January 20, 2017

ජංගම දුරකථනයක් භාවිතයේදී ඔබ විසින් දැන සිටිය යුතුම කරුණු


ජංගම දුරකථනය නැතහොත් mobile phone එක නැතිව ගෙදරින් එළියට බහින්න බැරි තරමටම අද එය අපේ ජීවිත වලට බද්ධ වෙලා. ඇත්තටම කාර්ය බහුල ජීවිත ගත කරන අපට අපේ වැඩ පහසු කරවන මෙවලමක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්. ජංගම දුරකථනයක් භාවිතයේදී ඔබ විසින් දැන සිටිය යුතුම කරුණු කිහිපයක් තියෙනවා. බලන්න ඔබ දන්නා කරුණු වගේම නොදන්නා කරුණුත් මේ අතර තියෙන්න පුළුවන්
අපේ රටේ ජනගහනය ආසන්නව මිලියන 22 යි . දුරකථන පාරිභෝගකයින් සංඛ්‍යාව මිලියන 26 යි.



දුරකථනයක් මිලදී ගැනීමේ දී
1.  වෙනත් අය විසින් පාවිච්චි කරන ලද දුරකථන මිල දී ගැනීමෙන් වලකින්න.

      (එය සමාජ විරෝධි ක්‍රියාවන්ට භාවිතා කරන ලද හෝ සොරකම් කරන ලද එකක් වුවහොත් ඔබේ නිවැරදි    බව ඔප්පු කිරීමට බොහෝ වෙහෙසීමට සිදුවේවි.)
·        2 . ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ඇති වෙළදසැලකින්ම මිලදී ගැනීමට කටයුතු   කරන්න.

ඉමි අංකය ( Emi number )  
·         ඔබගේ දුරකථනයේ ඉමි අංකය ඔබ විසින් දැන සිටින්නේ නම්, එය අස්ථාන ගත වු විටෙක නැවත සොයා ගැනීම සඳහා උපයෝගී වේ.
( * # 06#  send  කිරීමෙන් ඔබට ඔබගේ දුරකථනයේ ඉමි අංකය ලබා ගත හැකි වේ )
·         මිලදී ගැනිමේ දී දුරකථනයේ ඉමි අංකය   හා ඇසුරුම් පෙට්ටියේ සඳහන් ඉමි අංකය හා සසඳා   බලන්න.
(ඇසුරුම් පෙට්ටිය මත අලවා ඇති ස්ටිකරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් අදාල දුරකථනය අප රටතුල භාවිතය සඳහා සුදුසු එකක් බවට දෙන ලද සහතිකයක් සේ සැලකිය හැක)
·         ඔබට ලැබෙන බිල්පතේ ද ඉමි අංකය සටහන් කරවා ගන්න.
·         මිලදී ගැනීමට බලාපොරොත්තු වන දුරකථනය පිළිබඳ සියළු සැක සංකා දුරු කරගැනීම සඳහා එහි ඉමි අංකය වෙනත් දුරකථනයකින් Emi  space ( Emi number සටහන් කරන්න ) ලෙස සටහන් කොට 1909 (වි.සං.නි.කො.ස.)  වෙත send කරන්න. ඔවුන් එවලේම ඔබට අවශ්‍ය විස්තර ලබා දෙනු ඇත.

ජංගම දුරකථනය අස්ථාන ගත වු විට,
·         දුරකථන සම්බන්ධතාවය ලබා ගත් සමාගමට දැනුම් දී එය විසන්දි කිරීමට කටයුතු කරන්න.
·         පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සටහන් කරන්න.
·       පොලිස් පැමිණිල්ලේ උධෘතයක් හ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සමග අස්ථාන ගත වු දිනය, භාවිතා කළ දුරකථන අංකය හා ඉමි අංකය ආදී විස්තර ඇතුලත් ලිපියක්  වි.සං.නි.කො.ස. වෙත ඉදිරිපත් කරන්න.

දුරකථනය අළුත්වැඩියාව පිණිස දෙන විට,
·         සිම්පත ඉවත් කරගන්න.
·   දන්නා හඳුනන කෙනෙකුට හෝ ස්ථානයකට පමණක් දෙන්න. ( දුරකථන අළුත්වැඩියා කරන ස්ථාන ද වි.සං.නි.කො.සභාවේ අනුමැතිය ලබා තිබිය යුතු බවද මතක තබාගන්න. ඒ සඳහා සමාගම විසින් ලබාදෙන සහතිකය කාටත් පෙනෙන  ස්ථානයක ප්‍රදර්ශනය කළ යුතු බවට නීතියක් ඇත.)
·        පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ තබා යන්න එපා.( ඒවා තබා ගැනීම සඳහා වෙනම pen drive එකක් භාවිතා කිරීම සුදුසුම ක්‍රමයයි.)

දුරකථන සමාගම් විසින් ලබාදෙනු ලබන ත්‍යාග
·         එම සමාගම් කිසිවිටෙක  ත්‍යාග ලබා දීමට පෙර අපෙන් මුදල් ඉල්ලා නොසිටින බව තරයේ මතක තබා ගන්න.
·    එවන් දුරකථන ඇමතුමක් ලැබුන විට එම උපදෙස් අනුව ක්‍රියාකිරීමට පෙර අදාල දුරකථන සමාගම අමතා සත්‍යතාවය පිළිබඳව විමසන්න.
·         මෙවැනි ත්‍යාග ලබා ගැනීම සඳහා ඔබ තුන්වන පාර්ශව ගිණුම් වලට මුදල් තැන්පත් කිරීමෙන් වලකින්න.
·      විශේෂයෙන්ම 0025778180037 වැනි අංකයකින් ඔබ වෙත ත්‍යාග ලැබී ඇති බව දන්වා ඉංග්‍රීසි බසින් එවන කෙටි පණිවිඩ  දෙවරක් නොසිතාම නොසලකා හරින්න. ඒ සම්බන්ධව ඔබ විසින් ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් සිතාගත නොහැකි අන්දමේ දුරකථන බිලක් ඔබ වෙත ලැබීමට ඉඩ ඇත.


ඔබට හිංසාකාරී ඇමතුම්  හෝ කෙටි පණිවුඩ ලැබුනහොත් ,
·         කලබල නොවී කටයුතු කරන්න.
·         ආචාරශීලිවන්න.
·         අනවශ්‍ය කෙටි පණිවිඩ වලට පිළිතුරු යැවීමෙන් වලකින්න.
·         අනවශ්‍ය දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමෙන් වලකින්න / ඇමතුම විසන්දි කරන්න
·         එම දුරකථන අංකය block/ reject  කරන්න.
·      දිගින් දිගටම කරදරකාරී ඇමතුම් හෝ කෙටි පණිවිඩ ලැබුනහොත් පොලිස් ස්ථානයක පැමිණිල්ලක් ගොනු කරන්න.

උපකාරක සේවා
·         ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
011-2662215 /  2662216 /  2662222
·         අන්තර්ජාලය සම්බන්ධ ගැටළු සඳහා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අමතන්න.  011- 2691692


සැ.යු.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් සිදුකළ දැනුම්වත් කිරීමේ වැඩසටහනක දී ලබා ගත් තොරතුරු අනුව සකස් කරන ලදි.


0 comments:

Post a Comment