January 26, 2017

නොසලකා හැරිය නොහැකි රක්තහීනතාවය හෙවත් නීරක්තිය

ඇඟපතේ පණ නැතිකම, ඈලි මෑලි දුබල ගතිය වැඩි දෙනෙක් පෙළන අපහසුකාරී තත්ත්වයක්. අධික ලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීම, මානසික පීඩනය ආදී බොහෝ කරුණු මේ සඳහා හේතු විය හැකි නමුත් ඒ සඳහා බලපාන ප්‍රබලම හේතුවක් ලෙස රක්තහීනතාවයත් හැඳින්විය හැකියි.
නිරෝගී පුරුෂයෙකුගේ රුධිරයේ තිබිය යුතු හිමොග්ලොබින් සාන්ද්‍රණ අගය ලෙස සැලකෙන්නේ 12g/dl – 14g/dl අගයයි. එය නිරෝගී කාන්තාවගේ නම් 11.5d/dl – 13.5 d/gl අගයක් ගත යුතුවනවා. මෙම අගයන්ර්ට වඩා අඩු අගයකින් රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය පවතී නම් එය රක්තහීනතාවය එසේත් නැතිනම් නීරක්තිය ලෙස හඳුන්වනවා.
නිතර ඇතිවන ක්ලාන්තය මෙන්ම ඇඟ සුදුමැලි ස්වභාවයක් ගැනීම සමඟම විඩාබර ගතියක් දැනෙනවා නම් ඊට හේතුව රක්තහීනතාවය විය හැකියි. අප ගන්නා ආහාරයෙහි යකඩ, විටමින් බී – 12 හෝ ෆෝලික් අම්ලය අඩුවීම  රක්ත හීනතාවයට බලපාන ප්‍රධාන සාධක ලෙස දැක්විය හැකියි. එලෙසම අන්ත්‍රෙයන් රුධිරය වහනය වීම,අක්මාවේ ගැටලුකාරි තත්ව නිසා, ඇටමිදුලුවල ගැටලු මෙන්ම අස්වාභාවික හිමෝග්ලොබින්  සහ තැලිසීමියා වැනි රෝගකාරකද හේතු විය හැකිය.මෙහිදී රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීමක් සිදුවන නිසා රුධිර මඟින් පෙණහලුවල සිට සිරුරේ නොයෙක් පටක කරා ගෙන යන ඔක්සිජන් ප්‍රමාණය ද අඩුවී යනවා‍ෙ
එම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා හිමොග්ලොබින් අඩු රුධිරය සිරුර පුරා වේගයෙන් ගෙන යාම සඳහා හෘදය වස්තුවට වේගයෙන් ගැහෙන්නට සිදු වෙනවා. සුළු වැඩක් පළක් කළ ද මහන්සි ගතියක් ඇතිවන්නේ ඒ නිසයි.
රක්තහීනතාව ඇතිවීමට බලපාන හේතු
  •   රුධිරයේ ප්‍රමාණවත් තරම් රතු රුධිරාණු නිෂ්පාදනය නොවීම. –    මෙම තත්වයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ රතු රුධිරාණු  නිෂ්පාදනයට අවශ්‍ය වන පෝෂණ සංඝටක නොලැබීමයි. ඒ අතර  යකඩ ඌණතාව, විටමින් ඕ 12 ඌණතාව හා ෆෝලික් ඇසිඩ් ඌණතාව ප්‍රධාන වෙනවා.
  •   ඇට මිදුළු ආශ්‍රිත රෝග තත්වයන් මේ නිසා රතු රුධිරාණු නිපදවීම අඩපණ වෙනවා. මෙයට ඇට මිදුළු ආශ්‍රිත පිළිකා තත්වයන් මෙන්ම ඇට මිදුළු ක්‍රියාකාරිත්වය අඩපණ කරවන ඖෂධ වර්ග භාවිතයද හේතු වන්නට පුළුවන්.
  •  රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝර්මෝන ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය නොවීම උදා: එරිත්‍රෝපොයෙටින් හොර්මනයේ ඌණතාවය. මෙය දිගුකාලීන වකුගඩු රෝග තත්වයන් ඇති වීමටද හේතුවක් වනවා.
  •  තයිරොයිඩ් ඌණතාව.
  • ඇන්ඩ්‍රජන් හෝර්මොනයේ ඌණතාවය.
  • අර්ශෂ් හා පණු රෝග.
  • රුධිර වහනයන්. උදා : ඔසප් වීමේදී අධික ලෙස රුධිරය පිටවීම.
  • සිරුරේ අභ්‍යන්තරව ඇතිවෙන රුධිර වහනයන්. මේවා පිටතින් හඳුනාගන්නට බැහැ,. වෛද්‍ය පරීක්ෂණවලින් පමණයි හඳුනා ගත හැකි වන්නේ.
ඉතින් ඉහත සඳහන් කළ ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් එය කිසිසේත්ම නොසලකා හැරීම කළ නොකළ යුතුයි. වහාම වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම මෙන්ම යකඩ හා වෙනත් අවශ්‍ය පෝෂක සංඝටක ලැබෙන ආහාර නොකඩවා ගැනීම  කළ යුතුයි. 


එලෙසම යම් යම් හේතු මත ශරීරයේ ඔක්ෂිඡන් අවශ්‍යතාවය වැඩිවන අවස්ථාවලදී රුධිරයේ හිමෝග්ලෝබින් මට්ටම වැඩිවේ. සමහර පුද්ගලයන්ගේ හිමොග්ලොබින් සාන්ද්‍රණ අගය  පහත සදහන්වැ හේතු මත වැඩිවන අවස්ථාවන්ද දැකිය හැකිය. එනම් ශරීරයේ ඔක්ෂිඡන් අවශ්‍යතාවය වැඩිවන අවස්ථාවලදී මෙය වැඩිවේ. විශේෂයෙන්ම දුම් පානය කරන්නවුන්ගේ සහ උස් ස්ථානවල ඡීවත්වන පුද්ගලයන්ගේ  මට්මම වැඩිය. එ සදහා දුර්වල හෘද ක්‍රියාකාරිත්වය සහ පෙනහලු ක්‍රායාකාරීත්වය මෙන්ම ඇටමිදුලු වල අස්වාභාවික තත්වයන් මෙන්ම ගනු ලබන සමහර ඖෂධ මෙන්ම Erythropoietin (EPO) වැනි හෝමෝන මගින් රතු රුධිරානු සෛල නිපදවීම උත්තේඡනය කරණු ලැබීම නිසා වේ.

Sources : Doctor NDTV  and wikipedia
                Nayana wijeratne - STO,Yatinuwara

0 comments:

Post a Comment