October 3, 2013

මැරෙන දිනය හරියටම කියන වෛද්‍ය පරීක්‍ෂණය දැන් ලෑස්‌තියි


ඔබට ජීවත් වීමට ඉතිරිව ඇති කාලය කිව හැකි පරීක්‍ෂණයක් විද්‍යාඥයන් විසින් සංවර්ධනය කර ඇත. අත් ඔරලෝසුවක ප්‍රමාණයේ උපකරණයක් ලේසර් කිරණ උපයෝගී කරගෙන සම යට ඇති ඉතාම වැදගත් ආස්තර(crucial lining) රුධිර වාහිනී මඟින් මැරෙන දිනය දක්වන කාලය නීර්ණය කරන අතර එමඟින් එය භාවිතා කරන්නන් නිරෝගීව සිටීමේ උනන්දුව වර්ධනය කරගනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එහෙත් ජීවන චර්යාව වෙනස් කර නොගන්නේ නම් ඉදිරියට ජීවත් විය හැකි කාලය වසර ගණනින් මෙම ඔරලෝසුව දන්වා සිටිනු ඇත.

ශරීර සෞඛ්‍ය විදහාපාන දර්ශකයක් වූ සියුම් endothelial සෛල නිරීක්‍ෂණයෙන් මිනිසුන් අසාමාන්‍ය ලෙස වියපත් වීම හඳුනාගත හැකි බව උපකරණයේ නිර්මාතෘවරු ප්‍රකාශ කරති. තවද පිළිකාව හා උමතු රෝග (dementia) ඇති බවට capillaries(කේශික) නමින් හඳුන්වන සියුම් රුධිර වාහිනී තුල ඇති endothelial සෛල ස්ථරය ඉඟි පළ කරන බවත් අන්තෝහ්ඡදය (endothelium) හි වෙනස්කම් මඟින් හදවත් රෝග ඇති වීමේ සම්බන්ධතාවයද අන්තෝහ්ඡදය (endothelium) විශ්ලේෂණයේදී හඳුනාගෙන තිබේ. බාහිර පීඩා අවම පරිසරයක කුරුල්ලන් යොදාගත් මෙම පරීක්‍ෂණ සාර්ථක වී ඇති අතර නිරෝගී මිනිසුන් 220 ක් සම්බන්ධ පරීක්‍ෂණයේදී ඔවුන් වියපත් වීමේ වේගයේ අඩු වැඩි බව පැහැදිලි වී තිබේ.

රක්‍ෂණ සමාගම් මෙයින් ලැබෙන තොරතුරු උපයෝගී කරගෙන රක්‍ෂණ වාරික වෙනස් කරනු ඇත. වෛද්‍යවරු තම රෝගීන්ගේ ලේඛණගත වයස හා ජෛව වයස සන්සන්දනය කර වියපත් වීමේ වේගය හා ඒ අනුව වෛද්‍ය උපදෙස් ලබා දෙනු ඇත. දැනට තරමක් විශාල වූ මෙම උපකරණය අත් ඔරලෝසුවක ප්‍රමාණයෙන් පවුම් 200 – 300 අතර (රු. 40,000 - 60,000) මිලකට වෙළඳපොලෙන් මිලදීගත හැකි මට්ටමට සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය ආයෝජනයක් අවශ්‍ය බවත් එවිට පුද්ගලයෙකුට, වෛද්‍යවරයෙකුට විශේෂයෙන් ශෛල්‍ය වෛද්‍යවරයෙකුට, රෝහල් වලට මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වය හඳුනාගෙන වියපත්වීම වඩාත් හොඳින් පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙන බවත් මෙම උපකරණයේ පේටන්ට් බලපත්‍රය හිමි මහාචාර්ය ඇනීටා ස්ටෙෆනොව්ස්කා හා ඇගේ සහයක මහාචාර්ය පීටර් මැක්ලින්ටොක් ප්‍රකාශ කරති.


උපුටාගැනීම: Fiona Macrae ,Daily Mail,UK ,August


0 comments:

Post a Comment