December 17, 2013

ඝෝෂාකාරි නොවන නිවේදන

ගුවන් තොටුපළ, දුම්රිය නැවතුම්පළ,බස් නැවතුම්පළ වැනි ස්ථාන බොහෝ ඝෝෂාකාරිය ඒවායේ නිසල බවක් අපේක්ෂා කළ හැකිද? අඛණ්ඩව ඇසෙන වෙඩි මුර මෙන් මහජන ඇමතුම් ක්‍රම මඟින් මහජනයාට  ලබාදෙන නිවේදන මහා හඬකින් නිකුත් වේ. මෙමඟින් ඇතිවන මහජන පීඩාව අඩු කිරීම සඳහා එඩින්බොරෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් නව ක්‍රමයක් සංවර්ධනය කිරීමට උපකාර කර තිබේ.නව ක්‍රමය මඟින් අඩු ශබ්දයකින් එහෙත් වඩාත් පැහැදිලිව නිවේදන ලබාදිය හැක.

ඝෝෂාකාරි පරසරයක් තුල වාචික පණිවිඩ තේරුම් ගැනීමට පණිවිඩකරුගේ ප්‍රකාශයේ ඇතුළත් සියළු වචන ඇසීමට අවශ්‍ය නැති බව පර්යේෂකයෝ සඳහන් කරති. එවැනි අවස්ථාවලදී මිනිසුන්, ප්‍රකාශයේ ඇසීමට පහසු කොටස් (වචන) පමණක් පාදක කොටගෙන ඒවායේ වාක්‍ය සහ අදහස නිගමනය කර ගනී.

මෙම ප්‍රායෝගික තත්වයය හඳුනාගෙන විද්‍යාඥයන් විසින් ගණිතමය පරිගණක ප්‍රතිලේඛණ ක්‍රමයක් සකස් කර තිබේ. මෙම ක්‍රමය මඟින් පෙර සඳහන් කළ පරිදි ඇසීමට පහසු කොටස් ඝෝෂාකාරී පසු තලය තුළින් මතුවෙන ලෙස සංශ්ලේෂණාත්මකව වර්ධනය කරයි. වාචික පණිවිඩ ගණිතමය ප්‍රතිලේඛණ ක්‍රමය මෙහෙයවීමෙන් වඩා හොඳින් මහජනතාවට හඳුනාගත හැකිවේ. ඒ සඳහා ඩෙසිබල් 5කට වඩා අඩු ශබ්ද ප්‍රමාණයක් (අඩු Volume) පිට කිරීම ප්‍රමාණවත් බව පරීක්ෂණ වලින් පැහැදිලි වී තිබේ.ඒඅනුව අඩු ශබ්දයකින් ඇසුණද පණිවිඩය පැහැදිළිව තේරුම් ගැනීම පහසු වේ.එවිටඝෝෂාවක් ඇති නොවේ.

මෙම තාක්ෂණය, ප්‍රසිද්ධ මහජන ඇමතුම් සඳහා පමණක් නොව ශබ්දය නිකුත් කරන විවිධ උපකරණ සඳහා යොදාගත හැකිය. Smart phone සහ ගමන් මාර්ග ඉදිරිපත් කරන ක්‍රම සඳහා ඉදිරියේදී භාවිතා වනු ඇත.


උපුටාගැනීම:Computer-manipulated speech could lead to quieter public announcements

By Ben Coxworth  September 10, 2013

0 comments:

Post a Comment