වැරදි ආහාර රටාව නිරෝගී බව හා දීර්ඝ ආයුෂ ගෙනෙන බව නොරහසකි. ශරීරයට අවශ්‍යම පෝෂ්‍ය පදාර්ථ ඉතාම පහසුවෙන් ලබාගෙන වැඩි ආයුෂ විඳිමින් නිරෝගී දිවිපැවැත්ම සකස්කර ගත හැකිය.
විවිධ පර්යේෂණ සහ දත්ත අනුව නිර්මාංශමය ආහාර තන්තුවලින් බහුල ,සංතෘප්ත මේදයෙන් තොර, සී සහ ඊ වැනි විටමිනයන්ගෙන් බහුල මැග්නීසියම් වැනි ඛණිඡ ලවන සපිරි සෞඛ්‍ය සම්පන්න ලෙස පිළිගෙන ඇති අතර අද වන විට 5% පමණ ඇමරිකානුවන් සහ විවිධ පුද්ගලයින් මේ සඳහා නැඹුරු වෙමින් සිටී. එලෙසම ඔවුනට අඩු කොලෙසටරෝල් අවදානම, අඩු හෘද රෝග අවදානම, අඩු රැධිර පීඩනය අවදානම, අඩු දියවැඩියා අවදානම සහ අඩු පරිවෘත්තීය ක්‍රියා සංකූලතා යන ප්‍රතිලාභ ලැබුනද ශාක ආහාර පමණක් දිගු කාලීනව ගැනීම යම් හේතු මත අහිතකර බවට සහ ප්‍රතිකාර කළහැකි රෝග නොව ප්‍රතිකාර නැති ව්‍යාධි ඇති කරන බවද යොයා ගෙන ඇති බව වාර්තා වේ.
මාංසලමය ආහාර රටාව මගින් පිළිකා හා හෘද රෝග වැඩිවන බව සොයාගෙන ඇත එලෙසම ඒවායින් සම්පූර්ණයෙන්ම ඉවත්වීම මගින් විවිධ අතුරු අබාධවලට මුහුන පෑමට සිදුවන බවද වාර්තාවල සදහන්ව ඇත.
නිර්මාංසවීම නිසා ශරීරයේ ක්‍රියාකාරිත්වය නියමාකාරයෙන් පවත්වා ගැනීමට අවශ්‍ය සත්ව ප්‍රෝටීන් හා හිමොග්ලොබින් හීනවීම නිසා රෝගීන් බවට පත් වීම අඩු ශක්තියකින් හා ජවයකින් යුක්ත වීම බුද්ධිය වර්ධනය නොවීමත් මානසික ඒකාග්‍රතාවය නොමැති වීමත් , දරුවන් දුර්වලවීමත්, ලිංගික බෙලහීනතාවය සහ වර්ගයා බෝ කිරීම අඩාල වීමත් මේ වන විට සිදුවී තිබෙන බවද තවදුරටත් එහි වාර්තාකර තිබේ.
සත්ව ප්‍රෝටීන ශරීරයට නොමැති වූ විට සංකීර්ණ රෝග සිය ගණනකට මුල පෑදේ. ප්‍රෝටීන සෑදී ඇත්තේ විවිධ වර්ගයේ ඇමයිනෝ අම්ල අනු කිහිපයක් දාම ලෙස එකිනෙකට සම්බන්ධ වීමෙනි. ශරීරය තුල ස්වාභාවිකව නිපදවිය නොහැකි පිටතින්ම ගත යුතු ඇමයිනෝ අම්ල වර්ග නවයකි. ඒවා Nine Essential Amino Acid ලෙස හැදින්වේ. එම ඇමයිනෝ අම්ල 9 ය ලබාගත හැක්කේ ආහාරයට පිටතින් ගන්නා ප්‍රෝටීන සහිත ආහාර වලින්ම පමණි. පිටතින් ගන්නා ප්‍රෝටීන වල ඇති දාම බිඳී ශරීරය තුලදී ඇමයිනෝ අම්ල බවට පත්වේ. මෙසේ බිඳී ගිය ඇමයිනෝ අම්ල අණු විවිධ සංඛ්‍යා වලින් නැවත එකිනෙකට සම්බන්ධ වී ශරීරය තුල මිනිස් ප්‍රෝටීන හෙවත් Human Protein සිය ගණනක් නිපදවයි. ශාක ප්‍රෝටීන වල ඇති ප්‍රශ්ණය නම් එක ශාකයක ඇති ප්‍රෝටීන වල ඇත්තේ මෙම අමිනෝ අම්ල වලින් එකක් හෝ දෙකක් පමණි. නමුත් සත්ව ප්‍රෝටීන වල මෙම අමිනෝ අම්ල 9 යම ඇත. .
Essential ඇමයිනෝ අම්ල නවය
Essential ඇමයිනෝ අම්ල නවය
මෙම ඇමයිනෝ අම්ල නියම ප්‍රමාණ වලින් නොලැබීම සියලු රෝග වලට මූලයයි. එම රෝග ලේවල සීනි නියාමනය (Blood Sugar Regulation),පේශි වර්ධනය හා පටක වර්ධනය ප්‍රතිනිර්මාණය දුර්වල වීම (Growth and Repair of muscles and tissues), හිමොග්ලොබින් වර්ධනය නිසි අයුරින් සිදු නොවීම නිසා රක්තහීනතාවය ඇතිවීමෙන් කම්මැලිවීම හා උනන්දුව නැතිවීම, මානසික ඒකාග්‍රතාවය නොමැතිවීම සෙම්ප්‍රතික්ශාව හතිය හා උණ වැනි රෝගවලට නිතර ගොදුරු වීම, අතපය හිරිවැටීම ඇතිවීම.හර්දය වස්තුවේ රුධිරනාල වල මේදය තැන්පත් වීම ඉක්මන් වීම ( Development of Fat in Arteries), හෝමෝන නිෂ්පාදනය අඩාල වීම, තුවාල හොඳ වීම දුර්වල වීම , ශරීරයේ ශක්තිය නිසිලෙස නියාමනය නොවීම හෙවත් අභ්‍යන්තර උෂ්ණත්වය වැඩිවීම (Heaty body) නිසා දරුවන් ලැබීමේ අඩුපාඩු, කය ශක්තිය හීනවීම, ඇන්ටි ඔක්සිඩන්ට් ලෙස ක්‍රියාත්මක වීම (Act as an Antioxidant) සිදුනොවීම , පටක අලුත්වැඩියාව දුර්වලවීම, ආහාර විෂ වීම වළක්වන හිස්ටැමීන් වර්ධනය සිදු නොවීම නිසා බොහෝ ආහාරවලට අසාත්මික(Allergy) වීම, මාංශ පේශිවල පටක වර්ධනය හා අලුත්වැඩියාව දුර්වල වීම, මානසික ආතතිය හා සාංකාව ඇතිවීම, අධික කොලොස්ටරෝල් ඇති අයට හෘද ආබාධ ඇතිවීම වලක්වන නයසීන් (Niacin) වර්ධනය අඩාල වීම, හන්දිපත් රුදාව, වළලුකර ඉදිමීම හා දනිස් වල වේදනාව යනාදිය ප්‍රෝටීන හා හිමොග්ලොබින් ඌනතාවයේ තවත් ලක්ෂයන් ලෙස එහි සදහන් වේ.
ශාක ප්‍රෝටීන පමණක් ආහාරයට ගැනීම මගින් දිගු කාලීනව ක්‍රියාත්මක අහිතකර ප්‍රතිපල වනුයේ ශරීරයට දිනකට අවශ්‍ය යකඩ ප්‍රමාණය නොලැබී රක්තහීනතාවය ඇතිවීම, ශරීරය තුල ප්‍රතිනිර්මාණය නොකරන බාහිරයෙන්ම පමණක් ලබාගත යුතු Essential ප්‍රෝටීන නොලැබී යාම ,ශාක ප්‍රෝටීන ශරීරයට අවශෝෂණය කරන ප්‍රමාණය අඩු බැවින් විශාල ප්‍රමාණයක් ශාක ප්‍රෝටීන අඩංගු ආහාර ගැනීමට සිදු වීමෙන් අධික ලෙස තරබාරු වීම, ජාන විඛන්ඩනය හෙවත් සෛල විභේදනයට අවශ්‍ය ෆොලේට් නොමැති වීම නිසා උපදින දරුවන් අංගවිකල වීම හා වැඩිහිටියන්ගේ ශරීරයේ සියලු ඉන්ද්‍රියන් දුර්වල වීම, මුක්ත ඛණ්ඩක කළමනාකරණය නොවීම නිසා හෘදය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට දිගු කාලීනව හානි සිදුවීමට ප්‍රවනතාවයක් මතුවිය හැක.
සත්ව ප්‍රෝටීන වල සුවිශේෂී බවක් ඇත. එනම් සත්ව ප්‍රෝටීන වල Essential ප්‍රෝටීන හෙවත් අත්‍යාවශ්‍ය ප්‍රෝටීන 9යම ඇත. Essential ප්‍රෝටීන ශරීරය තුල නිපදවිය නොහැක. බාහිරෙන්ම ලබා දිය යුතුය. බාහිරෙන් ලබාගන්නා එම Essential ප්‍රෝටීන ශරීරය තුලදී විසි දෙකක් වූ වෙනත් මිනිස් ප්‍රෝටීන් බවට පත්වේ. නිරෝගී බව සඳහා එම Essential ප්‍රෝටීන් 9 යම ශරීරයට දෛනිකව ලැබිය යුතුමය. කිසිඳු එක් ශාකමය ආහාරයක අත්‍යාවශ්‍ය ප්‍රෝටීන 9 යම නැත. ඇත්තේ එකක් හෝ දෙකක් හෝ කිහිපයක් පමණි. එබැවින් දෛනිකව අවශ්‍ය Essential ප්‍රෝටීන් නවය ශාක ආහාර වලින් ලබාගැනීම සඳහා ප්‍රෝටීන අඩංගු ශාක වර්ග රාශියක් දෛනික ආහාර වේලට එක්කර ගතයුතුය. එය කිරීම ඉතාම අපහසුය. බොහෝ සතුන් ජීවත් වන්නේ දවසේ වෙනත් සීමිත වැඩ වල පමණක් යෙදෙමින් ආහාර ගැනීම සඳහා මෙසේ ප්‍රෝටීන සහිත ආහාර සෙවීමට පුර්ණ කාලය යොදා ගන්මින්ය. සෑම සත්ව ආහාරයකම මේ Essential ප්‍රෝටීන් නවයම ඇති බැවින් මාළු කෑල්ලක් මස් කැබැල්ලක් කරවල ටිකක් උම්බලකඩ ටිකක් ආහාරයට එක් කරගැනීමෙන් දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය සපයා ගැනීමේ පහසු වන බවද වාර්තා වේ. සෝයා වල මෙම ප්‍රෝටීන් තිබුනද වැඩිපුර ගැනීම එතරම් සුදුසු නොවේ යැයිද සදහන් වේ..
Side effects of becoming vegetarian
Potential Health Risk of a vegetarian dieat
Nayana Wijeratne, STO- Yatinuwara.
3 comments:
දැන් මේ කියල තියෙන විදියට, මස් මාලු කන්නෙ නැති මිනිස්සුන්ට ලෝකේ තියෙන ඔක්කොම ලෙඩ හැදෙනව. මෙතන ලෙඩ වර්ග 45 ක් විතර තියෙනව.
දැන් මට තියෙන ගැටලුව තමයි හොදට මස් මාලු කන මිනිස්සුන්ට මේ කියන විදියට මේ ලෙඩ එකක් වත් නොහැදී තියෙන්න ඕන.
මම ජීව විද්‍යාව ගැන දන්නෙ නෑ. ඒත් මම දන්නව මානවයන් පැවතගෙන එන්නෙ වානරයන් පරිනාමනය නිසා කියල. එතකොට මේ වඳුරොන්ට මේ ඔක්කොම ලෙඩ හැදිල පරම්පරාව පවත්වගන්න බැරුව වඳ වෙලා ගිහින් තියෙන්න ඕන.
මට කියන්න තියෙන්නෙ පිට රට blog එකක් කොපි කරල හරියට මේ ලංකාවේ පරික්ෂණ කරල ඔප්පු කරල පෙන්නපු දෙයක් වගේ ලියන්න එපා. ඒ foreign blog එක ලිව්වේ මොකෙක්ද කියල වත් දන්නවද ? අඩු ගානේ දොස්තර කෙනෙක් වත්ද ලිව්වෙ කියල දන්නවද?
තමන්ගේ පැවැත්මට අහින්සක සත්තුන්ගේ ජීවිත නැති කරන එක කොහොම වත් අනුමත කරන්න නෑ.
ඔය සරා මහත්තයා කයනවාද මට ඇයි කයිලා වඳුරන්ගේ රිලවුන්‍ේගේ ච්ම්පන්සියන්ගේ රදනක දත් හොඳින් වැඩිලා තියෙන්‍ේන කියලා?
Post a Comment