January 30, 2017

දත් කුහර ස්වභාවිකව ප්‍රකෘතිමත් කිරීම

නරක් වූ දත් ප්‍රකෘතිමත් කළ හැකි නව ක්‍රමයක් පර්යේෂකයන් විසින් සොයා ගෙන තිබේ. සාමාන්‍යයෙන් ඇල්සයිමර් රෝගය සදහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ඖෂධයක් භාවිතා කරමින් දත් කුහර වලට පිළියම් කිරීමට මෙම විද්‍යාඥයන් කණ්ඩායම සමත් වී ඇත. මෙහිදී දත්වල ඝන අක්ෂි පටල නැවත ස්වභාවිකව සකස් කරන ස්ටෙම් සෛල වර්ධනය උද්දීපනය කරනු ලැබේ.

දන්ත වෛද්‍යවරු දැනටමත් දත් දිරායාම සහ දත් කුහර සදහා ප්‍රතිකාර කලද ඒවායින් සැමවිටම සැහීමකට පත් විය නොහැක. මෙම කුහර පිරවීම සදහා භාවිතා කරන බදාම පසුව පලුදු වීම හෝ කොටස් වලට කැඩීයාම සිදුවන බැවින් බොහෝවිට දන්ත වෛද්‍යවරයාට  නැවත වරක් වඩා විශාල දත් කුහර සදහා ප්‍රතිකාර කිරීමට හෝ අවසානයේදී දත ගලවා දැමීමට සිදුවේ. එහෙත් tideglusib නම් දැනටමත් භාවිතාවන ඖෂධය භාවිතයෙන් දත් කුහර වලට ප්‍රතිකාර කිරීමෙන් පර්යේෂකයෝ සුවිශේෂී කාර්යයක් කර තිබේ.

දත විවිධ ස්ථර වලින් සමන්විතය. දතෙහි ඉහළම ස්ථරය තද එනමලයකින් නිර්මාණය වී ඇති අතර යටින් වූ දන්තනියේ ඝනකම්  ස්ථරය මගින් ඉතා මෘදු පල්ප වන් මදය වට (ආවරණය ) කර තිබේ. දතේ මධ්‍යම ඇත්තේ ස්ටෙම් සෛල වේ. එනිසා දත් කුහරයේ ගැඹුර මත බදාම මගින් ප්‍රකෘතිමත් කිරීම සීමාසහිත වේ.

පර්යේෂක කණ්ඩායම මියන්ගේ දත්කුහර සදහා ජෛව ජීර්ණ විශේෂයක ස්පොන්ජයක් tideglusib වලින් පොගවා ප්‍රතිකාර  ලෙස භාවිතා කරන ලදී. යම් කාලයකට පසු  ස්පොන්ජය අලුතින් ගොඩනැගුනු දන්තනය බවට පරිවර්තනය විය. එනම් දත් තමාගේ ස්ටෙම් සෛල වඩා වේගයෙන් වර්ධනය කර ගැනීම මගින් ස්වභාවිකව තම කුහරය වසා ගැනීම සිදු කර තිබේ. මේ සදහා යොදා ගත් ඖෂධය දැනටමත් වෙනත් රෝග වලට ප්‍රතිකාරකයක් ලෙස භාවිතා කරන බැවින් එය ඉතා ඉක්මනින් සායන මට්ටමෙන් භාවිතා කිරීමට හැකියාව ලැබෙනු ඇත.


 අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.

1 comments:

Post a Comment