ආබාධිත පුද්ගලයින් බොහෝදෙනෙකුට රියදුරෙකුගෙ සහය නොමැතිව මෝටර්
රථයක් ධාවනය කළ නොහැක. විශාල මෝටර් වාහන ප්‍රමාණය, නීති පිළිනොපදින අවිනීත
රියදුරන්, මාර්ග, මාර්ග තදබදය
වැනි කරුණු නිසා රිය ධාවනය වෙහෙසකාරී ක්‍රියාවක්වී තිබේ. ඔබගේ මෝටර් රථය සුපුරුදු
උදෑසන මාර්ග තදබදය තුල ඉතා සෙමින් ධාවනය වන විට, බොත්තමක් ඔබා මෝටර් රථයේ ධාවන
වගකීම මොටර් රථයටම පවරා ඔබට තේ කෝප්පයක් පානය කල හැකිය.
විශේෂ අධිවේග මාර්ග ධාවන තත්ව යටතේ ස්වයංක්‍රියව
(රියදුරා නොමැතිව) ධාවනය වීමේ හැකියාව ඇති , තම පළමු ස්වයංක්‍රිය මෝටර් රථය
ලෙස Mercedez – Benz සමාගමේ 2014 -S
පංතියේ මෝටර් රථය වෙළඳපොලට ඉදිරිපත් කරන බව එම සමාගම පවසයි. මෙහි රියදුරු රිය
පාලනය කිරීමට කිසිවක් කළ යුතු නැති නමුත් සුක්කානම මත දෑත
රඳවාගෙන සිටීම අවශ්‍ය වේ. සුක්කානමෙන් දෑත ඉවත් කළවිට සංවේදක මගින් ස්වයංක්‍රියව එය
රියදුරු ධාවනය කිරීමේ ක්‍රමයට පරිවර්තනය වේ. මේ අතර Toyota සමාගමද ස්වයංක්‍රියව ධාවනය කල හැකි මෝටර් රථය ලෙස වැඩිදියුණු කළ
Lexus මෝටර් රථය ප්‍රදර්ශනය කළද එය පර්යේෂණාත්මක තත්වයේ බව දන්වන
ලදී.
රියදුරු නොමැති වාහන පිළිබඳව සමහර මෝටර් රථ නිෂ්පාදකයන්
වෙහෙසට පත්ව තිබුණද Google සමාගම එය ග්‍රහණය කරගෙන
ඇත. මේ සෙවුම් යන්ත්‍ර (Search
Engine) යෝධයා පසුගිය
දශක දෙකම ස්වයංක්‍රිය ධාවනය සම්බන්ධව ක්‍රියාකාරී විය.මීටඅමතරව ඇමරිකා එක්සත්
ජනපදයේ නෙවෙඩා, ෆ්ලෝරිඩා හා කැලිෆෝනියා යන ප්‍රාන්ත වල රියදුරු රහිත වාහන ධාවනය
අනුමත කිරීමේ නීති සම්මත කර ඇත.
Google සමාගමේ රියදුරු නොමැති මෝටර් රථ කැලිෆෝනියාවෙදී පමණක් සැතපුම් 300,000 ක දුර අනතුරකින්
තොරව පරීකෂණ ධාවනය සම්පුර්ණ කර තිබේ. සුක්කානම අසල අසුනේ මගියෙකු සිටියද ඔහු රිය
පැදවිය යුතු නැත. සංවේදක, ලේසර්, වහලේ සවිකර ඇති 3600 භ්‍රමණයක්
සහිත කැමරාව සහ GPS සම්බන්ධතාවය මෝටර් රථය මෙහෙයවයි. එහි
ධාවනයේ ආරක්ෂිත බව වර්ධනයට අවධානය යොමු වී ඇතත් මෝටර් රථ නිෂ්පාදනයට අවතීර්ණ වීමට
අදහසක් නොමැති බව Google සමාගම ප්‍රකාශ කරයි.
නීති හා රෙගුලාසි, රක්ෂණය, රියදුරු අධ්‍යාපනය, වෙළඳපොල‚පසුතල
පහසුකම් වැනි බාධක නිසා රියදුරු රහිත වාහන තාක්ෂණය සම්පුර්ණ කිරීමට තව වසර කිහිපයක්
ගත විය හැක.නෛතිකව
අන්ධ පුද්ගලයෙකු කැලිෆෝනියා නගරයේ Google මෝටර් රථය පදවන
හා ගමනේදී ආහාර මිලදී ගෙන රසවිඳින අයුරු වීඩියෝවේ දැක්වේ.
උපුටාගැනීම:
0 comments:
Post a Comment