January 2, 2017

ආතතිය නිසා මොලයට සිදුවන හානි

අප අත්දකින සෑම පීඩාකාරී (stressfull) සිද්ධියක් නිසාම මොළයට චිරස්ථින බලපෑමක් ඇතිවන බවත් එමගින් මොළයේ ව්‍යූහයට හානිවීම සහ මොළයේ ප්‍රධාන කොටස්වල ක්‍රියාකාරිත්වය වෙනස් වීම සිදුවන බවත් නවතම අධ්‍යනයකදී හෙළිවී තිබේ.

කල්පවත්නා ආතතිය හෙවත් නිදන්ගත ආතතිය මගින් දරුණු ඥානාත්මක ප්‍රතිවිපාක ගෙනදෙන බව බොහෝ කාලයක සිට පැවති මතයකි. එය අප්‍රසන්න පශ්චාත් ආතති සංකුලතා වැනි විවිධ මානසික රෝගවලට මුලික වේ. එහෙත් තියුණු ආතති සහ හුදකලා අප්‍රසන්න නිමේෂවල බලපෑමේ ඇති අවධානම තවමත් අවබෝධ කරගෙන නොමැත.

මියන්ගේ පාද පතුල්වලට විදුලි කම්පනයක් විනාඩි 40 ක කාලයක් ඇතුළතදී නැවත නැවත ලබාදී ඒ සදහා මියන්ගේ මොළ දක්වන ප්‍රත්චාරය අධ්‍යනය කිරීමට පර්යේෂන කණ්ඩායම කටයුතු කරන ලදී. මෙම අධ්‍යනය පිළිබද තොරතුරු Moleculer Biology සගරාවට ලිපියක් මගින් හෙළිකරමින් විදුලි කම්පනය නිසා Corticosterone නම් ආතති හෝමෝනයක් නිකුත්වූ බව ප්‍රසිද්ධ කර ඇත. තවද එමගින් මොළයේ prefrontal Cortex (PFC) ප්‍රදේශයේ කොටසක glutamate නම් ස්නායු සම්ප්‍රේශකයේ ප්‍රමාණාත්මක මට්ටම ඉතා අධික ලෙස ඉහළ ගිය බවද සදහන් වේ.

Glutamate උද්දීපන අණුවක් නිසා  එහි මට්ටම ඉහළ යෑම මගින් PFC හි නියුරෝන සිඝ්‍රයෙන් දැවීයාම සිදු වේ. සාමාන්‍ය මට්ටම දක්වා Glutamate පහළ බැසීමට පැය 24 ක කාලයක් ගත වේ. එම කාලයතුල මෙලෙස නියුරෝන හානියට පත්වීම වලක්වාගත නොහැකි වේ.

Glutamate ග්‍රාහක ඇතුලත් නියුරෝන සම්බන්ධක ශාඛා හෙවත් නියුරෝන වල dentrites (අනුශාඛිතාව) වල වැහැරිමේ ගමන් ආරම්භය හෝ සෛල මියයාම සිදු වේ.

තීරණ ගැනීමට අවශ්‍ය තර්කානුකුලව සිතීමේ හැකියාවට අත්‍යාවශ්‍ය වීම සහ උසස් දැනීම සදහා PFC උපරිමව සම්බන්ධ විය යුතු නිසා මෙම හානිය සැලකිය යුතු කරුණක් වේ.එපමණක් නොව විනාඩි 40 ක කාලයක ආතතියකට පමණක් සීමාවූ මෙම පර්යේෂණයේදී මෙවැනි හානියක් සිදු වුයේ නම් සාමාන්‍යයෙන් සති දෙකක්  පමණ පවතින දරුණු ආතති මගින් සිදුවන විපාක දීර්ඝකාලින වේ.


අන්තර්ජාලය ඇසුරෙණි.

0 comments:

Post a Comment