October 29, 2013

පදික වේදිකාව විදුලිය ලබා දෙයි

සූර්ය බලශක්තිය නිපදවන හා එයින් ක්‍රියාත්මක වන උපකරණ පිළිබඳ බොහෝ තොරතුරු අප අසා තිබේ. ඒ අතරට අළුතින්ම එක් වී ඇති සූර්ය බලශක්තිය නිපදවන නවතම අංගය පදික වේදිකාවයි (පේමන්ට්). සූර්ය බල පදික වේදිකාවක් පදිකයින් සඳහා සෑදූ මුල් අවස්ථාව මෙය බව ව්ශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ඉඩම් පරිහරණ සැලසුම්කරු එරික් සේල්බිස්ට් පවසයි.

සම්පූර්ණයෙන්ම සූර්ය කෝෂ ආවරණයෙන් සෑදූ වර්ග අඩි 100 ක ප්‍රමාණයේ මෙම සූර්ය බල පදික වේදිකාව ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලය විසින් ඉදි කර ඇත. සූර්ය බල පදික වේදිකාවෙන් කිලෝවොට් පැය 470 ක විදුලියක් ජනනය කරන අතර එමඟින් LED බල්බ 450 ක් දල්වා මුළු පදික වේදිකාවම රාත්‍රී කාලයේදී ආලෝකමත් කරයි.

ලිස්සන සුළු නොවීම, කාලගුණයට ඔරොත්තු දීම සහ පදිකයින්ගේ තදබදය දරා ගැනීමට හැකි වීම නිසා පදිකයින්ට අනතුරකින් හෝ අපහසුතාවයකින් තොරව සූර්ය බල පදික වේදිකාව මත ඇවිදීමට හැකිය. තවද එහි ඇති සූර්ය කෝෂ trellis (ගරාදි) මඟින් විශ්ව විද්‍යාලයේ නව්‍යකරණ ශාලාවට විදුලි බලයද ලබා දී තිබේ.


උපුටා ගැනීම  :-  Francie Diep, Popular Science, October

0 comments:

Post a Comment