October 24, 2013

සියුමැලි නිනිති මල්

නිනිති (නැනෝ/ඉතාමත් සියුම්) මට්ටමේ මල් වැවීමේදී පවා පෝෂක එකතු කිරීම, උෂ්ණත්ව පාලනය, අවක්ෂේපන නිරීක්‍ෂණය වැනි උද්‍යාන රෝපණයේ මූලධර්ම වෙනස් වී නැත.
විවිධ මිශ්‍රණ වලින් එකතු කර ගත් අණු මඟින් සූක්‍ෂම වැවිලි කරුවෝ නිනිති මල්, ආගන්තුක පළතුරු ආදිය වගා කර තිබේ. එහෙත් වියදම් අධික තාක්‍ෂණික හා කාර්මික ක්‍රම භාවිතා නොකරන්නේ නම් ඔවුන් පැළ සිටවා ඒවා වැඩෙන තෙක් පාලනයකින් තොරව බලා සිටිය යුතුය. හාවඩ් විශ්ව විද්‍යාලයේ විම් නුර්ඩුයින් හා කණ්ඩායම නිනිති මල් වගාව සඳහා වියදම් අධික නොවූ අසරල වැඩ පිළිවෙළක් නිර්මාණය කර ඇත.

වම් පස සාවද්‍ය වර්ණක වලින් සමන්විත වනසේ මල් පොකුරක් ඔවුන් අධියර තුනකින් සකස් කළේය.
                                                   
*  පළමුව සෝඩියම් සිලිකේට් හා බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණ 40C දක්වා ශිත කලේය. 40C  උෂ්ණත්වයේදී වාතයේ ඇති CO2 (කාබන්ඩයොක්සයිඩ්) වැඩි ප්‍රමාණයක් ද්‍රාවණයේ දියවීම නිසා බේරියම් කාබනේට් හා සිලිකා (රතු) විශාල ලෙස තැන්පත් වන රසායනික ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වේ.

      *  ඉන්පසු කුඩා බඳුන, කාමර උෂ්ණත්වයේ ස්ට්‍රොන්ටියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක තැන්පත් කලේය. මෙම ද්‍රාවණය CO2  දියවීම නිසා කොළපාට අංකුර මතුවිය.


      *   බීකරයේ පියන නිතර ඇරෙන වැහෙන ලෙස සැකසීමෙන් සිදුවන CO2 ස්පන්දනය නිසා අංකුරය වැඩීම වේගවත් වී මයික්‍රෝ මිලිමීටර 25 (ඉතා කුඩා) පළල මල් පිපුණි.

මෙම නිනිති හැඩ ගැන්වීමේ ශිල්පය, රූපයේ ඇති සියුම් නිනිති මල් සඳහා පමණක් සීමා නොවන අතර ප්‍රකාශ විද්‍යාවේ හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ශිල්පයේ දියුණුවටද භාවිතා විය හැකි බව නුර්ඩුයින් හා කණ්ඩායම පවසති.












උපුටාගැනීම:   Victoria Jaggard,NewScientist
                        http://www.newscientist.com/article
                         http://news.nationalgeographic.com/news/2013/05/pictures

0 comments:

Post a Comment