January 23, 2017

ප්‍රමාණවත් තරම් ජලය පානය පානය කිරීම කළ යුත්තේ ඇයි?

  
පේ ශරීරයෙන් 70%ක්ම ඇත්තේ ජලයයි. ඒ නිසා සිරුරේ ක්‍රියාකාරීත්වයට ජලය කියන්නේ අත්‍යවශ්‍යම සාධකයක් බව අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම කාන්තාවන් ගැන කතා බහ කරන විට කාන්තාවන්ගේ ශරීරය විවිධ වයස් මට්ටම්වලදී වෙනස් වීම්වලට බඳුන් වන නිසා ජලයේ අවශ්‍යතාව ගැන ඔවුන් වවඩාත්ම සැලකිලිමත් විය යුතුයි. 

සමේ තෙතමනය රැක ගැනීමට
කාන්තා සිරුරේ අභ්‍යන්තරය ක්‍රියාවලියට පමණක් නොව සම, නිය හා හිසකෙස්වල නිරෝගී බවටත් ජලය අත්‍යවශ්‍යයි. සමේ තෙතමනය රඳවන ආලේපන ගැල්වුවත් ශරීරය ඇතුළතින්ම ලබාදෙන පෝෂණය වඩාත් වැදගත්. සම රැලි වැටීම වළක්වා දිදුලන නිරෝගී බවක් ලබා ගැනීමට නම් ජලය පානයට වැඩි අවධානයක් ලබා දිය යුතුමයි. නියපොතු අවර්ණ වී කැඩී යමින් සම අඳුරු වීමටත් විජලනය බලපානවා. මේ නිසා රූපලාවණ්‍ය ගැන සිතන ඔබත් පිටත ආලේපනවලට වඩා අභ්‍යන්තර පෝෂණය ගැන සැලකිලිමත් වීම අනිවාර්යෙන්ම කළ යුතුයි.

ශරීර උෂ්ණත්වය අඩු කිරීමට
ඇතැම් කාන්තාවන්ගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි නිසා ජලය හොඳින් පානය කිරීමෙන් එය තරමක් දුරට හෝ මැඬපැවැත්විය හැකියි. ගර්භාෂයේ දරුවන් පිළිසිඳ ගැනීමේදී ගැටලු ඇතිවන්නේද ශරීර උෂ්ණත්වය නිසයි. හොඳින් ජලය පානය කරමින් සිරුර සිසිල්ව තබා ගන්නේ නම් මෙවැනි අවදානම්වලින් අත්මිදිය හැකියි.
බෝ නොවන රෝග අවදානම වැළැක්වීම
කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය හා දියවැඩියාව වැනි බෝ නොවන රෝග අවදානමින් මිදෙන්න ජලය කදිම ඔෟෂධයක්. දියවැඩියා රෝගීන්ගේ සිරුරින් ජලය නිතර පිටවන නිසාත් වැඩිපුර ජලය පානය කළ යුතුමයි. හෝමෝන ගැටලු ඇතිවීමෙන් මතුවන ආතතිය පාලනයටද ජලය සුදුසුම පානයක්.
අස්ථි රෝග වැළැක්වීමට
අස්ථිවල 25%ක්ම ජලය පවතින නිසා එහි නිසි ක්‍රියාකාරිත්වයට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම ඉතාම වැදගත් වෙනවා. වයස් ගතවන විට විවිධ අස්ථි රෝග ඇතිවීමේ අවදානම කාන්තාවන්ට වැඩි නිසා ඔබ ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුමයි.  කැල්සියම් අඩංගු කිරි වැනි පාන වර්ග, කැඳ වර්ගවල පෝෂණය අඩංගු වුවත් උණුකර නිවාගත් පිරිසුදු මිනරල් වතුර කෝප්ප 8ක්වත් පානය කිරීමට හුරුවන්න.
මානසික සුවයට
නව යොවුන් වියේදී තරුණියකගේ ශරීරය ඇතුළතින් මෙන්ම පිටතින්ද විශාල වෙනසකට ලක් වෙනවා. මේ ක්‍රියාවලියේදී සිරුර නිසි ලෙස ක්‍රියාත්මක වීමට හා නිරෝගී බව රැක ගැනීමට ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම අනිවාර්යයි. මනසද මේ අවධියේදී විශාල වෙනසකට ලක්වන නිසා එම ආතතියෙන් මිදීමට හොඳින් ජලය පානය පුරුද්දක් කර ගන්න. කොහොමත් නිසි ලෙස ශරීර ක්‍රියාකාරිත්වය සිදු නොවන විටෙකදී මුහුණ දෙන්නට වෙන මානසික ආතතියත් ඉතාම වැඩි බව පැහැදිලිව දකින්න පුළුවන් කරුණක්.
නිසි ලෙස ජලය පානය කළ යුත්තේ කොහොමද?
ජලය පානය කිරීමට පිපාසය ඇති වනතෙක් සිටින්නට එපා. පිපාසය ඇතිවීමෙන් ඇඟවෙන්නේ සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය හිඟ බවයි. මේ නිසා පිපාසය ඇති වීමට පෙර වතුර පානය කිරීමේ පුරද්ද ඇති කර ගන්න. පැය දෙකකට වරක් වතුර කෝප්පයක්වත් පානය කරන්න. ප්‍රධාන ආහාර වේලට පසු නින්දට පෙර වැඩිපුර වතුර පානය කරන්න එපා. නමුත් දිවා කාලයේ විටින් විට වතුර පානය කරමින් ශරීරයේ උෂ්ණත්වය පාලනය කර ගන්න උත්සාහ ගන්න

 උපුටා ගැනීම  - අන්තර්ඡාලය ඇසුරිනි
Nayana Wijeratne - STO Yatinuwara

0 comments:

Post a Comment