October 28, 2013

ස්වයංක්‍රීය ලිප

හේතන් බ්‍රෝඩ්බෙන් නම් අන්තර්ජාල වෙබ් විකාශකයා (web developer) තම එදිනෙදා කටයුතු ස්වයංක්‍රීය කිරීමට ප්‍රිය කරයි. ඔහුගේ මයික්‍රොවේව් උදුන රාත්‍රී ආහාරය ස්වයංක්‍රීයව පිස දෙන්නේ නම් කොතරම් අගනේදැයි වැඩ අධිකව සිටින විට ඔහුට සිතුණි. සියළුම ආහාර ඇසුරුම් වල අඩංගු තීරු සංකේත (barcode ) ජාත්‍යන්තර නිෂ්පාදන තීරු සංකේත අනුව හඳුනාගෙන අන්තර්ජාලයෙන් ඉවුම් පිහුම් (සුපවේදී) උපදෙස් ලබාගෙන සුපවේදියෙකු මෙන් කෑම පිසීමට හැකි වන සේ තම උදුන සංවර්ධනය කිරීම ඔහුගේ අපේක්‍ෂාව විය.

මේ සඳහා අවශ්‍ය තාක්‍ෂණයන් දැනට පවතින නමුත් කිසිවකු උත්සහ නොකරන බව පවසන ඔහු එය සනාථ කිරීමට 1990 දශකයේ මයික්‍රොවේව් උදුනක පරිපථය අධ්‍යයනය කර එයට Raspberry Pi කුඩා පරිගණකයක් (හා සැකසු පරිපථයක්) ඒකාබද්ධ කර මයික්‍රොවේව් උදුනෙහි ඉලෙක්ට්‍රොනික ක්‍රියාකාරීත්වය පාලනය කරන ලදි. ඉන්පසු Wi-Fi අඩප්ටරය (අනුවර්තකය), මයික්‍රොෆෝනය, කුඩා ශබ්ද විකාශනය (speaker) සහ barcode scanner (තීරු සංඥා සුපරීක්‍ෂකය) එයට එකතු කර ඇත.
Scanner( (සුපරීක්‍ෂකය) ආහාරය හඳුනාගත් පසු, Pi කුඩා පරිගණකය අදාල පිසීමේ උපදෙස් බ්‍රෝඩ්බෙන්ට් නිර්මාණය කළ අන්තර්ජාල දත්ත ගබඩාවෙන් (database) ලබා ගනී. ඉන්පසුව ලද උපදෙස් අනුව පිසීමේ කාර්යය කළ හැකි ලෙස මයික්‍රොවේව් උදුනේ පරිපථය සැලසුම් කර තිබේ.


 අන්තර්ජාලයට සම්බන්ධ යාන්ත්‍රික උපකරණ මඟින් ලබා දෙන රැහැන් නොමැති උපදෙස් පමණක් නොව කට හඩින් ලබා දෙන නියෝගද අනුගමනය කිරීමට මෙම උපකර්ණයට හැකිය. යමක් උයා නිම කළ විට සාම්ප්‍රදායික මයික්‍රොවේව් උදුන මෙන් සංඥා නාද නිකුත් නොකර උච්චාරණය (“කෑම ලැයිස්තියි”) මගින් ඒ බව දන්වා සිටියි. මීට අමතරව මෙම උදුනෙහි හඬද සකස් කිරීමට හැකිය.



උපුටා ගැනීම:  Erin Brodwin – Popular Science, October 
                       http://www.popsci.com/diy/article/2013-09/smart-microwave

0 comments:

Post a Comment