January 18, 2017

ලොව වැඩිම ආයු කාලයක් ඇති ගෝරිල්ලා තම 60 වන ජන්ම දිනය සමරයි

කොලෝ ඔබට සුබ උපන්දිනයක් වේවා!

            ඔහියෝ ප්‍රාන්තයේ කොලොම්බස් මින්මැදුර හා සත්ව උද්‍යානයේදි මානව රැකවරණය යටතේ උපන් පළමු ගෝරිල්ලා සිය 60 වන උපන්දිනය පසුගිය දෙසැම්බර් 22 වන දින සමරනු ලැබිය.
            කොලොම්බස් ( Columbus ) සහ ඔහියෝ ( Ohio ) නම් වල සංකලනයෙන් කොලෝ Colo නමින් නම් කර ඇති මෙම ගැහැණු සත්වයාගේ උපත 1956 වර්ෂයේ සිදු වි ඇත. ලොව වයසින් වැඩිම ගෝරිල්ලා ලෙස ඇය මෙම වාර්තාව මුලින්ම බිදහෙළා ඇත්තේ 2012 වසරේදි ඇගේ වයස අවුරුදු 56 වන විටදිය. සාමාන්‍ය ගෝරිල්ලාගේ ආයු අපේක්ෂාවෙන් ඔබ්බට වසර 30 - 40 ක  ප්‍රමානයක් දැනටමත් මෙම ගෝරිල්ලා ජිවත්ව ඇත. දැනට ඇය තම 07 වන දශකයට ඇතුල් වෙමින් සිටි. කොලෝගේ උපතේ සිට මේ දක්වා වර්ධනය හා ප්‍රජනක සාර්ථකත්වය වසර ගණනාවක් පැවති බව කොලොම්බස් සත්ව උද්‍යානයේ ප්‍රකාශකයෝ පවසයි.



කොම්බස් මාධ්‍ය ඒකකය මගින් 2009 වසරේදි ඇයගේ දිවිය ගැන සකසන ලද විඩියෝවකට අනුව ගෝරිල්ලාගේ මවගේ ගර්භනී බව කොලොම්බස් සත්ව උද්‍යාන විද්‍යාඥයින් දැන සිටි අතර ඇය අපේක්ෂිත කාලයට වඩා සති කිහිපයක් කලින් බිහි වි ඇත. 1956 දෙසැම්බර් 22 දින උදැසන ගෝරිල්ලා කොටු කළ බිමෙහි දි කළලාවාරික කෝෂය සමග මිහිමත පතිත වන කෝලෝගේ උපත පිළිබදව උයන් කරුවෙකු විස්තර කරන බව විඩියෝවෙහිදි කතිකයා විස්තර කරයි. අලුත උපන් ගෝරිල්ලාගේ බර කිලෝ ග්රෑම් 1.7 වන අතර දිගින් සෙන්ටිමිටර් 37 ක් විය.
            සත්ව උද්‍යාන කාර්ය මණ්ඩලය දවසේ 24 පැයේම ළදරු ගෝරිල්ලන් වෙනුවෙන් රැකවරණය ලබා දුන් අතර ඔවුන් යටතේ ඇය ඇති දැඩි වු අතර හොදින් වර්ධනය විය. 1958 වසරේ දි ඇයව බොන්ගෝ ( Bongo ) නම් පිරිමි ගෝරිල්ලෙකුට හදුන්වා දී ඇත. ඌ ඉදිරි වසර 25 ක් ඇය වෙනුවෙන්ම මිතුරුව වාසය තළාය. ඔවුන්ගේ ප්‍රජා වර්ධනය ගැහැණු ගෝරිල්ලන් 02 සහ පිරිමි ගෝරිල්ලන් 01 ක් වශයෙන් ගෝරිල්ලන් තිදෙනකු ලැබී ඇත.
            පසුගිය වසර ගණනාවේදි කෝලෝගේ දරු මිණුබිරියන් 16 ක් ද මිමුණුබරන් 12 ක් ද මිමුණුබුරන්ගේ දරුවන් තිදෙනකු ද උපත ලබා ඇති අතර කොලෝගේ නවතම මිමුණුබුරා පසුගිය සැප්තැම්බර් 28 වන දින උපත ලබා ඇත.
            මේ වන විට කොලෝගේ වියපත් තත්වය නිසා අනිකුත් ගෝරිල්ලන්ගෙන් වෙන් කොට ජිවත් විමට සලස්වා ඇත. ඔහුගේ භාරකරුවන් විශේෂ අවධානයක් සහිතව ඇයව ඇති දැඩි කරන බව කොලොම්බස් සත්ව උද්‍යාන භාරකරු වන Audra Meinelt පවසයි.
            මෑත කාලයේදි කොලෝගේ වියපත් විම හේතුවෙන් ඇය ආතරයිටිස් රෝගී තත්වයෙන් පසුවේ. ඇයගේ අත්පා වල දුර්වල තත්වයන් මගහැර විම සදහා ඇයට ලබා දෙන ආහාර රටාව ද වෙනස් කර ඇත. ඒ මගින් ඇගේ ඇගිළි භාවිතය නිරතුරුවම සිදුවේ යැයි ඔවුන් විශ්වාස කරන බව පවසයි.
            කොලොම්බස් සත්ව උද්‍යාන පෝෂණවේදියා වන Dana Hatcher පවසන පරදි ඇය බෝංචි ඇට කොළ මිදි කැන්ටලුප් දොඩම් හෝ ස්ටෝබේරි කෑමට කැමති නැත යැයි පවසා ඇත. නමුත් කොලෝ ප්‍රෝබයෝටික්ස් විටමින් බි. සලාද කොළ  පෙරනලද යීස්ට්ස් ආහාර හා වැඩි වශයෙන් අයිස්බර්ග් සළාද ගන්නා බව පවසයි. ඒ මගින් ගෝරිල්ලකුගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 30 - 40 ඉක්මවා 60 දක්වා ජිවත් විමට ඉඩ සැලසි ඇති බව පෙන්වා දේ.
            සත්ව  උද්‍යාන භාරකරු වන Audra Meinelt පවසන අන්දමට මිනිසුන් අතරේ ජනප්‍රිය මෙම ගෝරිල්ලාගේ උපන්දිනය නැවත නැවත සැමරීම ජනතාවගේ බලාපොරොත්තුව වන අතර මෙම සත්වයා මගින් වනාන්තරයේදී ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබදව අධ්‍යනයට හා ඔවුන්ගේ සත්‍ය පැවැත්ම පිළිබදව විවේචනයටද අවස්ථාවක් ලැබි ඇති බව පවසයි.

සකස් කලේ

එච්.එම්.අයි.ගැමුණු විජේසිංහ
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
දොළුව


උපුටා ගැනිම -
අන්තර්ජාලය

By Mindy Weisberger,  ගේ ලිපියක් ඇසුරින්ය. 

0 comments:

Post a Comment