මෙම වසන්ත ඍතුවේදී එක්සත් ජනපදයේ පුවත්පත් වල ප්‍රධාන මාතෘකාව වූයේ එරට
සෞඛ්‍ය බලධාරීන් විසින් වෙනස් පුද්ගලයින් තිදෙනෙකුගේ DNA වලින් බිළඳෙකු ඇති කිරීමට විද්‍යාඥයන්ට
අවසර දීමයි. In Vitro Fertilization (IVF) වර්ගයේ ක්‍රියා
පටිපාටියක් වූ මෙමඟින් mitochondrial diseases (මයිටෝකොන්ඩ්‍රියල්
රෝග) සහිත මව්වරුන්ට නිරෝගී බිලිඳුන් බිහිකිරීමේ වාසනාව උදා වේ. බ්‍රිතාන්‍ය
පාර්ලිමේන්තුව අනුමත කරන්නේ නම් තම දරුවන්ට තමාගේ විශේෂිත වූ ජානමය හැකියාව ලබා
දිය හැකි නවීකරණය කළ ජාන සහිත මිනිසුන් බිහිකිරීමේ ආරම්භය සනිටුහන් කරනඓතිහාසික
අවස්ථාව මයිටෝකොන්ඩ්‍රියල් ප්‍රතිස්ථාපනය (mitochondrial replacement) නම් වූ මෙම ක්‍රමය උදා කර දෙනු ඇත.
මෙතෙක් පරීක්‍ෂණාගාර තුල මිනිස් සෛල සඳහා මෙම ක්‍රමය අත්හදා බැලීම පමණක්
සිදු කර ඇති නිසා එය ආරක්‍ෂාකාරී තාක්‍ෂණයක්ද යන්න බොහෝ ජෛව ආචාර ධර්ම හා මාධ්‍ය
ප්‍රකාශකයෝ ප්‍රශ්ණ කරති. වඩාත් විස්තීරණ ලෙස ඔවුන් බිය පළ කරනුයේ මෙය බිලිඳුන්
නිර්මාණය හා සුජනක විද්‍යාව දෙසට
යොමු වීමේ පියවරක් ලෙසටයි.
අවුරුදු 35 කට පෙර මෙය ආරම්භ වූ අවධියේ සිටම IVF විසින්ම තාක්‍ෂණයේ ආරක්‍ෂාකාරීත්වය
පිළිබඳ පරීක්‍ෂණ පවත්වා එමඟින් විරල ලෙස සිදුවන නොමේරු හා අඩු බර දරුවන් ඉපදීමේ
අවධානමද හඳුනාගෙන තිබේ. එසේවුවද මයිටෝකොන්ඩ්‍රියල් ප්‍රතිස්ථාපනයෙන් තොරව දරුවන්
බිහි කළ නොහැකි මිලියන ගණනක මව්පියන්ගේ බලාපොරොත්තු සුන් නොකළ යුතුය. මෙම ක්‍රමය
එක්සත් ජනපදයේ විශේෂයෙන් තෝරාගත් චිකිත්සාගාර වල සියුම් නිරීක්‍ෂණයෙන් හා පසු
විපරමින් ආරක්‍ෂාකාරීව සිදුවන්නේ නම් දහස් ගණන් ජානමය රෝගී මව්වරුන්ට තම රෝග
දරුවන්ට දායාද නොකර නිරෝගී දරුවන් බිහි කිරීමේ අවස්ථාව උදාකර දිය යුතුය. එනමුදු එය
ආරක්‍ෂාකාරීව ක්‍රියාත්මක නොවන්නේ නම් වහාම තහනම් කළ යුතුය. සැලකිය යුතු වැදගත්
කරුණ නම් මෙයින් උපදින බිළිඳුන් සාමාන්‍ය උපදින බිළිඳුන්ට වඩා වෙනස් නොවීමයි.
ක්‍රියාකාරීත්වය
සාමාන්‍යයෙන් අපේ කථා බහට ලක්වෙන ජාන වර්ගය නම් සෛලයේ ඇති න්‍යෂ්ඨික ජානයයි. එය මවගේ DNA අඩකින් හා පියාගේ DNA අඩකින් සමන්විතයි. මෙම ජානයට අමතරව සියලු දෙනාටම තවත් ජානයක් තිබේ. මයිටෝකොන්ඩ්‍රියල් ජානය නම් වූ එය නව ප්‍රජනන තාක්‍ෂණය සඳහා උපයෝගී කර ගනී. අප ගන්නා ආහාර භාවිතා කළ හැකි ශක්ති ප්‍රභව බවට පරිවර්තනය කරන මයිටෝකොන්ඩ්‍රියා කුඩා පැළෑටි සෑම සෛලයක් තුලම තිබේ. සෑම මයිටෝකොන්ඩ්‍රියාවකට ආවේනික DNA ඇති අතර එවැනි 37 ක් මයිටෝකොන්ඩ්‍රියම් හි නිවැරදි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වේ. න්‍යෂ්ඨික ජානය මෙන් නොව මයිටෝකොන්ඩ්‍රියල් ජානය පුද්ගලයාගේ බාහිර පෙනුමට, පෞරෂත්වයට, ආවේනික ගති ලක්‍ෂණ වලට හේතු කාරක නොවේ. එය සම්පූර්ණයෙන්ම පාහේ මවගේ ප්‍රෙව්ණියකි.

පුද්ගලයෙකුගේ මයිටෝකොන්ඩ්‍රියල් DNA වල විකෘතිතා නිසා මාංශපේෂි සංකූලතා(muscular dystrophy),
හෘද රෝග හා හදිසි ආබාධ (seizures) වැනි රෝග ඇතිවන අතර මරණයද
සිදුවිය හැක. නව IVF ක්‍රියාපටිපාටිය යනු සරලව මවගේ රෝගී
මයිටෝකොන්ඩ්‍රියා නිරෝගී ඒවායෙන් ප්‍රතිස්ථාපනය කිරීමයි. විද්‍යඥයන් නිරෝගී දායක
ස්ත්‍රී බීජයක් ගෙන එහි න්‍යෂ්ඨික DNA ඉවත් කරනුයේ බීජයේ
මයිටෝකොන්ඩ්‍රියා ඉතිරි කරමිනි. ඉන්පසු එයට මවගේ හා පියාගේ න්‍යෂ්ඨික DNA එකතු කරනු ලැබේ. දෙමව්පියන්ගෙන් මව මයිටෝකොන්ඩ්‍රියල් රෝගී කාන්තාවකි.
ඇත්ත වශයෙන්ම බිළිඳා ඒකෛක ප්‍රවේණි දර්ශ තුනක එකතුවක් වන අතර වඩාත් වැදගත්
වන්නේ බිළඳාට විනාශකාරී ලෙඩ රෝග නොතිබීමයි. එනිසා වෛද්‍ය විද්‍යාවේ ඉදිරි ගමනට අපේ
භිය බාධාවක් කර ගත යුතුද?
උපුටා ගැනීම :-
2013 ඔක්තෝබර් - Popular Science
0 comments:
Post a Comment