (Neurology) මහාචාර්ය ස්ටෙෆන් මෙයාර් ප්‍රකාශ කරයි. මොළයට ඔක්සිජන් සැපයීම අඩුවී මොළය අබාධයට පත්වීම පියවර කිහිපයකින් සිදුවේ. තත්පර කිහිපයකදි මොළයේ ක්‍රියාකාරකම් වලට බලපායි. එහෙත් සීනි අහිමි වු සෛල ප්‍රතිලේඛනය වී සෛල මියයන පියවරවල් ආරම්භවනුයේ මිනිත්තු කිහිපයකට පසුවය.

කෙනෙකුට ඔක්සිජන් නොලබුණු විට ශරීරයේ ඇතිවන විශාල සංඥා ප්‍රමාණයක් මඟින් සෛල වලට මියයායුතු බව දන්වනු ලැබේ. එම නිසා එම ප්‍රතිලේඛන සුලු වශයෙන් වෙනස් කර මියයාමේ ක්‍රියාවලියට තිරිංග යෙදීමේ හැකි අවස්ථාවක් සැලසෙන බව පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ හදිසි අනතුරු ඖෂධ පිළිබඳ මහාචාර්ය ලාන්ස් බෙකර්ගේ අදහසයි.


මොළය සහ හදවත නිශ්චල වී පැය කිහිපයකට පසු මොළයේ ආබාධයකින් තොරව හෝ සුලු ආබාධයක් පමණක් සහිතව නැවත සුවය ලැබු සත්‍ය අවස්ථාවලදී ඒ සඳහා දැඩි සත්කාර සහ Hypothermia (හයිපොතමියා) බලපෑ බව විශේෂඥයන් සඳහන් කරති.
Hypothermia යනු අස්වාභාවිකව ශරීරයේ අභ්‍යන්තරයේ උෂ්ණත්වය සාමාන්‍ය වන 98.6 F  වඩා අංශක කිහිපයකින් අඩු තත්වයකට පත්වීමයි. මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩුකර මොළය ආරක්ෂා කිරීමට සහ සක්‍රිය වු සෛල මියයාමේ මාර්ගය ඉවත් කිරීමට Hypothermia ට හැකි බව අධ්‍යයන වලදී හඳුනාගෙන තිබේ.
ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය පහල මට්ටමකින් පවත්වා ගැනීමෙන් හෘදවස්තුව නිශ්චල වු රෝගීන් බේරා ගැනීමේ හැකියාව ඇති නමුත් ඒවාට සීමාවන් ඇති බව විශේෂඥයන් තවදුරටත් පවසති.

උපුටාගැනීම:
http://www.youtube.com/watch?v=7AHpqstcDEk

0 comments:

Post a Comment