October 14, 2013

ජලය සහිත ග්‍රහලොවක්? (පෘථිවියේ අනාගතයද?)

පෘථිවියේ මෙන් ජලය සහිත ග්‍රහලෝකයක් ගැන කුතුහලයෙන් හා විමසිල්ලලෙන් සිටි අය සනසමින් ජලය සහිත ශිලාමය (ගල් වලින් පිරි) කුඩා ග්‍රහලෝකයක් හෝ ක්‍ෂුද්‍ර ග්‍රහයෙකු පිළිබඳ සාක්‍ෂි තාරකා විද්‍යාඥයින් විසින් මෑතකදී අනාවරණය කර ගෙන තිබේ. පෘථිවියේ ජල ප්‍රමාණය එහි ස්කන්ධයෙන් 0.023% පමණක් වුවත් මෙම කුඩා ග්‍රහලෝකයේ එහි ස්කන්ධයෙන් 26% ක ජල ප්‍රමාණයක් ඇත. සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් දක්නට ලැබුණු ප්‍රථම ජලය සහිත පාෂාණමය අංගය මෙය වේ.

නියත වශයෙන් මෙම exoplanetory මණ්ඩලයේ වාසයට සුදුසු ග්‍රහලෝක පැවතීමේ විභවයක් ඇති බව මෙමඟින් පිළිඹිබු වන්නේ යැයි කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥ සහ පරීක්‍ෂණ ව්‍යාපෘතියේ ප්‍රධානියා වන ජේ ෆාරිහි පවසයි.
මේ අවස්ථාවේදී ජලජ ග්‍රහලෝකයේ තත්වය සුභදායක නොවන බවත් එය දැන් හුදෙක්,  සුදු කුරුමිටෙකු (වාමනයා) වන් තම තාරකාවවූ  GD 61 වටා භ්‍රමණය වන සුන්බුන් කැබලි පොකුරකි (debris bunch).GD 61 තාරකාව ආසන්නයේදී වඩා විශාල පාෂාණමය ග්‍රහලෝකයක් හා මෙම කුඩා ජලජ ග්‍රහයා ගැටීමෙන් පසු GD 61 ගුරුත්ව බලයෙන් එය ඉවතට තල්ලු කර ඇතැයි සැලකිය හැකි බව ෆාරිහි හා ඔහුගේ කණ්ඩායමේ අදහසයි.

ජර්මනියේ හා එක්සත් ජනපදයේ තාරකා විද්‍යාඥයෝ ජලජ ග්‍රහයාගේ රසායනික සංයුතිය හඳුනාගැනීමට Hubble Space නම් දුර දක්නය මඟින් ලබා ගත් තොරතුරු විශ්ලේෂණය කරති.GD 61 තාරකාවේ වායුගෝලය අනුව පැහැදිලි කළ හැකි ප්‍රමාණයට වඩා විශාල ඔක්සිජන් ප්‍රමාණයක් මෙහි පවතින බවට සාක්‍ෂි ලැබී තිබේ. මෙම අමතර ඔක්සිජන් ජලය හෝ කාබන් හා බැඳී තිබිය යුතු බව ජලජ ග්‍රහයා ගැන අධ්‍යයනය කළ බෝවික් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥ බොරිස් ගැන්සිකේ ප්‍රකාශ කරයි. (ඔක්සිජන්, කාබන් හා බැඳෙනුයේ කාබන්ඩයොක්සයිඩ් ලෙසටය)
එහෙත් GD 61 හි ඉතා සුළු කාබන් ප්‍රමාණයක් තිබෙන බව සොයාගෙන ඇති බැවින් මෙම ඔක්සිජන්, ජලජ ග්‍රහයාගේ ජලය හා මිශ්‍රව පැවතිය යුතු බව පාරිහි, ගැන්සිකේ හා තුන්වන සහකරු කීල් විශ්ව විද්‍යාලයේ ඩෙට්ලෙව් කොයෙස්ට සඳහන් කරති.

GD 61 හා එහි සුන්බුන් පෘථිවි අනාගතය පිළිබඳ ක්ෂණික දර්ශණයකි.තව වසර බිලියන 06 කට පසු පෘථිවිය අයත් තාරකාව වන හිරු,සුදු කුරුමිට්ටකු වී එහි ගුරුත්වාකර්ෂණයෙන් වටා ඇති ග්‍රහලෝක හා ක්‍ෂුද්‍ර ග්‍රහලෝක ආකර්ශණය කර ගනු ඇත.



Farihi & team  - Journal science
Francie Diep  -  Popular science, October   
http://www.youtube.com/watch?v=UbgxbM8aDb4    ඇසුරෙනි.

0 comments:

Post a Comment