October 7, 2013

කඩදාසි පරිගණකය





"කඩදාසි මත අච්චු ගැසූ ඇත්ත පරිගණකය. එම කඩදාසියෙන් ඉරා ගත් කඩදාසි කැබැල්ලක් පරිගණකයේ කොටසක් ලෙස වෙනත් කෙනෙකු පාවිච්චි කිරීම ඔබට විශ්වාස කළ හැකිද? එංගලන්තයේ කේම්බ්‍රිජ් හි මයික්‍රොසොෆ්ට් ආයතනයේ ස්ටීව්හොග් සංවර්ධනය කළ තාක්‍ෂණයේ කොටසක් නිසා මෙය සත්‍ය වී තිබේ. ඉලෙක්ට්‍රොනික පරිපථ වල සන්නායක රිදී රේඛා ඉතාමත් සාර්ථකව කඩදාසි මත මුද්‍රණය කිරීමට ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයේ යොෂිහිහිරෝ
කවහාරා ඇතුළු කණ්ඩායම සමඟ එක්වූ හොග්ට හැකි විය. එපමණක් නොව ඔවුන් මුද්‍රණය සඳහා සරල පරිගණක මුද්‍රණ යන්ත්‍රයක් (Inkjet ප්‍රින්ටරය) භාවිතා කර, රිදී නිනිති අංශු (නැනෝ) වලින් සමන්විත තීන්ත උපයෝගී කර ගෙන තිබේ. කවහාරා පසුගියදා ස්විස්ටර්ලන්තයේ පැවැති සම්මන්ත්‍රණයකදී කඩදාසියේ මුද්‍රිත තෙතමත සංවේදකයක් (moisture sensor) ක්‍රියාත්මක කර පෙන්වන ලදි.
විනෝදයක් ලෙස විවිධ නව ඉලෙක්ට්‍රොනික පරිපථ හුදෙක් මුද්‍රණයෙන් ලබා ගෙන අත්හදා බලා, වැඩ නොකරන්නේ නම් විසිකර දැමීමේ අවස්ථාව උදා වීම නිසා නිරුමාණකරුවන් බොහෝ නව නිර්මාණ ඉදිරිපත් කරනු ඇතැයි කවහාරා විශ්වාසය පළ කරයි. තවද ත්‍රිමාණ මුද්‍රණයෙන් පරිගණකයේ සියලු භෞතික කොටස් මුද්‍රණය කළද ඉලෙක්ට්‍රොනික පරිපථ මුද්‍රණය කිරීමේ අපහසුතාව මෙමඟින් මඟ හැරී තිබේ. ටෝකියෝ හි මිටිෂුබිසි කෙමිකල් ආයතනය මෑතකදී සංවර්ධනය කරන ලද අවලම්භිත රිදී (silver suspension) තීන්ත භාවිතා කර රු. 10,000/- ක් පමණක් වටිනා පරිගණක මුද්‍රණ යන්ත්‍රයෙන්  (Inkjet ප්‍රින්ටරය) ජායාරූප මුද්‍රණ කඩදාසි මත ඉලෙක්ට්‍රොනික පරිපථ හොඳින් මුද්‍රණය කළ හැකි බව කවහාරා හඳුනාගෙන තිබේ. මෙහිදී තීන්ත වල ඇති රිදී අංශු නිදහස් කිරීමට එය රත් කිරීම අනවශ්‍ය වන අතර අංශු වල ප්‍රමාණය,දුස්ස්‍රාවිතාව සහ මතුපිට ආතතිය, පැතලි රිදී සන්නායක කඩදාසිය මත මුද්‍රණයට සුදුසු තත්වයේ පවතී. මේවා ක්‍රියාකාරී පරිපථ බවට පත් කිරීම සඳහා ප්‍රතිරෝධක, විදුලි බල ධාරක සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික පරිපථයකදී පෑස්සීම කළද මෙහිදී සන්නායක ගම් වර්ගයකින් අලවනු ලැබේ.
කඩදාසි මත මුද්‍රිත තෙතමත සංවේදකය පැළෑටි සඳහා භාවිතා කරන අතර එහි එක් පරිපථ කොටසක් වර්ෂාපතනයද තවත් පරිපථ කොටසක් ආර්ද්‍රතාවයද මැන ලබා ගන්නා දත්ත මුද්‍රිත Wi-Fi ඇන්ටනාවක් මඟින් සම්ප්‍රේෂණය කරයි.LED බල්බ හා බැටරි සම්බන්ධ කරන සන්නායකද (Wire) හොග් කඩදාසි මත මුද්‍රණය කර තිබේ. මීට අමතරව ක්‍ෂුද්‍ර සකසනය (micro processors සහ මතකචිපය(memory chips) සම්බන්ධ කිරීම් ඇතුළුව විවිධ සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පරිපථ Inkjet ප්‍රින්ටරය මඟින් මුද්‍රණය කර තිබේ. ඒ අනුව සෛද්ධාන්තිකව මේවා භාවිතා කර, කුඩා කැබලි වලට වෙන් වුවද ක්‍රියාත්මක කළ හැකි කඩදාසි පරිගණක සෑදිමට හැකි වේ.
රිදී ආශ්‍රිත Inkjet ප්‍රින්ටරය සාමාන්‍ය මිලට ගැනීමේ මට්ටම දක්වා දියුණු වුවහොත් අතින් ඇඳි පාට කළ හැකි විවෘත සන්නායක පරිපථ බහුල වන බව හොග් ප්‍රකාශ කරන අතර තව වසර 20 ක් ඔබටම ජංගම දුරකථනයක් මුද්‍රණය කරගෙන භාවිතා කළ හැකි වන බව කවහාරා කියා සිටියි.
·           නිව් සයන්ටිස්ට් සඟරාව 2937   කලාපය, 03 ඔක්තෝබර්ර 2013 , පෝල්මාක්ස් ඇසුරෙනි

0 comments:

Post a Comment