December 11, 2013

සම විනිවිද දැකිය හැකි ඇස් කණ්නාඩියක්


එන්නතක් විදින්න ගිය අවස්ථාවක් සිහි කර ගන්න. හෙදිය ඔබගේ අත පහලින් පටියක් බැඳ ඇඟිලි ගුලි කර ගන්නා ලෙස පවසා අතේ නහර පරීක්‍ෂා කර එන්නතක් විදින අයුරු මතක ඇති.
ඒත් දැන් එතරම් කරදර වීමට අවශ්‍ය නැත. ඒ දැන් වෛද්‍යවරු හා හෙදියන් හට රෝගීන්ගේ සම විනිවිද බැලිය හැකි එක්ස්-රේ කණ්ණාඩි යුගලයක් නිපදවා ඇති හෙයිනි.

ඊවෙනා මෙඩිකල් (Evena Medical) තාක්‍ෂණ ආයතනය විසින් නිපදවා ඇති මෙම ඇස් කණ්ණාඩි උපකරණය (Eyes – on Glasses System) මඟින් ඉතා පහසු ප්‍රතිකාර එනම් ඉතා සියුම් ලේ නහර වෙත කරන ප්‍රතිකාර (Intra venous treatments) පහසුවෙන් කිරීමට වෛද්‍යවරු හට හැකියාව ලැබේ

මෙම හිසෙහි පැළදිය හැකි උපකරණය වාහිනික දර්ශන තාක්‍ෂණයෙන් (Vascular imaging technology) යුක්තය. තවද, මෙමඟින් අත් දෙක නිදහසේ තබා ගත හැකි බැවින් වෛද්‍ය වෘත්තිකයන් හට තම කාර්යය ඉතා පහසුවෙන් කර ගත හැකිවේ.


ඊවෙනා මෙඩිකල්හි සභාපති ෆ්‍රැන්ක් බෝල් පවසන පරිදි Intra venous treatments සඳහා 40% ක පමණ උත්සහා කිරීම් ගණනාවක් කිරීම අත්‍යාවශ්‍ය බව අධ්‍යයන කටයුතු මඟින් පෙන්වා දේ. එනම් හෙදියන්ගේ අපතේ යන වටිනා කාලය මෙම උපකරණය නිසා ඉතිරි කර ගත හැකිවනවා මෙන්ම රෝගියාට සිදුවන අපහසුතාවය, නොසෑහීම වැනිදෑ  මෙමඟින් වළකා ගත හැක. තවද අභියෝගාත්මක වටපිටාවක එනම් ළමා හා නොමේරූ ළදරු ඒකක වැනි ස්ථාන වලදී හෙදියන්ට වඩා පහසුවෙන් හා නිවැරදිම නහර වෙත ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබේ.

කණ්නාඩි යුගලය ඩිජිටල් දත්ත ගබඩාවකින්ද යුක්තය. එනම් ස්වයංක්‍රීයව හා අඛණ්ඩව දත්ත, රූප රාමු ගබඩා වන බැවින් රෝගියා පිළිබඳ දවස පුරාම අවධානය යොමු කිරීමටත් එම රූප රාමු නැවත නැවත බැලිය හැකි බැවින් වඩා ඵලදායී සේවාවක් ලබාදීමට වෛද්‍යවරයාට හැකිවේ.  


උපුටා ගැනීම :-
http://news.discovery.com/tech/alternative-power-sources



0 comments:

Post a Comment