January 6, 2017

“සෙල්ෆි” ගැනීමට ඉදිරියේදී ඔබට මෙවැනි උපකරණ අවශ්‍ය වනු ඇත


සෙල්ෆි ඡායාරූපයක් ගැනීම යනු තම කැමරාවෙන් තමාගේ හෝ තම අවට කණ්ඩායමක් හෝ තමා සිටින ස්ථානය ඡායාරූපයට නැගීමයි. මෙය තම අත භාවිතයෙන් කිරීමට පටන් ගත්තද පසු කලෙක   සෙල්ෆි ස්ටික් නැමැති කෝටුවක් භාවිතයෙන් කිරීමට යොමු වී ඇත. ඩ්‍රෝන් කැමරා තාක්ෂණයද බහුලව භාවිතා වන යුගයක මේ තාක්ෂණයන් දෙක එකතු කිරීමට හැකිවේ යැයි ඔබට සිතුනේද?
‘එයාර් සෙල්ෆි’ අදහස පහළ වන්නේ ඉතාලි ජාතික ව්‍යවසායකයෙකු වන එඩෝර්ඩො ස්ට්‍රොෆියානා වෙත  2014 දිය. මෙම උපකරණය තුළ 5 megamixel  කැමරාවක් සහ 4GB micro SD කාඩ් එකක් ඇත. ඩ්‍රෝනර් යන්ත්‍රයේ භ්‍රමක මගින් අඩි 65 (මීටර් 20)  උසට අහසේ පියෑඹීමට හැකියාව ඇත. ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් භාවිතයෙන් මෙම යන්ත්‍රය ගුවන් ගත කිරීම ආරම්භ කළ හැක. එමෙන්ම උස, දිශාව වෙනස් කිරීම මෙන්ම ඡායාරූප ගැනීම මෙන්ම වීඩියෝ කිරීමද අදාල ඇප් එක මගින් සිදුකල හැක. වයි-ෆයි තාක්ෂණය ඔස්සේ ගන්නා ඡායාරූප වෙනත් ජංගම දුරකථන වෙත යැවීම මෙන්ම සමාජ ජාල වෙබ් අඩවිවලට ගන්නා ඡායාරූප යැවීමටද අදාල උපකරණයටම සිදුකල හැක.
ඡායාරූප ගත් පසු ඇප් එකේ බොත්තමක් එබූ සැනින් පහළට ඒමට එම උපකරණය සකස් කර ගත හැක. එනම් අත්ල මතට ඒමට හෝ ගුවනේ සැරිසරනවිට අතට ගැනීමට හැකිවනසේ භාවිතා කරන්නාට සකස් කරගත හැක.
නැවත වාර්ජ් කල හැකි ලිතියම් පොලිමර් බැටරියක් මගින් එයාර් සෙල්ෆි යන්ත්‍රයේ ගුවන් කාලය මිනිත්තු 3ක් වන බව අදාල සමාගම පවසන අතර 2017දී මෙම යන්ත්‍රය ඩොලර් 300ක් වැනි සහන මිලකට වෙළදපොලේ දැකියහැකිවනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

අන්තර්ජාලය ඇසුරෙනි

0 comments:

Post a Comment