October 3, 2013

වයර් නැතිව ගෙදරට එන විදුලිය (WiTricity)


Nikola Tesla මහතා වසර 100 කට පෙර රැහැන් රහිත (වයර් නොමැති) විදුලිය (wireless Electricity) පිළිබඳ ප්‍රථමයෙන් අදහස් දක්වමින් කිසිවෙකු නොසිතූ ලෙස රැහැන් නොමැතිව විදුලිය ගමන් කරවීම (විදුලිය සම්ප්‍රේෂණය) සඳහා Tesla coil වැනි විවිධ ප්‍රායෝගික නිර්මාණ ඉදිරිපත් කරන ලදි.Long Island හි ඉඳිකර ඇති මෙම කුළුණ (රූපය), ලොවටම විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ අරමුණින් ක්‍රි.ව. 1900 මුල් කාලයේදී ඉදි කළද එය එම වකවානුවේදීම ආරක්‍ෂක හේතූන් මත FBI(Federal Bureau of Investigation) ට පවරා ගෙන තිබේ.

විදුලිය මිනිසුන්ට අත්‍යවශ්‍ය අංගයකි. විදුලිය උත්පාදනය හැර විදුලි නිෂ්පාදිතයේ සිට විදුලි පරි‍භෝජනය දක්වා ප්‍රවාහනයට ඉදිකර ඇති අධිබලැති විදුලි කණු හා රැහැන් සඳහා ඩොලර් ප්‍රකෝටි ප්‍රමාණයක් ආයෝජනය කර ඇත. විදුලි බලය ලබා දෙන අනෙක් භාණ්ඩය නම් බැටරියයි. වසරකට භාවිතා කර ඉවතලන බැටරි බිලියන 40 ක් පමණ නිෂ්පාදනය කරන අතර ආයු කාලයෙන් පසු ඒවායේ දිරාපත් වීම පරිසරයට අහිතකර වේ. එමෙන්ම බැටරි මඟින් කිලෝ වොට් 1 ක විදුලිය ලබා ගැනීමට විශාල මුදලක් අවශ්‍ය වේ.

  
වසර කිහිපයකට පෙර MIR ආයතනයේ සෛද්ධාන්තික භෞතික වේදීන්ගේ කණ්ඩායමක් විදුලිය සම්ප්‍රේෂණය (වයර නොමැතිව විදුලිය ප්‍රවාහනය) කිරීමේ සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර මීටර 2 ක් දුරින් වූ විදුලි බුබුලක් දල්වන ලදි. මෙහි කාර්යක්‍ෂමතාව 50% ක් පමණ වුවද බැටරියක් මඟින් ක්‍රියාත්මක කිරීමට වඩා කාර්යක්‍ෂම වේ. එහෙත් එහි කොයිල් ප්‍රමාණයෙන් විශාල වූ අතර විදුලි බුබුලක් දැල්වීම සංකීර්ණ ක්‍රියාවක් නොවේ. බිරිඳගේ cellular(සෙලියුල)  දුරකථනය බැටර් බලය අඩු බව හැඟවීමට නාද වීමෙන් අඛන්ඩව රාත්‍රී 3 ක් නින්දෙන් අවදි වූ මහාචාර්යවරයාට ඇති වූ “‍‍මේ කාමරය පුරා ඇති විදුලිය හෝ විදුලි පේනු එකක් හෝ cellular දුරකථනයට පැන එය ආරෝපණය (විදුලිය සම්ප්‍රේෂණය) නොකරන්නේ මන්ද? මගේ නින්දට බාධා නොකර” යන සිතුවිල්ල resonant energy transfer (අනුනාද ශක්ති සම්ප්‍රේෂණය) සංකල්පය ඇති වීමට හේතු විය.

ක්‍රියාකාරීත්වය

සත්‍ය ලෙසම ට්‍රාන්ස්ෆෝරමය (transformer) තුල coil ( දඟර) දෙකක් අතර චුම්භකව හා රැහැන් නොමැතිව විදුලිය සම්ප්‍රේෂණය වුවද coil දෙක ඉතා ළඟින් ට්‍රාන්ස්ෆෝරමය තුලම පිහිටා තිබේ. නෘත්‍ය ගායිකාවකගේ ගී නාදයෙන් වෙනත් කාමරයක ඇති වීදුරුවක් බිඳෙන්නා සේ වූ අනුනාද සංසිද්ධියෙන් (resonant phenomenon) ගොඩනැඟුණු තාක්‍ෂණය භාවිතා කර ආචාර්ය Sol Jacic දඟර දෙක එකිනෙකින් දුරස් කරන ලදි. මෙම සොයා ගැනීමට, ශෙෂ්ඨ බුද්ධිමතා (Genius) සම්මානය නම් අනුවර්ථ නාමයෙන් හඳුන්වන ලැබූ Mac Arthur Fellowship සම්මානයෙන් පසුගිය සැප්තැම්බරයේදී ඔහු පිදුම් ලැබුවේය. දඟරයට සම්බන්ධිත විදුලිබල ධාරකය (capacitor) ස්පන්දනය කිරීම මඟින් A/C විදුලියේ (ප්‍රතිවර්තිතධාරා/Alternate current) සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයකින් අනුනාද කරනු ලැබේ. ඉන් පසුව එම ප්‍රභවය/ උපකරණය අසලට එම සංඛ්‍යාතයෙන්ම පමණක් ක්‍රියාකල හැකි උපකරණයක් ආසන්න කළ විට උපකරණ දෙකම දැඩි සේ යුගල ගත වී ඒවා අතර චුම්බක ශක්තිය සම්ප්‍රේෂණය වේ. එනම් පළමුව විදුලියෙන් ආරම්භ වී එය චුම්බක ක්‍ෂේත්‍රයට පරිවර්තනය කර, එම චුම්බක ක්‍ෂේත්‍රය භාවිතා කළ හැකි විදුලිය බවට පරිවර්තනය කිරීම මෙහිදී සිදු වේ.
දැන් ඇතිවන ප්‍රධාන ප්‍රශ්ණය මෙය ආරක්‍ෂාකාරීද? යන්නයි. (පුද්ගලයින්, ඔවුන්ගේ විදුලි උපකරණ, පරිසරය යනාදිය සඳහා)
1.      මෙය විකිරණ සම්බන්ධ තාක්‍ෂණයක් නොව, එනිසා විකිරණශීලී නොවේ.
2.      මෙහි විදුලි ක්‍ෂේත්‍රයක් නොමැත. ඇත්තේ චුම්භක ක්‍ෂේත්‍රයක් පමණි.
3.      චුම්භක ක්‍ෂේත්‍ර අදාල උපකරණ තුල පමණක් ක්‍රියාත්මක වන අතර එය අප ජීවත් වන පෘථිවි චුම්භක ක්‍ෂේත්‍රයට සමානය.
4.      මෙම තාක්‍ෂණයේ ආකර්ශණීය ගුණාංගය නම් නියමිත සංඛ්‍යාතයෙන් ක්‍රියාත්මක උපකරණ වලට පමණක් ශක්තිය ආරෝපණය වේ. ස්වාභාවිකව මෙම ඉහළ සංඛ්‍යාතය ඇති කිරීම ඉතා අපහසුය. (එනම් විදුලි සැර වැදීමේ අවදානමක් නැති වේ.)
5.      ජාත්‍යන්තර පාලන අධිකාරීන් රජය පනවා ඇති නීති, රෙගුලාසි හා නිරීක්‍ෂණ මඟින් සෑම ක්‍රියාවක්ම පාලනය වී තිබේ.


වර්තමානයේ භාවිතා වන   ජංගම දුරකථන, ගෘහ විදුලි උපකරණ,මේස, පුටු යට ඇති රැහැන් මඟින් හා බැටරි වලින් ක්‍රියාත්මක සියළු උපකරණ, ග්‍රිල්, මෝටර් වැනි සියලු යාන්ත්‍රික උපකරණ,විදුලියෙන් ක්‍රියාත්මකවන වාහන වැනි යන්ත්‍රෝපකරණ වල බොහෝ විට පිටුපස/යට විද්‍යුත් කොයිලයන් සහිත WiTricity මඟින් ක්‍රියාකරන ඒකකයන් සවි කර යන්ත්‍රෝපකරණ පණගැන්වීම/ ක්‍රියාත්මක කිරීම/ ආරෝපණය කිරීම කළ හැකිය. එම ඒකකය (ප්‍රභවය) භාවිතයට ගන්නා යන්ත්‍රෝපකරණවලට අදාල ලෙස සාදා සවි කර ඇති බැවින් මහජනතාව විදුලිය භාවිතයෙන් කරන කටයුතු සුපුරුදු ලෙස එහෙත් රැහැන් භාවිතයෙන් තොරව  කළ හැකි වේ. වෙළඳපොලේ ඇති රූපවාහිනියක්, Google GI, Apple, Nokia වර්ගයේ cellular දුරකථන(මේවායේ පිටුපස බැටරිය හා WiTricity ඒකක සවි කර තිබේWiTricity මඟින් පන ගන්වන අයුරු නරඹන්න. මෙහිදී WiTricity මුල් ප්‍රභවය ලෙස ජෙනරේටරයකට (Generator) වඩා කුඩා මුල් ප්‍රභවයක් භාවිතා කරනු දැකිය හැකිය. මුල් ප්‍රභවය හා යන්ත්‍රෝපකරණයේ  ප්‍රභවය අතර එහා මෙහා යමින් රැහැන් හෝ හානිකර විදුලි ගලා යාමක් සිදු නොවන බව පෙන්වාදෙයි.


ඉදිරියේදී WiTricity ප්‍රභවයන් නිවසේ සිවිලිමේ, පොළවේ, මේසය යට වුවද සවි කර ගත හැකි වන නිසා ඔබගේ විදුලි මොටර් රථය ගරාජයේ අතුරා ඇති කලාලය (carpet) විසින් කාර්යක්‍ෂමව, ආරක්‍ෂා සහිතව, ස්වයංක්‍රීයව ආරෝපණය කරනු ඇත. එක් සංඥා කුළුණකින් විශාල ප්‍රදේශයක ජංගම දුරකථන සඳහා සංඥා ලබා ගත හැකි සේම එක් WiTricity මුල් ප්‍රභවයකින් අවට ප්‍රදේශයේ නිවාස, ගොඩනැගිලි, කර්මාන්තශාලා හා ඒවායේ උපකරණ/යන්ත්‍ර සූත්‍ර වලට රැහැන් නොමැතිව විදුලි බලය ලබා ගැනීමට නුදුරු අනාගතයේදීම හැකිවනු ඇත.


                        http://www.youtube.com/watch?v=wM8XkUeFcjc

2 comments:

මටත් මෙහෙම එකක් කාලකෙන පෙර හිතිල තිබුණේ. ඒත් ඉතින් කෝ තාක්ෂණය හා පහසුකම්.

shaaaa niyamai... ayeth katawath carrunt wadina ekak neehenam

Post a Comment