January 26, 2017

ප්‍රෝටීන සඳහා ලේසිම පාර

බිත්තර කියන්නෙ පෝෂණ ගුණයෙන් ඉතාම ඉහල ආහාරයක්.  විශේෂයෙන්ම අපේ සිරුරේ පෝෂණ අවශ්‍යතාවය  සපුරාගැනීමේදී බිත්තරයකට වැඩි දායකත්වයක් ලබාදෙන්න පුළුවන්. නමුත් බිත්තරයක ඇති පෝෂණ සංඝටක පිළිබඳ අනවබෝධය නිසා අවසානයේ බිත්තර නිසාම අසනීප වන්නත් පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට රෝගී පුද්ගලයන්ට බිත්තර ආහාරයට දීමේදී වඩාත් සැළකිලිමත් විය යුතුයි.

අපේ සිරුරේ මාංශ පේශීන් වර්ධනයට අත්‍යවශ්‍යම පෝෂපදාර්ථය වන්නේ ප්‍රෝටීන. බිත්තර ආහාරයට ගන්නවා කියන්නෙ අපේ සිරුරේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් ඉටුවනවාය කියන එක. ප්‍රෝටීන වැඩිපුරම අඩංගු වන්නේ බිත්තර සුදුමදයේ . ඊට අමතරව බිත්තර සුදු මදයේ ඇමයිනෝ අම්ල නමැති සංඝටකය අඩංගු වෙනවා. මිනිස් සිරුරට ඇමයිනෝ යම් ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් මෙම සංඝටකය ශරීරය තුළ නිපදවිය නොහැකියි. ඒ නිසා  බාහිරින් ලබාගන්නම සිදුවනවා. ඊට පහසුම ක්‍රමය වන්නේ බිත්තර ආහරයට එකතුකර ගැනීම. ප්‍රමාණයෙන් විශාල බිත්තරයක ප්‍රෝටීන 9g ක් සහ කැලරි 70g ක් අඩංගුයි. මේ නිසා ශරීරය වෙහෙසවා වැඩ කරන අයට සේම වැඩෙන දරුවන්ගේ ආහාර වේලටත් බිත්තර එකතු කිරීම ඉතාම වැදගත්. එලෙසම තාය වර්ධන ව්‍යායාමයේ යෙදෙන ක්‍රීඩකයන් දිනකට බිත්තර 4 සිට 22 දක්වා ප්‍රමාණයත් ගැනීමට පුරුදු වී සිටිති.
සාමාන්‍යයෙන් බිත්තර කීයක් දිනකට ආහාරයට ගතයුතුද යන්න බොහෝ දෙනෙකුට පවතින ගැටළුවක්. ඔබ කාර්‍යශීලී වැඩිහිටියෙක් නම් දිනකට බිත්තර දෙකක් ආහාරයට ගත්තද ගැටළුවක් නැහැ. නමුත් දිනකට එක්  බිත්තරයක් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. පාසල් යන වයසේ වැඩෙන දරුවන්ටත් දිනකට බිත්තරයක් ආහාරටයට එක් කළාට ගැටළුවක් නැහැ. ගර්භනී මව් වරුන්ට අවශ්‍ය සුවිශේෂී පෝෂක කොටස් බිත්තරයේ අඩංගු වෙනවා. නමුත් එවැනි තත්වයේ පසුවන අය ආසාත්මික තත්වයන් ඇති නොවෙනවා නම් පමණක් බිත්තර ආහාරයට ගත්තාට වරදක් නැහැ.
බිත්තර කහමදයේ විටමින් ඒ,ඊ කැල්සියම්ල යකඩ තෙල්, පොස්පරස්,ඛනිජ ලවණ, ආදී සංඝටක යහමින් අඩංගු වෙනවා. අවශ්‍ය නම් පෝෂණ අවශ්‍යතා මත කහමදය ආහාරයට ගැනීමට හෝ නොගැනීමට පුළුවන්. බීටා කැරොටීන් නමැති සංඝටකය නිසා තමයි මෙම කොටස කහපාටක් උසුලන්නේ.
රූපලාවන්‍යයේදී
බිත්තරවල තිබෙන සංඝටක රූපලාවන්‍යයේදී ඉතාම වැදගත්. එවැනි සත්කාර බොහොමයකට බිත්තර යොදාගන්නෙ ඒ නිසයි. හිසකෙස් ,නිය වර්ධනයට සේම තරුණ පෙනුම රැක ගැනීමටත් බිත්තර සාරය කදිමයි. ඒ වගේම බිත්තරවල තිබෙන කෝලීන් නමැති සංඝටකය මතක ශක්තිය වැඩි කරන බවට පර්යේෂණ වලින් තහවුරු වී තිබෙනවා.
බිත්තර කියන්නෙ ඉතාම ඉක්මනින් පිළියෙල කරගන්න පුළුවන් ආහාරයක්. තම්බා ආහරයට ගැනීම වගේම බැදීමෙන් පසු ආහරයට ගැනිමත් එක සේ ගුණදායකයි. ඇතමුන් බිත්තර අමුවෙන්ම ආහාරයට ගන්නවා. එහිදී වඩාත් පරිස්සම් වියයුතුයි. කුකුල් අසූචිවල ඇති සැල්මොනෙල්ලා නමැති විශබීජය බිත්තර අමුවෙන් ආහාරයට ගැනීමේදී ශරීරගත වීමේ අවදානම තියෙනවා. මේ නිසා බිත්තර තැම්බීමෙන් හෝ බැදීමෙන් පසු ආහාරයට ගැනීම වඩාත්ම සුදුසුයි.

සමහරුන් ගෙ අදහසක් තියෙනවා ගම් බිත්තර ෆාම් බිත්තරවලට වඩා ගුණයි කියලා. ඒකේ විශාල සත්‍යයක් නැහැ. ගම් බිත්තරවල පැහැය වැඩි වීමට හේතුව වන්නෙ ඒ කිකිළියන් ආහාරයට ගන්නා ද්‍රව්‍යය නිසයි. ෆාම් කිකිළියන්ටත් අදාල පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ලබාදෙන නිසා බිත්තරේ ගුණය පිළිබඳ ගැටළුවක් ඇතිවන්නෙ නැහැ.
උපුටා ගැනීම - අන්තර්ඡාලය ඇසුරිනි
Nayana Wijeratne - STO ,Yatinuwara



0 comments:

Post a Comment