Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

October 30, 2013

උඩ පනින ද්‍රව බින්දු

මෙම වීඩියෝව නරඹන ඔබට කුඩා සිලිකන් තෙල් බින්දු කම්පනය වන සිලිකන් තෙල් ද්‍රාවණය මතට වැටී තෙල් බින්දුව ද්‍රාවණය තුල ගිලී ද්‍රාවණයේම කොටසක් නොවී ද්‍රාවණය මත පනිමින් ඇවිදින අයුරු දැකගත හැකිය.ද්‍රාවණයේ කම්පනය නිසා ඇති කරන තරංග මත තෙල් බින්දු ගැටීම නිසා එය ද්‍රාවණය මත චලනය වේ.  සාමාන්‍ය ඇසට, තෙල් ද්‍රාවණය තුල තෙල් බින්දුව  උඩ පනිමින් දුවන අයුරු දර්ශණය වේ.තෙල් බින්දු...

October 29, 2013

පදික වේදිකාව විදුලිය ලබා දෙයි

සූර්ය බලශක්තිය නිපදවන හා එයින් ක්‍රියාත්මක වන උපකරණ පිළිබඳ බොහෝ තොරතුරු අප අසා තිබේ. ඒ අතරට අළුතින්ම එක් වී ඇති සූර්ය බලශක්තිය නිපදවන නවතම අංගය පදික වේදිකාවයි (පේමන්ට්). සූර්ය බල පදික වේදිකාවක් පදිකයින් සඳහා සෑදූ මුල් අවස්ථාව මෙය බව ව්ශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ඉඩම් පරිහරණ සැලසුම්කරු එරික් සේල්බිස්ට් පවසයි. සම්පූර්ණයෙන්ම සූර්ය කෝෂ ආවරණයෙන් සෑදූ වර්ග අඩි 100 ක ප්‍රමාණයේ...

කැමරාවෙන් සමේ රෝග

විවිධ හේතු (ව්‍යාධිජනනය) නිසා වනාන්තරයේ ඇති වී තිබෙන ලප කැලැල් භූදර්ශන ජායා රූප වල අවිධිමත් බවින් අනාවරණය කරන තාප සංවේදී අධි තාක්‍ෂණික කැමරා, දැන් චර්ම රෝග හඳුනාගැනීමට භාවිතා කළ හැකිය. වෛද්‍යවරු සාමාන්‍යයෙන් චර්ම රෝග විනිශ්චය කරනුයේ රෝගයේ සම මත පැතිරීම, රක්ත වර්ණ වීම, ඝන වීම, ශල්කියවීම(කොරපොතු ස්වාභාවය) වැනි කරුණු නිරීක්‍ෂණය කිරීමෙනි. ඒවා නිරීක්‍ෂණය බොහෝසේ විෂයානුබද්ධ...

October 28, 2013

ස්වයංක්‍රීය ලිප

හේතන් බ්‍රෝඩ්බෙන් නම් අන්තර්ජාල වෙබ් විකාශකයා (web developer) තම එදිනෙදා කටයුතු ස්වයංක්‍රීය කිරීමට ප්‍රිය කරයි. ඔහුගේ මයික්‍රොවේව් උදුන රාත්‍රී ආහාරය ස්වයංක්‍රීයව පිස දෙන්නේ නම් කොතරම් අගනේදැයි වැඩ අධිකව සිටින විට ඔහුට සිතුණි. සියළුම ආහාර ඇසුරුම් වල අඩංගු තීරු සංකේත (barcode ) ජාත්‍යන්තර නිෂ්පාදන තීරු සංකේත අනුව හඳුනාගෙන අන්තර්ජාලයෙන් ඉවුම් පිහුම් (සුපවේදී) උපදෙස් ලබාගෙන...

October 24, 2013

චුම්භක නැනෝ මොළයට වෙදකම් කරයි.

අනුපාතයක් ලෙස වීදුරු මාබල් බෝලයක් (නැනෝ මීටර 1) හා පෘථිවිය (මීටර1) ලෙස සන්සන්දනය කළ හැක. නැනෝ (නිනිති) මීටර 1 ක් යනු මීටරයකින් කෝටි  100 කින් පංගුවකි. ඉතා සූක්‍ෂම අන‍්වීක්‍ෂ භාවිතා කර ඉතාමත් කුඩා වූ මෙම නැනෝ (නිනිති) අංශු නැරඹීම හා ඒවා මෙහෙයවීම කළ යුතු අතර ඒවා ආරක්‍ෂාකාරීව පාලනය වන පරිසරයක් තුල පවත්වාගෙන යෑම කළ යුතුය. අවකාශයේ අංශු හා පරීක්‍ෂකයන්ගේ අංශු මඟින්...

සියුමැලි නිනිති මල්

නිනිති (නැනෝ/ඉතාමත් සියුම්) මට්ටමේ මල් වැවීමේදී පවා පෝෂක එකතු කිරීම, උෂ්ණත්ව පාලනය, අවක්ෂේපන නිරීක්‍ෂණය වැනි උද්‍යාන රෝපණයේ මූලධර්ම වෙනස් වී නැත. විවිධ මිශ්‍රණ වලින් එකතු කර ගත් අණු මඟින් සූක්‍ෂම වැවිලි කරුවෝ නිනිති මල්, ආගන්තුක පළතුරු ආදිය වගා කර තිබේ. එහෙත් වියදම් අධික තාක්‍ෂණික හා කාර්මික ක්‍රම භාවිතා නොකරන්නේ නම් ඔවුන් පැළ සිටවා ඒවා වැඩෙන තෙක් පාලනයකින් තොරව බලා...

October 23, 2013

මඩ නැති සපත්තු

තෙතමනයෙන් ආරක්‍ෂා වීමට සාදා ඇති ජලයට ඔරොත්තු දෙන සපත්තු (water proof boots) වල මඩ, කුණු තැවරීම වැළැක්වීමට නොහැකිය. බොහෝ ජල විකර්ශක ප්‍රතිකාර තවමත් මතුපිට ඝර්ෂණයට ඉඩ සලසන බැවින් මඩ, දැලි, තෙල්, වයින් අංශු මතුපිට තැන්පත් වේ. බොහෝ තෙත කුණු කසල වැනි අපද්‍රව්‍ය විකර්ෂණය කරන Ultra-EverDry (අති-සදා වියළි) ආලේපනයක් ෆලෝරිඩාහි Ultra Tech(අල්ට්‍රා ටෙක්) සමාගම විසින් ඉදිරි මාස කිහිපය තුලදී...

October 21, 2013

කෘත්‍රිම අග්න්‍යාසය

දියවැඩියා රෝගය ලොව පුරා සියලු සමාජ ස්ථරවල බහුලව දක්නට ලැබෙන නිට්ටාවට සුව කිරීමට අපහසු රෝගයකි.දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් (insulin) මට්ටම පාලනය කිරීමේ කාර්යයට නිෂ්පාදිත කෘත්‍රිම අග්න්‍යාසයක් සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලනාධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබේ. අග්න්‍යාසය මඟින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ඉන්සියුලින් හෝමෝන ශරීරය තුල නිපදවයි. එහෙත් පළවැනි ඛාණ්ඩයේ (සමහර...

රියදුරු නැති කාර්

ආබාධිත පුද්ගලයින් බොහෝදෙනෙකුට රියදුරෙකුගෙ සහය නොමැතිව මෝටර් රථයක් ධාවනය කළ නොහැක. විශාල මෝටර් වාහන ප්‍රමාණය, නීති පිළිනොපදින අවිනීත රියදුරන්, මාර්ග, මාර්ග තදබදය වැනි කරුණු නිසා රිය ධාවනය වෙහෙසකාරී ක්‍රියාවක්වී තිබේ. ඔබගේ මෝටර් රථය සුපුරුදු උදෑසන මාර්ග තදබදය තුල ඉතා සෙමින් ධාවනය වන විට, බොත්තමක් ඔබා මෝටර් රථයේ ධාවන වගකීම මොටර් රථයටම පවරා ඔබට තේ කෝප්පයක් පානය කල හැකිය. විශේෂ...

மனித மூளையைப் போன்ற இரத்தமும் நாளமும் கொண்ட கணினிகளைத் தயாரித்து IBM நிறுவனம் சாதனை

திரவ எரிபொருள் zetta அளவிலான கணனி திறவுகோல் இருக்கிறதா?IBM இன் சோதனை தொகுப்புடன் டாக்டர் பேட்ரிக் ருச் (Dr Patrick Ruch) ஐ பி எம் கணனி நிறுவனம் மனித மூளையைப் போல, மின்னணு இரத்தத்தால் சக்திபெற்று இயக்கும் கணனி மாதிரி ஒன்றை கண்டுபிடித்திருக்கிறது. இயற்கையில் மனித மூளை எவ்வாறு இயங்குகிறது என்பதில் இருந்து ஆராய்ந்து, இதனை தாம் தயாரித்து வருவதாகக் கூறும் அந்த...

October 17, 2013

ப்ளூம் எரிசக்தி

K.R. ஸ்ரீதர் இணை நிறுவனர் மற்றும் தலைமை நிறைவேற்று அதிகாரி சிலிக்கான் பள்ளத்தாக்கு தொடக்க ப்ளூம் எரிசக்தி  கே.ஆர். ஸ்ரீதர் - இன்றைய தேதியில் அமெரிக்கா முழுமைக்கும் வியப்போடு கவனிக்கப்பட்டு வரும் பெயர். இதுவரை யாருமே செய்திராத ஓர் அதிசயத்தை செய்து காட்டியதன் மூலம் அமெரிக்க பிஸினஸ் உலகமே இவரை அண்ணாந்து பார்த்துக் கொண்டிருக்கிறது. இதில் பெருமைக்குரிய விஷயம், இவர்...

October 14, 2013

ජලය සහිත ග්‍රහලොවක්? (පෘථිවියේ අනාගතයද?)

පෘථිවියේ මෙන් ජලය සහිත ග්‍රහලෝකයක් ගැන කුතුහලයෙන් හා විමසිල්ලලෙන් සිටි අය සනසමින් ජලය සහිත ශිලාමය (ගල් වලින් පිරි) කුඩා ග්‍රහලෝකයක් හෝ ක්‍ෂුද්‍ර ග්‍රහයෙකු පිළිබඳ සාක්‍ෂි තාරකා විද්‍යාඥයින් විසින් මෑතකදී අනාවරණය කර ගෙන තිබේ. පෘථිවියේ ජල ප්‍රමාණය එහි ස්කන්ධයෙන් 0.023% පමණක් වුවත් මෙම කුඩා ග්‍රහලෝකයේ එහි ස්කන්ධයෙන් 26% ක ජල ප්‍රමාණයක් ඇත. සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් දක්නට ලැබුණු...

October 10, 2013

ප්‍රදර්ශණ පුවරුවෙන් බොන ජලය

ජලය ජීවයේ උල්පතයි. කාන්තාර ආශ්‍රිත ප්‍රදේශ වල පමණක් නොව ලොව පුරා ජීවත් වන බොහෝ මිනිසුන්ට පානීය ජල ගැටළු තිබේ. සාමාන්‍යයෙන් ජල පවිත්‍රාගාර, ළිං යනාදී ප්‍රභව මඟින් පිරිසිදු පානීය ජලය මිනිසුන්ට ලැබේ. එසේ නමුත් ප්‍රදර්ශන පුවරුවක් බීමට සුදුසු ජලය ලබා දෙන බව ඔබ දන්නවාද? පේරු රාජ්‍යයේ ඉංජිනේරු හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලය, තුනී වායුව  උපයෝගී කරගෙන බීමට සුදුසු ජලය නිපදවන...