December 20, 2013

එළවළු වවන ඉවතලන කඩදාසි

එළඹෙන උත්සව සමයේදී මිලදී ගන්නා හෝ තැගි ලෙස ලැබෙන භාණ්ඩ සමඟ එන එතුම් (දැවටුම්)  කඩදාසි විශාල ප්‍රමාණයක් පරිසරයට  එක්වීම වැළක්විය නොහැක. මෙම අතුරු නිෂ්පාදනය පරිසරයට අහිතකර ලෙස එක් වීම පමණක් නොව කුණු ලෙස ප්‍රවාහනය හා විනාශ කිරීම තව දුරටත් සිදු නොකළයුතු නම්?Eden’s කඩදාසි ලෙස නම් කර ඇති මෙම නව එතුම් (දැවටුම්) කඩදාසි සියේට සීයක්ම (100%) පැළ කළ හැකිවේ. එනම් Eden’s කඩදාසි පස් මත තබා ජලය වත් කිරීම පමණක් කළ යුතුය. ස්වභාධර්මය  මඟින්  එම කඩදාසි පැල බවට පත් කරයි.
 මුල් වටයේදී Eden’s කඩදාසි කැරට්, තක්කාලි, බෝංචී, මිරිස් හා ළුණු  යන පැළ වර්ග 05 ක් සඳහා නිර්මාණය කර තිබේ. අදාල පැළ වර්ගයේ (කාබනික) බීජ කඩදාසියේ පිටුපස ස්ථරයේ ඔබ්බවා ඇත. තවද Eden’s කඩදාසි දිරාපත් වන සිව් (tissue) කඩදාසි ස්ථර වලින් සමන්විතය.

මෙම කඩදාසි 100% ප්‍රතිචක්‍රියකරණය කරන ලද කඩදාසි වලින් නිෂ්පාදනය කර තිබේ. ඒ සඳහා භාවිතා කර ඇති තීන්තද එළවළු ඇසුරින් සකස් කර ඇත. ඒනිසා කඩදාසි මඟින් පසට කිසිදු හානියක් සිදු නොවේ. මීට අමතරව නිෂ්පාදන ක්‍රියාවලියේ දී මැලියම් (ගම්)හෝ වෙනත් හානිකර ද්‍රව්‍ය භාවිතා කර නොමැත.
 
Eden’s කඩදාසි (විශේෂ ඒතුම් කඩදාසි) හඳුන්වාදීමේදී සාමාන්‍ය පාරිභෝගිකයාට ලබා ගත නොහැකි ඉහළ මිලක් නියම කර ඇතත් එය රු. 5,000,000 ක අලෙවි ඉලක්කයක් සපුරාගෙන තිබේ.Eden’s කඩදාසි සාමාන්‍ය මිලට තව නොබෝ කලකින් ලබාගැනීමට අවස්ථාව සැලසේනම් මෙම නිෂ්පාදනය වඩා ප්‍රයෝජනවත් වනු ඇත.


උපුටාගැනීම: New wrapping paper can be used to grow vegetables
By Adam Williams    November 28, 2013

0 comments:

Post a Comment