ළදරුවාගේ සුව සෙත සලසන සංවේදී Owlet මේසය ළදරුවාගේ වැදගත් සෞඛ්‍යමය කරුණු පාදය තුළින් නිරීක්ෂණය කරයි.එම නිරීක්ෂණ දත්ත ලෙස Blue tooth මඟින් අන්තර්ජාල සම්බන්ධතා සහිත ජංගම දුරකථනයට සම්ප්‍රේෂණය කරනු ලැබේ. එමඟින් දෙමව්පියන්ට දරුවාගේ සමේ උෂ්ණත්වය, හෘද ස්පන්දනය, රුධිරයේ ඔක්සිජන් මට්මට සහ නිදා සිටින ඉරියව්ව (සෑම මොහොතකම) පිළිබඳ තොරතුරු ලබාදේ. ළදරුවාගේ පෙරළීම් ගැන තදින් අවධානය යොමු කිරීමටද හැකිය. Owlet මේස් වෛද්‍ය හෝ රෝග නිශ්චය කරන උපකරණයකට වඩා ළදරුවාගේ ක්‍රියාකාරකම් සහ නිරෝගි බව පිළිබඳව විමසිලිමත්ව සිටිමින් දෙමව්පියන්ට සහය වන උපකරණයකි. එනිසා දෙමව්පියන්ට ළදරුවා ආරක්ෂා කර ගැනීමේ මුලික ක්‍රියා අතපසුවීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකිය.
උමා බ්‍රිම්හැම් තරුණ විශ්ව
විද්‍යාලීය සිසුන්ගේ
නිර්මාණයක් වන මෙය දැනට
මහජන ආධාර වැඩ සටහන් (ස්වාධීන) සඳහා යොදා ගනු ලබයි. Owlet ආයතනයේ ප්‍රධාන විධායක
නිළධාරී කර්ට් වොල්මන් Owlet මේස් නිෂ්පාදන කාර්යයට
එක්වරම කැමති විය. නොමේරු ළදරු උපත ලැබු ඔහුගේ
නිවුන් බැණාවරුන් දෙදෙනාගෙන් එක් ළදරුවකු හදිසි මරණ
අනතුරකින් මියගියේය. හදිසි මරණ සහලක්ෂණය {Sudden Infant Death Syndrome (SIDS)} නම් මෙවැනි මරණ වලට ළදරුවා නිදියන ඉරියව්වල
සම්බන්ධතාවයක් ඇති බවද පැවසේ. ඒ නිසා වෛද්‍යවරු ළදරුවා මුහුණ උඩු අතට සිටිනසේ නිදි කරවන මෙන්ද මුණින් අතට නිදිය ගැනීමෙන්
වළක්වන මෙන්ද දෙමව්පියන්ට උපදෙස් දෙති.
දරුවාගේ කකුළ
වටා ඇති Owlet මේස් මුළු
රාත්‍රිය පුරාම ළදරුවා නිදා සිටින
ඉරියව් පිළිබඳ සුපරික්ෂාකාරීව සිටිමින් අනතුරුදායක තත්වයක් මතුවුවහොත් දෙමව්පියන්ට
ක්ෂණිකව දන්වන බැවින් ළදරුවා ට ආරක්ෂාව මෙන්ම දෙමව්පියන්ට
සැනසිලිදායක නින්දක් ලබාදේ. ළදරුවා මුනින් අතට පෙරලෙන විට මෙමඟින් නලා
ශබ්දයක් පිටවේ.(අනතුරු සඥාවක්) ඉතා සියුම් LED බල්බ උපයෝගී කරගෙන මේස
තුළ ඇති සවිධි සංවේදි මීටරයක් (Pulse oximeter)
මඟින් ළඳරුවාගේ වැදගත් සෞඛ්‍යමය තොරතුරු මනිනු ලැබේ.
මෙහිදි හානිකර නොවන කිරණ පටක තුළින් ගමන් කරවා උරාගත් කිරණ ප්‍රමාණය අනුව රුධිරයේ
ඔක්සිජන් ප්‍රමාණය සහ සෞඛ්‍ය තොරතුරු ලබා
ගනී.
මෙම තොරතුරු
ජංගම දුරකථනයට හෝ පරිගණකයට සම්ප්‍රේශණය කර අවකාශය වෙත
මුදාහැරිය හැකි නිසා දෙමව්පියන්ට ලොව කුමන ස්ථානයක සිට හෝ තම දරුවාගේ සනීපාරක්ෂාව
සොයා බැලිය හැකිය. දැනට අවුරුද්දට අඩු ළදරුවන් සඳහා Owlet මේස් නිර්මාණය කර ඇතත් ඉදිරියේදී අවුරුදු
02 ට අඩු ළදරුවන්
වෙනුවෙන්ද නිර්මාණය කිරීමට බලාපොරොත්තුවේ. මෙය තවදුරටත් සංවර්ධනය
කිරීමට මෙන්ම මිල අඩුකිරීමට ද කටයුතු කරන බව නිෂ්පාදකයෝ පවසති.
September
11, 2013
0 comments:
Post a Comment