January 6, 2017

නිත්‍ය මුද්‍රණ යන්ත්‍රය

පරිඝණක  මුද්‍රණ යන්ත්‍රයේ ඉතිහාසය පරිඝණකයේ ඉතිහාසය තරම්ම දිවෙන දෙයක් බව අප කවුරුත් දනී. එහි විකාශය ඩේසි වීල්  (Daisy Wheel) මුද්‍රණ යන්ත්‍රයේ සිට ඩොට් මැට්රික්ස් (Dot Matrix) ද ඉන් පසු තීන්ත විදින (Ink Jet) මුද්‍රණ යන්ත්‍රයද අවසාන වශයෙන් ලේසර් මුද්‍රණ යන්ත්‍රය ද වශයෙන් දැක්විය හැක. මේ සියල්ලේම ප්‍රශ්නය වන්නේ ඒවාට විශාල වශයෙන් කඩදාසි අවශ්‍ය වීමයි. තවද ටොනර් වැනි දේටද විශාල වශයෙන් මුදල් වැයවීම ද තවත් ප්‍රශ්නයකි. කිසිවෙකුට හැකි වේවිද තීන්ත රහිත කඩදාසි රහිත මුද්‍රණ යන්ත්‍රයක් අනාගතයේ නිපදවීමට?

     මෙය නව අදහසක් නොවේ. Xerox  ව්‍යාපාරය 1970 සිට ඉලෙක්ට්‍රොනික කඩදාසි පිළිබද පර්යේෂණ පැවැත්වූ ආයතනයකි. ඔවුන්ගේ එක් විසදුමක් වූයේ ගයිරිකොන්නැමති පත්‍රයයි. එය ඉතා සියුම් පාරදෘශ්‍ය (විනිවිද පෙනෙන) ප්ලාස්ටික් වර්ගයකින් සෑදී ඇති අතර එහි මිලියන ගණනින් ඉතා කුඩා තෙල් පිරවු සිදුරු පවති. වර්ණ දෙකකින් සමන්විත පබළුවක් එක්එක් සිදුරු වල නිදහසේ කැරකීමට  සකස්කර ඇත. මුද්‍රණ යන්ත්‍රය මගින් වෝල්ටීයතාවයක් මෙම පත්‍රෙය් මතුපිටට ඇති කළවිට මෙම පබළු  කැරකී එක්  වර්ණයක් පෙනීමට සැලැස්වීමයි.මෙමගින් පත්‍රය මත අකුරු සහ චිත්‍ර පෙන්වීමට හැකිවේ. එම පත්‍ර නැවත මුද්‍රණ යන්ත්‍රයකට ඇතුලත් කරන තෙක්ම එම අකුරු හෝ චිත්‍ර එසේම පවතී. එනම්  මෙම පත්‍ර නැවත භාවිත කළ හැකි වේ.
    ජපානයේ සන්වා නිව්ටෙක් ආයතනය ද තීන්ත රහිත ටෝනර් රහිත මුද්‍රණ තාක්ෂණයක්  නිපදවා ඇත. ඔවුන් එය නිමකර  ඇත්තේ ප්‍රීපීට්නම්  නැවත මුද්‍රණය කළ හැකි ප්‍රින්ටරය වශයෙනි. මෙහිදී ප්ලාස්ටික් පත්‍රය තුල ඩයි වර්ගයක් කවා ඇති අතර උෂ්ණත්වය අනුව එහි පාට වෙනස්වීමක් සිදුවේ. සීතල අවස්ථාවේ පාට ස්ථාවරව පැවතෙන අතර උණුසුම් කල විට පාට මැකීයයි. ප්‍රීපීට් මුද්‍රකය පළමුව තම පත්‍රය උණුසුම් කර පත්‍රයේ යමක් ඇත්නම් මකා දමා අඵතින් ලිවීම අරඹයි. මෙම ආයතනයට අනුව එක පත්‍රයක් 1000 වාරයක් පාවිච්චි කළ හැක.
        අන්තර්ජාලය ඇසුරිනි.

0 comments:

Post a Comment