January 4, 2017

ගස්ලබු කොල

ගස් ලබු හෙවත් පැපොල් යනුවෙන් හදුන්වනු ශාකයේ ඵලය පලතුරක් ලෙස ආහාරයට ගන්නා  අතර  
එහි ගුණ පිලිබදව කවුරැත් දන්නා කරැණකි.

එහෙත් ගස්ලබු කොල වල ඇති ගුණ පිලිබද බොහෝ දෙනා නොදත් කරැණු රාශියක් ඇත.
පර්යේෂණ වාර්ථා අනුව ගස්ලබු කොල වල ඉතා ප්‍රබල ඇන්ටිඔක්සිජීකෘත ගුණයක් පවතින බව පෙන්වා දී ඇත.


ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහල නංවන Papain, alkaloids සහ  phenolic සංයෝග මෙහි අඩංගුව ඇත.
papain සහ chymopapain  යනු  පැපොල් වල අඩංගු ජීව විද්‍යාත්මක සක්‍රීය සංඝටක වේ.
 තිත්ත රසයක් ඇති වුවද මේවායේ විටමින් A, B, C, D හා E මෙන්ම කැල්සියම් ද අඩංගු වේ
caffeic acid, chlorogenic acid, quercetin සහ  kaempferol  යනු පැපොල් වල අඩංගු ඇන්ටිඔක්සිජීකෘත සංයෝගයි.
මෙම සංයෝග අඩංගු බැවින් ගස්ලබු වල පහත සදහන් ගුණ ඇති බව පෙන්වා දී ඇත.
රැධිරගත සීනි මට්ටම අඩු කරයි.මෙමගින් ALT AST එනසයිම මට්ටම පහල දමයි.එම නිසා
ඉන්සියුලින් හොමෝන ස්‍රාවය විමේ සංවේදීතාවය වැඩි කරයි.
ගස් ලබු කොල වල යුෂ පානය කිරීමෙන් රැධිරයට ග්ලුකොස් අවශෝෂණය කිරීම වැඩි කරයි.රැධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වන බව සොයා ගෙන ඇත.
තවද දියවැඩියාව නිසා ඇති වන ද්විතික සංකූලතා වලක්වයි
උදා -  වකුගඩු රෝගය
අක්මාවේ තෙල් තැන්පත්වීම
තුවාල සුව වීම
තුවාල සුව වීම අඩු වීම දියවැඩියා රෝගීන්ගේ ලක්ෂණයකි.ගස්ලබු කොල මගින් මෙය මගහරවා ගත හැක.
පිළිකා නාශක ගුණය
මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ගස්ලබු කොළ වල පිළිකා නාශකයන්  අඩංගු වන අතර, ගැබ්ගෙළ පිළිකා, අග්න්‍යාශයික පිළිකා, අක්මාවේ පිළිකා හා පෙනහළු පිළිකා වලට විරුද්ධව සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන බව ය.
 බැක්ටීරියා වර්ධනය වළකාලයි.
ගස්ලබු කොළ වල karpain වැනි පණුවන්, මයික්‍රෝ බැක්ටීරියාවන්, පුස් වර්ග හා විවිධ පිළිකා සෛල වර්ධනය වළක්වාලන ක්‍රියාකාරී සංයෝගයන් අඩංගු වේ.
ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශකිත්මත් කරයි.
ගස්ලබු කොළ වල ඇති සංයෝගයන් මඟින් සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි ආසාදනයන්ට විරුද්ධව සටන් කිරීමට ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශකිත්මත් කරවයි. එමෙන්ම මෙමඟින් සුදු රුධිරාණු හා රුධිර පට්ටිකා ප්‍රතිජනනය සිදු කරයි. දිනකට ගස්ලබු කොළ යුෂ තේ හැඳි 2ක් පානය කිරීමෙන් ස්වාභාවිකවම රුධිර පට්ටිකා සංඛ්‍යාව ඉහළ නංවා ගත හැක.
මැලේරියා නාශක ගුණය.
ගස්ලබු කොළ මැලේරියා නාශක ගුණ ඇති බැවින් මැලේරියාවට හොඳ ඖශධයකි. ගස්ලබු කොළ යුෂ පානය කිරීම මැලේරියාව වළකාලයි
ඩෙංගු වලට විරුද්ධව සටන් කරයි
ඩෙංගු රෝගීනට ගස්ලබු කොළ යුෂ පානය කිරීමට සැලැස්වීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල අත්කරගත හැක. මෙහි කිසිඳු අතුරු ආබාධයක් ද නොමැත. මෙහි ඇති එන්සයිමයන් රුධිර පට්ටිකා සංඛ්‍යාව වැඩි කිරීම, රුධිර කැටි ගැසීම හා ඩෙංගු මඟින් අක්මාවට හානි සිදු වීම වැළැක්වීම ද සිදු කරයි.


උපුටා ගැනීම-Natural health 365 aticle

0 comments:

Post a Comment