December 5, 2013

රැවටීමෙන් සතුට ලැබේද?

රැවටීම නිසා කිසිවෙකුට හානි නොවනතාක් “රැවටිලිකරුවෝ ජයග්‍රාහී වේ”. වංකව කටයුතු කිරීමෙන් බොහෝ විට මිනිසුන්ට සතුට දැනේ. සමහර අවස්ථා වලදී එම සතුට අවංකව කටයුතු කිරීමෙන් ලබන සතුටට වඩා වැඩි විය හැකි බව අධ්‍යයනයකින් වාර්තා වී ඇත.


අධ්‍යනයට සහභාගී කර ගත් අය රැවටීම අනුමත නොකළහ. එයින් ඔවුන් අසතුටට පත් වන බව මුලින් ප්‍රකාශ කළද එය එසේ නොවන බව අධ්‍යයනයේදී පැහැදිලි විය. විවිධ පරීක්‍ෂණ ක්‍රම වලදී ඔවුන් ලද අවස්ථාවන් සඳහා මුහුණ දුන් ආකාරයෙන් ඒ බව හඳුනාගත හැකි වී තිබේ. මේ අධ්‍යනයේ සම්පූර්ණ වාර්තාවක් Personality Social Psychology සඟරාවේ නොවැම්බර් කලාපයේ පළ කර ඇත. ඇත්ත වශයෙන්ම මෙම වංක වීමෙන් ප්‍රීතිය හට ගැනීමට මූලික හේතුව වංක වීම නිසා කිසිවෙකුට හානි නොවීම විය හැකිය.
 එහෙත් කිසිවෙකුට හෝ හිංසා කිරීම සඳහා රැවටීමක් කළ විට රැවටිලිකරු තමාගේ ක්‍රියාව ගැන දුකට පත් වෙන බව මෙයට පෙර කරන ලද අධ්‍යනයේදී පැහැදිලි වූ බව අධ්‍යනයේ කතෘ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ නිකොල් ඊ. රූඩි පවසයි.
උදාහරණයක් ලෙස එක් පරීක්‍ෂණයකදී කණ්ඩායම් දෙකක් ඇති කරන ලදි. පළමු කණ්ඩායමට ගණිත හා තාර්කික ගැටළු ලබා දෙන ලද්දේ ගැටළුවට පිළිතුරු දුන් ක්‍ෂණයෙන් ගැටළුව නොපෙනී යන සේය. එමඟින් රැවටීමේ අවස්ථාව සම්පූර්ණයෙන් අහුරණ ලදි. 


දෙවැනි කණ්ඩායමට ගැටළු ලබා දී ගැටළුවට පිළිතුරු දැන ගැනීමට අවශ්‍යනම් බලා ගැනීමට (පිළිතුරු බොත්තම එබීමෙන්) අවස්ථාවද ලබා දෙන ලදි. එහෙත් එසේ නොකරන ලෙස එම කණ්ඩායමට අවවාද කරන ලදි. 68% ක් අවවාද නොසලකා  (රැවටීම) පිළිතුර ලබා ගෙන තිබේ. 
පරීක්‍ෂණයෙන් පසු පළමු කණ්ඩායමට වඩා දෙවැනි කණ්ඩායම සතුටින් සිටිනු අධ්‍යයනයේදී හඳුනාගෙන තිබේ. රැවටීම හෙලිවීමෙන් ගෙවීමට සිදුවන වන්දිය කුඩා වීම රැවටීම් කිරීමෙන් මිනිසුන් සතුටට පත් වීමට තවත් හේතුවක් විය හැකිය. ඒ වාගේම තමන් වෙනුවෙන් තවත් කෙනෙකු රැවටීමක් කිරීම මඟින්ද මිනිසුන් සතුටට පත් වේ.
ආවේග (Emotions) සදාචාරය (morality) සඳහා බලපාන්නේද දැයි හඳුනාගැනීමට මෙම සොයා ගැනීම් වැදගත් වන්නේ යැයි පරීක්‍ෂකයෝ යමක් කිරීමෙන් පසුව ඔබට දැනෙන පහසුව සදාචාරය (moral) බව සහ අපහසුව දුරාචාරය (immoral) බව සදාචාරය පිළිබඳ මගේ දැනීම යන Earnest Hemingway ගේ ප්‍රකාශය ඉදිරිපත් කරමින් පවසති.


උපුටාගැනීම:

0 comments:

Post a Comment