October 23, 2013

මඩ නැති සපත්තු

තෙතමනයෙන් ආරක්‍ෂා වීමට සාදා ඇති ජලයට ඔරොත්තු දෙන සපත්තු (water proof boots) වල මඩ, කුණු තැවරීම වැළැක්වීමට නොහැකිය. බොහෝ ජල විකර්ශක ප්‍රතිකාර තවමත් මතුපිට ඝර්ෂණයට ඉඩ සලසන බැවින් මඩ, දැලි, තෙල්, වයින් අංශු මතුපිට තැන්පත් වේ. බොහෝ තෙත කුණු කසල වැනි අපද්‍රව්‍ය විකර්ෂණය කරන Ultra-EverDry (අති-සදා වියළි) ආලේපනයක් ෆලෝරිඩාහි Ultra Tech(අල්ට්‍රා ටෙක්) සමාගම විසින් ඉදිරි මාස කිහිපය තුලදී නිෂ්පාදනය කරනු ඇත.

ක්‍රියාකාරීත්වය
ස්ථර දෙකකින් සමන්විත Ultra-EverDry සාමාන්‍යයෙන් දෙවරක් ආලේපන කිරීමෙන් සකස් කරයි.  පළමුව මතුපිටට xylene හා butyl acetate (සයිලීන් හා බියුටිල් ඇසිටේට්) ප්‍රධාන වූ ද්‍රාවණයක් ඉසිනු (spray) ලැබේ. එය වියලුනු පසු(විනාඩි 20 කට පසු) සිලිකා හා හිමි කාරක ආකලන සුළු වශයෙන් ඇතුළත් acetone (ඇසිටෝන්) ද්‍රාවණය ආලේප කරයි. එයද වියළි යෑමෙන් පසු මෙම ස්ථර දෙක එකිනෙක ප්‍රතික්‍රියා කර ඉතා සියුම් ගැටිති (ඇසට නොපෙනෙන කඳු හා කාණු) සහිත මතුපිටක් නිර්මාණය වේ. මෙම ව්‍යුහය නිසා මතුපිට ඝර්ෂණය අඩු වන බැවින් අංශු පහළට පෙරලී මතුපිට නොරැඳී ඉවත් වේ. එනම් Ultra-EverDry මඟින් ඉතා සියුම් ගැටිති සහිත මතුපිටක් නිර්මාණය කිරීම නිසා සියළු අපද්‍රව්‍ය මතුපිට හා ඉතා සුළු වශයෙන් ගැටී ඉවත් වේ.

කාර්මික භාවිතය සඳහා Ultra-EverDry භාවිතය ඇමෙරිකාවේ පරිසර ආරක්ෂණ ආයතනය මඟින් අනුමත කර ඇති අතර ලබන වසරේදී සමාගම මෙවැනි මතුපිටක් සහිත භාණ්ඩ (සපත්තු, අත්වැසුම්, ක්‍රීඩා භාණ්ඩ) වෙළඳපලට නිකුත් කරනු ඇත. පාරිභෝගිකයාට මිලට ගෙන නිවසේ ඇති තමන්ට අවශ්‍ය භාණ්ඩයකට/උපකරණයකට ආලේප කළ හැකි Ultra-EverDry ආලේපන වර්ගයක් නිෂ්පාදනයටද සමාගම සැලසුම් කරමින් සිටියි.


මෙමඟින් මිනිසුන් උපයෝගී කර ගන්නා බොහෝ භාණ්ඩ/උපකරණයක් පාහේ කුමන ආකාරයේ භාවිතයෙන් වුවද අපවිත්‍ර නොවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.



                          Logan Kugler – Popular Science , October

0 comments:

Post a Comment