විටමින් ස්වභාවිකව ලබාගත හැකි ආහාර වර්ග |
කෟතීමව නිෂ්නිපාදිත විටමින් වර්ග |
විටමින් D සහ විටමින් C දියවී ඇත්තේ ජලයේ. ජලයේ දියවී ඇති විටමින් අවශ්‍ය පමණට
වඩා ශරීරයට ගත්තත් හානියක් සිදුවන්නේ නෑ. ඒ ඉතා පහසුවෙන් ඒවා ශරීරයෙන් පිටවී යන
නිසයි.
විටමින් A
ශරීරයට ලැබෙන විටමින් A ප්‍රමාණය අඩුවීම අස්ථි වර්ධනයට ඍජුවම බලපානවා. අපගේ සම
ඉක්මනින් රළු වීමට විටමින් A ඌනතාවය හේතු
වෙනවා. විටමින් A ඌනතාවය
විශේෂයෙන් ම බලපාන්නේ ඇස්වලට. ටමින් A ශරීරයට වැඩිවීමත් ප්‍රබල ගැටලුවක්. පමණට වඩා ශරීරයේ
විටමින් ඒ වැඩිවීම අක්මාව සහ අස්ථි ආශ්‍රිත රෝගවලට හේතුවක්.විටමින් A කිරි, මස්, බිත්තර වැනි සත්ව ආහාරවල බහුල වශයෙන් අඩංගු වෙනවා. ඊට
අමතරව කැරට්, බතල, පලා වර්ග ආදියේත් විටමින් බහුලව A තිබෙනවා.
විටමින් B
විටමින් B යනු විටමින
සංකීර්ණයක්. විටමින් B1, B2, B4, B5,
B6, B12 ලෙස ඒවා නම් කෙරෙනවා.B කාණ්ඩයේ විටමින අප එදිනෙදා ගන්නා සත්ව ආහාරවල මෙන් ම
ධාන්‍යවලද ඉතා සුලභව තිබෙනවා. බයොටින් නම් විටමිනය අයත් වන්නේත් විටමින් B යටතට. බයොටින් සත්වමය ආහාරවල මෙන් ම තක්කාලිවලත් බහුලව
තිබෙනවා.
විටමින් C
දොඩම්, නෙල්ලි වැනි
ආහාරවල විටමින් C බහුලයි.
විටමින් C අප ගන්නා
ආහාරවල පෝෂ්‍ය කොටස් ශරීරයට උරාගැනීමට බෙහෙවින් උපකාර වෙනවා.ඒ නිසයි අප ගන්නා ප්‍රධාන
ආහාර වේලකට පසුව විටමින් C අඩංගු පලතුරක්
ආහාරයට ගත යුත්තේ. විදුරු මස් වලින් රුධිර වහනය, කැසීම් නිසා නිතර තුවාල ඇතිවීම සහ එම තුවාල සුවවීමට කලක්
ගතවීම වැනි තත්ත්වයක් විටමින් C ශරීරයට අඩුවීම
නිසා ඇතිවිය හැකියි.එළවළු සහ පලතුරු වල විටමින් C බහුලව අඩංගු වන අතර ඒවා සිහින්ව කැපූවිට විටමින් C විනාශ වෙනවා. ආහාර අධික උෂ්ණත්වයට රත් කිරීම ද විටමින් C විනාශ වීමට එක් හේතුවක්.
විටමින් D
අපේ සමේ යම් යම් කොටස් හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ
වලට නිරාවරණය වීමෙන් අපගේ සම මතම විටමින් D නිපදවෙනවා.
මුහුදු මසුන්ගේ අක්මා තෙල්වලින්, බිත්තර
කහමදයේත් විටමින් D බහුලයි.විටමින්
D අඩුවීම එම
දරුවා Rickets නම් රෝග
තත්ත්වය ඇතිවීමටත් වැඩිහිටියකුගේ ශරීරයේ විටමින් D අඩුවීම Osteomalasia නම් රෝග
තත්ත්වය ඇතිවීමටත් හේතුවන බව සොයාගෙන තිබෙනවා.විටමින් E
රටකඡු ආමන්ඩ් වැනි ඇට වර්ග මෙන්ම නිවිති වැනි ශාකවලද අලිපේර වැනි පළතුරුවල සහ ශාක තෙල් වල අඩංගු විටමින් E යනු මේදයේ දියවන, ජලයේ දිය නොවන විටමින් වර්ගයක් වේ. එමනිසා, ශරීරය තුළ විටමින් E ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය රතු රුධිරාණු (Red blood cells) නිෂ්පාදනයට මෙන්ම, රුධිරය කැටිගැසීමේ යාන්ත්‍රණයට වැදගත් වන විටමින් K සක්‍රීය කිරීමටද වැදගත් වේ. එයට අමතරව, අපේ ශරීරය තුළ විටමින් E ප්‍රතිඔක්සිකාරකයක් (Antioxidant) ලෙස ක්‍රියාත්මක වන බැවින්, මුක්ත ඛණ්ඩක (Free-radicals) සහ මේදය මගින්, ශරීරයේ අවයව, අස්ථි, සහ පටක වලට හානි සිදුවීම වළක්වයි.
විටමින් K
අක්මාවේ තැන්පත් කර ඇති විටමින් K අන්ත්‍රයේ සිටින බැක්ටීරියා මගින් ස්වභාවිකවම ශරීරය තුල නිපදවනු ලැබේ. ඊට අමතරව තද කොළපැහැති පත්‍ර සහින එළවඑවල බහුලව ඇත. අස්ථි වර්ධනය සහ අඑත්වැඩියාවටද රුධිරය කැටිගැසීමේ ක්‍රියාවලිය සදහා විශාල මෙහෙයක් ඉටු කරණු ලබන අතර පරිවෟත්තීය ක්‍රියා නිසි පරිදි පවත්වා ගෙන යාමටත් මොලයේ ක්‍රියාකාරීත්වයටත් පිලිකා සෛලවලට එරෙහිව ක්‍රියා කිරීමටත් වැදගත් වේ. මෙය අඩුවීම නිසා අස්ථි දුර්වලවීම, ඔස්ටියෝපෙරෝසිස් මෙන්ම රුධිරය කැටිනොගැසීමට හේතු වේ.
උපුටාගැනීම - අන්තර්ඡාලය ඇසුරිනි
Nayana Wijeratna -STO,Yatinuwara
0 comments:
Post a Comment