November 23, 2017

සමනල තටුවල වර්ණයට හේතුව.



සමනලයාගේ පියාපත් වර්ණවත් වීමට වර්ණක වගේම ඒවා සැදී ඇති ව්‍යුහයද වැදගත් වේ.සමනල තටු වැසී ඇත්තේ ශල්ක වලිනි.මෙම ශල්ක නැනෝ ව්‍යුහයන් වන අතර මේවා යම්කිසි පරතරයන් ඇතිව ස්ථරමය ලෙස තැන්පත් වී ඇත. මෙම ස්ථර අතරින් ආලෝක කිරණ ගමන් කරන විට විවිධ ආනති ඔස්සේ ඒවා පරාවර්තනය වීම සිදුවේ. එවිට සමනල තටු විවිධ වර්ණයන්ගෙන් අපට දිස්වේ. ස්වභාවදහමේ මෙම අපුරු හැසිරීම ප්‍රයෝජනයට ගෙන අලුතෙන් නිෂ්පාදනය වන විවිධ භාණ්ඩ හා උපකරණ මත විවිධ වර්ණ රටා මවයි.
                                                                                                                                                                                                                                        Ifsvend ඇසුරෙනි.
සී.වෙත්තසිංහ.
විද්‍යා හා තාක්ෂණ නිලධාරී.
අකුරැස්ස.                 

                                                                                                
                                                                                                
                                                                                                                            

0 comments:

Post a Comment