December 18, 2013

නිවස තුල නිර්මාණය කළ පවුලේ යානය


සාමාන්‍ය පවුලකට ගුවන් ගමනක් යාමට ගුවන්තොටුපලට නොයා ඔවුන්ටම පියාසර කිරීමට ඇති හැකියාව පිලිබදව ජෝන් මැක්ජිනීස් (John McGinnis) විසින් කල්පනා කලේය.

මේ සදහා ඔහු විසින් ගුවන් යානයක් නිර්මාණයට ඔහුගේ පියාගේ සහ පුතාගේ මෙන්ම ස්වේච්ඡා සාමාජිකයන්ගේ සහාය ඇතිව නිරතුරුව  උත්සහ කරයි.

අද පවතින කුඩා ගුවන් යානා මෙන් නොව සිනර්ජි (Synergy) ලෙස නම් කරඇති මෙම යානය වියදම් පිරිමැසුම්දායක, ශබ්දය අඩු හා ඉන්ධන පරිභෝජනය ගැලුමට හැතැප්ම 40ක් පමණ කාර්යක්ෂම එකකි.
47 වියෙහි පසුවන මැක්ජිනීස් නාසා ආයතනයේ පර්යේෂකයින් විසින් නිකුත් කරන ලද මූලාශ්‍ර  අධ්‍යනයකින්  අනතුරුව කුඩා කල සිට උත්සාහ කල මෙම නිර්මාණය බිහිකිරීමට දායක විය.

මෙම පවුලේ ගුවන්යානයෙහි පවතින විශේෂ ගුණාංග
1.  ‍200 hp ක ටර්බෝ ඩීසල් එංජිම
2.  විශාල පියාපත් මගින් පොලව මත ගොඩ බැස්සවීම ක්‍රමවත්ව හා සංසුන්ව සිදු කර ගත හැකි වීම
3.   පෙට්ටි ආකාරයේ පියාපත් මගින් සිදුවන ක්‍රමවත් වාත සංසරණය මගින් යානයේ සමතුලිතතාවය රැක ගැනීම
4.  ස්වයංක්‍රීයව ක්‍රියාකරන පරිඝනක ගත කරන ලද ගුවන් නියමු ක්‍රමවේදය මගින් හදිසි අවස්ථාවකදී පහසුවෙන් ගොඩබැස්සවීමේ හැකියාව

මෙම වසර තුලදී  පස්දෙනකුට පමණ පියාසර කළ හැකි මෙම යා‍නයේ වැඩකටයුතු අවසන් කිරීමට හෙතෙම බලාපොරොත්තුවේ.



උපුටා ගැනීම :

0 comments:

Post a Comment