December 26, 2013

ඩෙංගු මඬිමු

විද්‍යාඥයින් සහ බ්‍රසීලය ජානමය වශයෙන් නවීකරණය කළ මදුරුවන්, ඩෙංගු කාරක මදුරුවන්  බහුල ප්‍රදේශවලට නිදහස් කිරීම ආරම්භ කර තිබේ. එනම් ජානමය වශයෙන් නවීකරණය කරන ලද පිරිමි මදුරුවන් මගින් ඩෙංගු කාරක මදුරු(ඊඩීස් ඊප්තායි/Aedes aegypti) ජනගහනය අඩුකර ඩෙංගු රෝගය මැඬලීමට බ්‍රසීලය ක්‍රියාකරන බව වාර්තා වේ.මෙම නව නිර්මාණත්මක එහෙත් විවාදයට තුඩු දෙන ක්‍රියාව මාරාන්තික  ඩෙංගු රෝගය වැළැක්වීමට ගත් උත්සාහයකි. ලොව පුරා වසරකට මිලියන100 කට ආසන්න ප්‍රමාණයකට ඩෙංගු රෝගය වැළඳෙන බව ලෝක සෞඛ්‍යය සංවිධාන වාර්තා වල දැක්වේ.
 ඩෙංගු රෝගය බෝ කරන මදුරුවන් විනාශ කිරීම සඳහා විද්‍යාඥයන්  විසින් ජානමය වශයෙන් නවීකරණය කරන ලද පිරිමි ඊඩීස් ඊප්තායි මදුරුවන් දහස් සංඛ්‍යාවක් සතියකට දින තුනක්  මදුරුවන් ඇති ප්‍රදේශවලදි නිදහස් කරන ලදී. (ඩෙංගු රෝගය බෝ කරන්නේ ඊඩීස් ඊප්තායි මදුරුවාගේ  ගැහැණු සතායි) මෙම ජානමය වශයෙන් වෙනස් පිරිමි මදුරුවන් නිසා බිහිවන ඊඩීස් ඊප්තායි මදුරුවන් ඩෙංගු රෝගය ව්‍යාප්ත කිරීමට හැකි මට්ටමට වර්ධනය වීමට පෙර මිය යයි. ඒනිසා ඉතා සිඝ්‍ර ලෙස මදුරු ජනගහනය අඩුවෙයි.

බ්‍රසිලයේ පිහිටි දුෂ්කර ගම්මානයක ප්‍රජාව ඩෙංගු රෝගයෙන් මෙන්ම මදුරු වසංගතයෙන් ගැලවීම සඳහා ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කළ හැකි සියළු දේ කර තිබේ. මෙම නව ක්‍රමයේ සුදුසු හෝ නුසුදුසු  බව පිළිබඳව පුර්ණ අවබෝධයක් නොතිබුණු ගම්වාසීන් මුලින් එයට විරුද්ධතාවය පළ කරන ලදි. එහෙත් ඔවුන් දැන් එම ක්‍රමයේ නියම කොටස්කාරයන් වී තිබේ. ජානමය වශයෙන් වෙනස් මදුරුවන්  නිදහස් කිරීමෙන් භායානක ප්‍රතිඵල ගෙනදේ යැයි මුලින් සිතුවද එමඟින් විශාල යහපතක්  සිදුවු බව ඔව්හු පවසති. ඇත්ත වශයෙන් නවතම ප්‍රතිඵල වලින් ඩෙංගු රෝගය මැඩලීමට මෙන්ම මදුරු කරදරයෙන් බේරීමට මෙම විද්‍යාත්මක නිර්මාණය  ඔවුන්ට අනපේක්ෂිත උපකාරයක් කර ඇති බව පැහැදිලි වේ. මාස 06ක් වැනි සුළු කාලයකින් ඩෙංගු කාරක මදුරුවන් ප්‍රමාණය 90% කින් පමණ අඩු වී තිබේ.

ජානමය වශයෙන් නවීකරණය කරන ලද පිරිමි මදුරුවන් බෝකිරීම ගමිමානයෙන් ඈත්ව පිහිටි විද්‍යාගාරයේදී සිදු කර තිබේ. ප්‍රතිකාර ක්‍රමයේ සාර්ථකත්වය නිසා විවිධ රටවල හා ප්‍රදේශවල ඩෙංගු රෝගය මැඩ පැවැත්වීම සඳහා දැනට සතියකට මිලියන 04 ක මදුරුවන් ප්‍රමාණයක් විද්‍යාගාරයේදී අභිජනනය කෙරේ. එහෙත්  මදුරුවන් වැඩිවිය දක්වා වර්ධනය කිරීමට පෝෂණය කිරීම පහසු ක්‍රියාවලියක් නොවේ. කපු කොට්ට (Cotton pad)  වලට මුලින් මිනිස් සුවඳ එක්කර ඉන් පසු ඒවා රුධිරයෙන් පොඟවනු ලැබේ. අවසානයේ දී කපු කොට්ට ශරීර උෂ්ණත්වයට උණුසුම්කර කුඩා මදුරුවන්ගේ පෝෂණය සඳහා ලබා දෙනු ලැබේ.
 
ස්වභාව ධර්මය මිනිසා විසින් මෙලෙස පාලනය කිරීමට උත්සහ කිරීම සම්බන්ධ වර්තමානයේ දෘශ්‍ය නොවන නමුත් අනාගතයේදි විය හැකි යැයි කල්පිත හානි  පිළිබඳව මත පළ වුවද  මෙම ක්‍රියාවලියේ නියතු විද්‍යාඥයන් පවසන්නේ මෙය ජුරාසික්  උද්‍යානය (Jurassic park) නොවන බවයි. Jurassic park යනු ලොව ජනප්‍රිය වු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියකි. විද්‍යා ප්‍රබන්ධ තරම් සිඝ්‍රයෙන් විද්‍යාත්මක  නිර්මාණ බිහිවීම හෝ වර්ධනයවීම සිදු නොවේ. විද්‍යාගාර තුළදී  මදුරුවන් පිළිබඳ විශාල  ලෙස අධ්‍යයනය කර ඇති බැවින් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම පිළිබඳව සහ ඒවායින් පරිසරයට හෝ මිනිසුන්ට හානියක් නොවන බව ස්ථිර බවද විද්‍යාඥයෝ පවසති. මෙහිදී පිරිමි මදුරුවන් පමණක් නිදහස් කරන බවත් පිරිමි මදුරුවන් ගැහැණු මදුරුවන්ට වඩා ප්‍රමාණයින් කුඩා නිසා වෙන් කර ගැනීම පහසු බවත් සඳහන් කරති.

බොහෝ රටවල් සමස්ථ ක්‍රියාවලිය කෙරෙහිම තදින් අවධානය යොමු කර ඇති අතර තවත් රටවල් මෙම ක්‍රමය භාවිතා කරති.පර්යේෂකයෝ ජානමය නවීකරණය මඟින් මැලේරියා රෝගය පිටු දැකීම සඳහා මැලේරියා රෝගකාරක මදුරුවන් සම්බන්ධ පරීක්ෂණ පවත්වති. ස්පාඤ්ඤය තම රටේ පළතුරු වගාවට හානිකරන මැස්සන් පාලනයට මෙම ක්‍රමය භාවිතා කිරීමට සැරසේ. මෙම ගම්වාසීන් සමාජයේ බහුල ඩෙංගු වැනි මරාන්තික රෝග තුරන් කිරීම සදහා නව ක්‍රමයක් ඇති කිරීමට ලොව බොහෝ අභියෝග හමුවේ නිර්භයව මුහුණ දුන් කුඩා ප්‍රජාවක් ලෙස යම් දිනෙක සනිටුහන් විය හැකිය.

උපුටාගැනීම:

1 comments:

Post a Comment