December 24, 2013

පාර කියන කබාය

පිහිටි ස්ථානය නිවැරදිව දැනුම් දෙන GPS තාක්ෂණය මෝටර් රථ,ජංගම දුරකථන වල භාවිතා වන බව අප දන්නා කරුණකි. එහෙත් GPS තාක්ෂණය පාදක කරගත් ඇඳුමක් (කබායක්/ Jacket) ගැන ඔබ අසා තිබේද? දැන් ක්‍රියාත්මක වන GPS තාක්ෂණයෙන් ඔබ යම් ස්ථානයක් සොයමින් යන විට අදාල තොරතුරු ඔබ තිරයකින් නැරඹිය යුතුය. එනම් ඔබගේ ඇස් වරක් තිරය මතද තවත් වරක් මහා මාර්ගයටද යොමු කළ යුතු වේ.මෙය අර්ධ අන්ධතාවයකින් මහා මාර්ගයේ ගමන් කිරීමක් ලෙසද හැඳින්විය හැකිය. මෙම අපහසුතාවය දුරලන (Navigate jacket) නැවිගේට් කබාය GPS තාක්ෂණය පාදක කරගෙන නිර්මාණය කර ඇත. එහි ඇති LED බල්බ මඟින් ඔබ අදාල දිශාවට  හා ගමන් මාර්ගයට යොමුකරවයි.

 
Wearable Experiments (We-ex) නම් ඔස්ට්‍රේලියාවේ ඇඳුම් නිෂ්පාදන සමාගමක් විසින් “Navigate” (නැවිගේට් කබාය) නිෂ්පාදනය කර තිබේ. ශරීරයේ පැළදිය හැකි විවධ උපකරණ මෙන් නොව මෙය බාහිරෙන් සාමාන්‍ය ඇඳුමක් ලෙසම දිස්වේ. දෘඩාංග, මෘදුකාංග සහ ඇදුම් සැලසුම් කරන මෙම සමාගම තාක්ෂණය එන්නත් කළ ඇඳුමක් ලෙස මෙම මෝස්තරය ඉදිරිපත් කර ඇත.

Navigate කබාය නගරයේ ඇවිදීම, බයිසිකල් පැදීම සඳහා භාවිතා කළ හැකි ලෙස නිර්මාණය කර තිබේ. කබාය සමඟ ක්‍රියාකරන එහි මොළය ලෙස Smart phone එකක් භාවිතා කර ඇත. හැරවුමෙන් හැරවුම සඳහන් කරන මාර්ගෝපදේශක දත්ත මෙම යෙදුම(application) මඟින් කබායේ ඇති LED බල්බ දීප්තිමත්වීමෙන් දර්ශනය වේ. කබායේ දිගු අත්වල ඇති LED බල්බ මාර්ගෝපදේශ අනුව දැල්වෙන නිසා මඟියාට පහසුවෙන් හඳුනාගත හැකිය. කුමන පියවරේද, කොතරම් දුරකින් ඊළඟ හැරවුම තිබේද LED මඟින් දන්වා සිටියි. කම්පනය මඟින් කුමන දිශාවටම ගමන් කළ යුතු දැයි දන්වනු ලැබේ.
දැනට සුදු ආලෝක දැල්වන LED ඇති නමුත් ඉදිරියේදී පාරිභෝගිකයාගේ රුචිය පරිදි එය වෙනස් වනු ඇත. කබාය සහ GPS තාක්ෂණය බාහිර පෙනුමේ කිසිදු විශේෂත්වයක් නොමැතිව සම්බන්ධකිරීමට We- ex ආයතනයට හැකි වී තිබේ. යුරෝපයේ නගර වල අලෙවිය සඳහා මෙහි නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතී.


උපුටාගැනීම: 
NAVIGATE jacket brings GPS to life with LED lights and haptic feedback   By C.C. Weiss December 3,
http://www.gizmag.com/navigate-jacket-wearable-gps/30001/

0 comments:

Post a Comment