මදුරුවන් විකර්ෂණය කිරීමට සම මත තවරන ආලේපන වල ගන්ධයට ඔබ අකමැතිවූවා නම්, මින්ට් හෝ කැරමල් සුවඳැති වඩාත් කාර්යක්ෂම
මදුරු විකර්ෂක ආලේපන ලබා ගැනීමට ඉදිරි අනාගතයේදී ඔබට අවස්ථාව ලැබෙනු ඇත.
මදුරුවන්ගේ
හිසෙන් එළියට නෙරා ඇති සංවේදක කොට්ටාහී (Sensing pads) ඇති විශේෂිත නියුරෝන හරහා (ස්නායු සෛල)
මදුරුවන් උගුලකට හසුකර ගැනීමට පුළුවන. කැලිෆෝනියා රිවර්සයිඩ් විශ්ව විද්‍යාලයේ
ස්නායු ජෛව විද්‍යාඥ ආනන්ද සන්කර් රේ පවසනුයේ, දීර්ඝ කාලයක් තුළ අප සිතා ගෙන සිටියේ
මදුරුවන්ගේ සංවේදක කොට්ටාහි ඇති විශේෂ නියුරෝන මඟින් හඳුනාගත හැක්කේ අප ප්‍රශ්වාස
කරන CO2 (කාබන්ඩයොක්සයිඩ්) පමණක් බවයි. නමුත් මේ අදහස වෙනස් වුයේ
උපාධි අපේක්ෂක සිසුවියක් විසින් දීර්ඝ ඇවිදීමකට පසුව තම පාදවල ගන්ධයට මදුරුවන් ප්‍රතිචාර
දක්වනු දැක ඉන් මවිතයට පත්වීමෙන් අනතුරුවයි.
මෙම අදහස පරීක්ෂා කිරීමට පර්යේෂණ කණ්ඩායම
මදුරුවන්ගේ cpA නමින් හඳුන්වන නියුරෝන වලට ඉතා කුඩා ඉලෙක්ට්‍රෝඩයක්
සම්බන්ධ කරන ලදී. මදුරුවන් පාදවල ගන්ධයට නිරාවරණය කළවිට, CO2 නොමැති වුවද නියුරෝන උද්දීපනය වන අයුරු
දක්නට ලැබුණි. එමෙන්ම cpA නියුරෝන
ක්‍රියාකාරිත්වය අක්‍රිය මදුරුවන් සුළං කුටීරයක් තුළදී පාදවල ගන්ධය කවන ලද පබළු
(බීඩ්ස්) වෙත ආකර්ෂණය වීම සිදු නොවිණි. සම්පුර්ණ ක්‍රියාකාරීත්වය සහිත cpA නියුරෝන ඇති මදුරුවන්ගේ මෙම ගැටළුව
නිරීක්ෂණය නොවිණි. මෙමඟින් යෝජනා වුයේ මිනිස් සිරුරෙන් නිකුත්වන ගන්ධයන්ට cpA නියුරෝන සංවේදී බවයි. අප විශ්වාස කරනුයේ
මෙම නියුරෝන ප්‍රශ්වාසිත වාතයේ ඇති CO2 යම්තාක්
දුරක සිට නිර්ණය කරන අතර, අදාල
පුද්ගලයා වෙත සමීප වීමත් සමඟ සමෙහි ගන්ධය හදුනා ගැනීමෙන් බාහු, පාද සහ අනෙකුත් ශරීර කොටස් වෙත මදුරුවන් මඟ
හඳුනාගන්නා බව යැයි විද්‍යාඥ රේ පවසයි.
DEET
(N,N-Diethyl-meta-toluamide) වැනි පොදු විකර්ෂක මඟින් ඉලක්ක
කරනුයේ මදුරුවන්ගේ ආඝ්‍රාණ සංවේදක නියුරෝන වන අතර එමඟින් ගන්ධයන් හඳුනා ගැනුනද CO2 (කාබන්ඩයොක්සයිඩ්) හඳුනාගැනීම සිදුනොවේ. එහි ක්‍රියාකාරීත්වය කෙටි පරාසයක්
තුළ පමණක් සිදුවන අතර, මිළ අධික
මෙන්ම, අප්‍රසන්න
ගන්ධයට අමතරව, මැලේරියාව, කහ උණ, ඩෙංගු වැනි මදුරුවන් ආශ්‍රිතව බෝවන රෝග ව්‍යාප්තව
ඇති දිළිදු උපසහරා සහ ආසියානු රටවල දිනපතා භාවිතා කිරීමද කළ යුතුවේ. මදුරුවන්ගෙන්
ආරක්ෂා වීමට භාවිතා කරන අනෙක් ආරක්ෂිත ක්‍රමය වනුයේ ප්‍රොපේන් දහනය හෝ වියළි අයිස්
දියකිරීම මඟින් CO2 නිකුත් කිරීමට සැලැස්වීම වුවද, එහි නඩත්තුව අපහසු වනුයේ මිළ අධික වායු
සැපයීමේ යන්ත්‍රණය නිසයි.
අළුතින් සොයාගනු ලැබු ද්විත්ව සංවේදි
හැකියාව සහිත cpA නියුරෝන වල ක්‍රියාකාරීත්වය උපයෝගි කරගෙන වඩාත්
ඵලදායි මෙන්ම ආකර්ෂණිය මදුරුවන් පාලනය කරන ක්‍රමයක් ඉලක්ක කරගත් රේ සහ ඔහුගේ
කණ්ඩායම අඩ මිලියනයකට ආසන්න රසායනික සංයෝග සංඛ්‍යාවක් පරිගණක වැඩසටහනක් හරහා අධ්‍යනය
කරනු ලැබුවේ CPA නියුරෝන
වල ක්‍රියාකාරත්වයට බලපෑමක් ඇති කළ හැකි ව්‍යුහයන් හඳුනා ගැනීම සඳහායි. පරිගණක වැඩ
සටහනෙන් හඳුනා ගත් සංයෝග දහසක් අතුරෙන්, මදුරුවන් ආකර්ෂණය කරගන්නා උගුලකට යොදාගත
හැකි සංයෝග 138 ක් වෙන්කර ගැනීමට හැකි වු
අතර ප්‍රසන්න සුවඳකින් යුක්ත මෙම සංයෝග නිපදවීම ලාභදායක වන අතර ආහාර හා සුවඳකාරක
සඳහා යොදා ගැනීමට ආරක්ෂිත බවට දැනටමත් අනුමත කර ඇති ද්‍රව්‍යයන්වේ. මේ එක් එක්
සංයෝගයන් සඳහා මදුරුවන්ගේ cpA නියුරෝන දක්වන උත්තේජනයන් පරීක්ෂා
කිරීමෙන් අනතුරුව වඩාත් කාර්යක්ෂම සංයෝග පමණක් මිනිස් සම මත ආලේප කිරීමට හෝ ආකර්ෂණ
උගුල් සඳහා භාවිතා කිරීම සිදු කරන ලදි.
වඩාත් කාර්යක්ෂම විකර්ෂකය වුයේ එතිල්
පයිරුවේට් ( Ethyl
pyruvate ) ය. පළතුරු රම් හෝ කැරමල් රසය බීඩ්ස් වලට
ගෙන දෙන මෙය භාවිතය ආරක්ෂිත බවට තහවුරු වී ඇත. ඊට ප්‍රතිවිරුද්ධ වශයෙන් වඩාත්
ආකර්ෂණීයම සංයෝගය වුයේ සයික්ලොපෙන්ටනෝන් (Cyclopentanone) ය. මින්ට් සුවඳැති මෙම රසායනිකය Chewing gum වල සහ සුවඳ විලවුන් වල අඩංගු වේ. මෙම
රසායනික ද්‍රව්‍ය වෙත CO2 නොමැති වුවද මදුරුවන් ප්‍රබල ලෙස ආකර්ෂණය
විය. ඊ ළඟ පියවර වුයේ දැනට භාවිතා කරන ක්‍රම හා සංසන්දනය කළවිට මෙම සංයෝග දෙක
කෙතරම් ඵලදායිද බව පරීක්ෂා කිරීමයි.
"අපේ බලාපොරොත්තුව යම් දිනක මෙම
සංයෝග දෙක දෙයාකාරයකින් ප්‍රයෝජනයට ගැනීමයි. පළතුරු සුවඳැති එතිල් පයිරුවේට් ( Ethyl pyruvate) වැනි විකර්ෂකයක් ළඟ සිටින මදුරුවන්ගෙන්
මිනිසාව ආරක්ෂා කරන අතර නිවසේ කොනක තැනු මින්ට් සුවඳැති Cyclopentanone උගුලක් මඟින් මදුරුවන් උගුලකට හසුකර
ගැනීමට හැකිවනු ඇත." ස්නායු ජෛව විද්‍යාඥ ක්‍රෙග් මොන්ටෙල් පවසනුයේ විද්‍යාඥ
රේ ගේ මෙම සොයා ගැනීම මදුරුවන් පාලනයට යොදා ගන්නා නව ක්‍රම එකතුවකට පදනම සපයන
බවයි. ඔහු තව දුරටත් පෙන්වා දෙනුයේ විවිධ වර්ගයේ ආඝ්‍රාණ සංවේදක නියුරෝන තවදුරටත්
අධ්‍යනය කළ යුතු අතරම සමේ උණුසුම් බව හඳුනා ගන්නා නියුරෝන පිළිබඳ අධ්‍යනයන්
තවදුරටත් පුළුල් කළයුතු බවයි.
New Scientist ඇසුරෙනි.
http://www.newscientist.com/article/dn24710-look-to-mosquito-smell-neurons-to-find-new-repellents.html#.UsFBS_2IrIU
උපුටා ගැනීම
05 December 2013 by Alyssa BotelhoNew Scientist ඇසුරෙනි.
http://www.newscientist.com/article/dn24710-look-to-mosquito-smell-neurons-to-find-new-repellents.html#.UsFBS_2IrIU
0 comments:
Post a Comment