January 16, 2017

රූපලාවන්‍ය වැඩ ගොඩක් කළහැකි තේ

ප්‍රති ඔක්සිකාරකවලින් පොහොසත් පානයක් වන තේ, හුඟක් පලතුරු සහ එලවලුවලට වැඩ ඉදිරියෙන් සිටියි. තේ බීමක් ලෙසින් මෙන්ම රුපලාවන්‍ය ආලේපයක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්.

සමට ලැබෙන වාසි  

  • ඔබ අවුවේ ගිහින් සම පිලිස්සිල නම්, සම ආයෙත් යථා තත්වෙට පත් කරන්න වගේම, සුළු සුළු චර්ම රෝග, රේසරය භාවිතා කරලා රැවුළු කැපීමෙන් පස්සේ සමේ ඇතිවෙන දැවිල්ල වගේ තත්වයන්ටත් සම ඉක්මනින් වියපත් වීම වළක්වන්නත් ආලේපයක් ලෙස යොදා ගත හැක. 
    • ආලේපය සාදා ගැනීම: සාමාන්‍ය කහට තේ ශීතකරණයේ තබා සිසිල් කරගන්.  ඉන්පසු  ශරීරයේ ආලේප කර විනාඩි 15 ක් පමණ සමට උරාගැනීමට සලසා ගන්න.
  •  ඒ වගේම තේ හදල ඉතුරුවෙන මන්ඩි ටික නිවෙන්න ඇරලා ඔබේ වසාගත් දෑස් පියන්මත විනාඩි 15 ක් තබාගෙන සිටීමෙන් ඇස්වටා අඳුරු පැහැය දුරලන්න පුළුවන්. පාවිච්චි කළ කුඩා තේ බෑග් මේ සඳහා වඩාත් සුදුසුයි.
  • මුඛ දුර්ගන්ධය මකන්න හොඳ මවුත් වොෂ් එකක් ලෙස භාවිතා කල හැක.

 හිසකෙස්වලට
  • තේවලට පුළුවන් ඔබේ හිස කෙස් දීප්තිමත් කරන්න.


ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන ෂැම්පු සහ කන්ඩිෂනර් යොදල හිසකෙස් සිසිල් කළ තේ වලින් සෝදා හැකි ඉක්මනට ඔබේ හිසකෙස් පරණ ටී කමිසයකින් (t shirt) ඔතන්න.

0 comments:

Post a Comment