October 24, 2013

චුම්භක නැනෝ මොළයට වෙදකම් කරයි.

අනුපාතයක් ලෙස වීදුරු මාබල් බෝලයක් (නැනෝ මීටර 1) හා පෘථිවිය (මීටර1) ලෙස සන්සන්දනය කළ හැක. නැනෝ (නිනිති) මීටර 1 ක් යනු මීටරයකින් කෝටි  100 කින් පංගුවකි.


ඉතා සූක්‍ෂම අන‍්වීක්‍ෂ භාවිතා කර ඉතාමත් කුඩා වූ මෙම නැනෝ (නිනිති) අංශු නැරඹීම හා ඒවා මෙහෙයවීම කළ යුතු අතර ඒවා ආරක්‍ෂාකාරීව පාලනය වන පරිසරයක් තුල පවත්වාගෙන යෑම කළ යුතුය. අවකාශයේ අංශු හා පරීක්‍ෂකයන්ගේ අංශු මඟින් උපකරණ දුෂ්‍ය වීම වැලැක්වීමට අතිශය පිරිසිදු තත්වයෙන් හා කම්පනයෙන් ආරක්‍ෂා කිරීමට ටොන් 5000 ක කොන්ක්‍රීට් එකකට සවි කල අඩි 40 ක් පොළව යට වූ පරීක්‍ෂණාගාර වල විද්‍යාඥයෝ නැනෝ තාක්‍ෂණය පිළිබඳ විවිධ පරීක්‍ෂණ වල නියැලෙති.

වෛද්‍ය විද්‍යාවේ චුම්භක නිනිති රොබෝවරු (magnetic nano bots) මඟින් ඖෂධ, මොළය, පිළිකා සෛල, ඇස ඇතුළු ශරීරයේ සංකීර්ණ ස්ථාන වල ආබාධිත කොටසටම පමණක් ලැබෙන සේ ප්‍රවාහනය කිරීමට හැකි වීම මගින් අතුරු ආබාධ බොහෝ සේ වළක්වා  වඩාත් සාර්ථක ප්‍රතිකාර කිරීමේ අවස්ථාව සලසා දී තිබේ. එමඟින් වර්තමානයේ සුවපත් කළ නොහැකි රෝගීන් බොහෝ දෙනෙකු සුවපත් වනු ඇත. නිනිති තාක්‍ෂණ යෙදුම් වෛද්‍ය විද්‍යාවට අමතරව ඉලෙක්ට්‍රොනික, බලශක්ති, අභ්‍යවකාශ,පාරසරික, ආහාර, ක්‍රීඩා, ඇඟලුම් වැනි විවිධ විශාල ක්‍ෂේත්‍ර සමූහයක් සඳහා ක්‍රියාත්මක වේ
ස්විස්ටර්ලන්තයේ හා දකුණු කොරියාවේ ආයතන සහයෙන් චීන පර්යේෂකයෝ විසින් රූපයේ දැක්වෙන 100 මයික්‍රෝන දිග හා 40 මයික්‍රෝන පළල මොළයේ අදාල ආබාධිත ස්ථානයට ඖෂධ ගෙන යන වාහනයක් ලෙස වූ ඉතා කුඩා නැනෝ අංශු නිර්මාණය කර තිබේ. විද්‍යුත් චුම්භක ක්‍ෂේත්‍ර මඟින් ධාවනය කරවන මෙම micro bots (නිනිති රොබෝ අංශු) නිකල් ආලේපිතය.

සජීවි සතුන් තුල චුම්භකත්වයෙන් ගමන් කරන robots ද මින් පෙර භාවිතා කර තිබුණද මෙම micro bots ගේ විශේෂත්වය නම් එහි විශාලත්වයයි. ව්‍යාපෘතියේ පර්යේෂකයකු වූ ෂෑං ලී මෙසේ විස්තර කරයි. “micro bots යනු ආබාධය ඇති ස්ථානයට ඖෂධ ප්‍රවාහනය කරන වාහනයකි. ඒ සඳහා මට අවශ්‍ය මෝටර් රථයක් නොව ට්‍රක් රථයකි විශාල ඉඩ සහිත micro bots වැඩි ඖෂධ ප්‍රමාණයක් ප්‍රවාහනය කරයි. හාවා, මීයා වැනි සතුන් සඳහා අත්හදා බැලීම් කර ඇති නමුත් මනුෂ්‍යයින් සඳහා micro bots යොදා ගැනීමට තව කාලයක් ගතවිය හැකි.






0 comments:

Post a Comment