December 3, 2013

මතකය අමතක කිරීම

යුධවිරුවන් වාහනයක backfiring ශබ්දයෙන් තිගැස්සීම, සුවය ලබන මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් එක්වරම තම පුරුදු මත්ද්‍රව්‍ය වලට ලොල්වීම වැනි සිදුවීම් වලට හේතු වූ පොදු එක් දෙයක් ඇත.එනම් අතීත හොල්මන් සහිත පුද්ගලයන් ඔවුන්ගේ අමිහිරි මතක වල සිරකරුවන් වීමයි. නව සොයා ගැනීමකට අනුව මෙම අමිහිරි මතක නිරුද්ධ කිරීමේ හැකියාවක් පවතී.

MIT ආයතනයේ අධ්‍යයන වලදී Tet 1 ලෙස නම් කළ ජානයක් මතකය අමතක කරවීමේ ක්‍රියාවලියකට පහසුකම් සපයන බව හඳුනාගෙන තිබේ. පරීක්‍ෂණයේදී මීයන් කූඩුවකට දමා විදුලි සැර වලට භාජනය කළේය. මෙම ක්‍රියාව නැවත නැවත සිදුකර කූඩුවේ විදුලි සැර ඇති බව මීයන්ට අවබෝධ කරවන ලදි. පුහුණුවෙන් පසු මීයන් නැවත මෙම කූඩුවට දමන ලද නමුත් මෙවර විදුලි සැර ක්‍රියාත්මක

නොකළේය.එමඟින් කූඩුවේ විදුලි සැර නොමැති බවට නව මතකයක් ඇති කරන ලදි. Tet 1 ජානය ඉවත් කර තිබූ මීයෝ කිසිදු විදුලි සැරයක් නොවැදී වුවද මෙම කූඩුවේ සිටීමට භිය වූහ. එහෙත් Tet 1 සාමාන්‍ය තත්වයෙන් පැවති මීයෝ මෙම කූඩුවට භිය නොවූහ.

MIT ආයතනයේ අධ්‍යක්‍ෂ ලිං හුයි මසායි පවසන්නේ Tet 1 ජානයේ දෝශ සහිත සතුන් තම භියජනක මතකය හීන කිරීමට අසමත් වූ බව මෙමඟින් උගත් බවයි. එලෙසම බියජනක මතකය අමතක කිරීමට නව මතකයක් නිර්මාණය කළ යුතු බවත් නව මතකය, පැරණි මතකය හා තරඟ කර එය ජයගන්නා බවත් ඔහු සඳහන් කරයි.

සියලු ස්ථාපිත නීති හා රෙගුලාසි යටතේ ඉතා සංකීර්ණව මෙම පරීක්‍ෂණ ක්‍රියාත්මක කර තිබේ. Tet 1 ජානය සම්බන්ධ මෙම පරීක්‍ෂණ වල අතුරු ආබාධ ඇතුලු බොහෝකරුණු පිළිබඳ පර්යේෂණ ක්‍රියාත්මක වේ.

උපුටාගැනීම

Bad Memories Could Be 'Erased' 

 //  PAUL GREENBERG
http://www.youtube.com/watch?v=YVoyxZc0NrA    

0 comments:

Post a Comment