December 4, 2013

අක්ෂර දෝෂ නැතුව ලියන smart pen



අපි මේ පැනෙන් ලියනවිට කුමන හෝ අක්ෂර දෝෂයක් සිදුවුවහොත් පැන කම්පනය වී
(Vibrate)  බව අපිට දන්වනවා. ලියනවිට වෙන චලන හා පැන පොත මතුපිට පවතින කාල සිමාවන් අනුව තමා ඉලෙක්ට්‍රොනික් පෑන අපි ලියන අකුර හඳුනා ගන්නේ. ඉංග්‍රීසි භාෂාවට (English language ) නම් මෙම ගැජ්ට් එක හොඳට වැඩ කරනවා කියලා නිර්මාපකයන් පවසනවා.
ඔවුන් ඉලෙක්ට්‍රොනික් පෑන නිෂ්පාදනය කරලා තියෙන්නෙ පෙර පාසල් යන පොඩි කට්ටිය ඉලක්ක කරගෙන. නමුත් දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගෙන ගන්න සහ භාවිතා කරන අයටත් මෙම ඉලෙක්ට්‍රොනික් පෑන(smart පෑන) ගොඩාක් ප්‍රයොජනවත් වෙයි.

චාරු ලේඛනය (calligraphy) සහ අක්ෂර වින්‍යාසය (orthography) යන නම් වලින් වර්ග දෙකක් තියෙනවා. අක්ෂර වින්‍යාසය වර්ගයේ smart පෑන අක්ෂර දෝෂ සඳහා එක් වරක් කම්පනය වෙනවා ව්‍යාකරණ වැරදි වලට දෙවරක් කම්පනය වෙනවා, ඒවුනාට චාරු ලේඛන වර්ගය කම්පනය වෙන්නේ වැරදි සහ අපැහැදිලි අක්ෂර සඳහා පමණයි.

Smart පෑන පරිගණක වලට සම්බන්ධ කරන්නත් පුලූවන්.LERNSTIFT මෘදුකාංගය භාවිතා කරලා නවකයන්ගේ භාෂාව ඉගෙනීමේ මට්ටම දැන ගැනීමට හැකිවෙනවා.ආකර්ශනීය පාට වලින් හා විවිධ ප්‍රමාණයේ තුඩුවලින් smart පෑන නිර්මාණය කර තියෙනවා. දැනට ඉංග්‍රීසි සහ ජර්මන් භාෂාවලින් පමණක් සකස්කර තිබුණත් ඉල්ලුම අනුව වෙනත් භාෂාවලටත් සකස් කරන බව පවසනවා


උපුටා ගැනීම   http://www.lernstift.com/index_en.html#.Up7vmia6bIV

0 comments:

Post a Comment