October 8, 2013

දත් වලින් පාලනය කරන සංගීතය

මේ දිනවල මඟතොටේදී, බස් රියේදී, දුම්රියේදී සුලභව දකිනා, මුහුණු ඇතුළු ශරීරයේ උඩුකය
හරහා රැහැන් එල්ලාගෙන සංගීතයට සවන් දෙන තරුණ පරපුරට මෙය සුභ ආරංචියකි.Mp3 player (වාදකය) හා earphone (කන් බණුව) සම්බන්ධ කිරීමට තවදුරටත් රැහැන් අවශ්‍ය නැත. Split ලෙස නමි කර ඇති කුඩා earphone සම්පූර්ණයෙන්ම රැහැන් විරහිතව ක්‍රියා කරයි. මෙගා බයිට් 256 ක මතකයකින් (memory) සමන්විත එය හකු වල චලනයෙන් පාලනය කිරීමට හැකි ලෙස නිර්මාණය කර තිබේ. තවමත් prototype (මූලාදර්ශන) අදියරේ පසුවන Split ඔබගේ කණ තුල රැඳවෙන භාණ්ඩයක් බවට පත්කිරීමට සුදුසු ලෙස නිර්මාණය කර නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් 435,000 ක ආරම්භක අරමුදලක් එහි නිර්මාතෘවරුන් අපේක්‍ෂා කරති.

        

 ක්‍රියාකාරීත්වය
·        චුම්බක earphone දෙක එකිනෙකින් දුරස්ථ කල විට ක්‍රියාත්මක වීම ආරම්භ වේ.
·        ඒවා රේඩියෝ තරංග මඟින් සමකාලීකෘතව (synchronized) Mp3 player ලෙසද ඔබ ප්‍රිය කරන සංගීත වැඩ සටහන් වාදනය කරයි.
·        එක් වරක් හැපීමෙන් (හකු චලනයෙන්) Split තුල අන්තර්ගත වේග මානය (Accelerator) නාද පථය(tracks) ඔස්සේ ගමන් කර අවශ ගීතයතෝරා ගැනීමට උපකරණයට උපදෙස් ලබා දෙයි.
·        එක පිට දෙවරක් හැපීමෙන් හඬ අඩු වැඩි කළ හැකි වේ.
·        ඔබ ආහාර ගන්නා විට හෝ චුවින්ගම් හපන විට සංගීතය ඇසීමට රුචි නම් දකුණු earphone ට තට්ටු කරන්න. එවිට Mp3 වාදකය හා මුඛය අතර සම්බන්ධය තාවකාලිකව නවතා දැමීමට පුළුවනි.      
                  

දැනට ගීත 24 ක් පමණක් වාදනය හා USB  රැහැන් මඟින් ආරෝපණය කිරීමට හැකි ලෙස Split නිර්මාණය කර තිබෙන නිසා දුර විනෝද ගමන් සඳහා භාවිතයට වඩා (හුවමාරු කරගෙන භාවිතා කළ හැක) දිවීම, ගමනාගමනය, වැඩ කිරීම යන අවස්ථාවලට යෝග්‍ය වේ. Split සෙල්ලම් භාණ්ඩයක් නොව එහි සංගීතය හොඳ තත්වයේ එනම් 100 dB වේ (සෛද්ධාන්තිකව CD තැටි, 93 dB වේ).Split කළු, දම්, රතු වැනි විවිධ වර්ණ වලින් වෙළඳපොලට ඉදිරිපත් කරනු ඇත.


Shaunacy Ferro, Posted 10.03.2013 at 5:21 pm, popular science

0 comments:

Post a Comment