November 21, 2017

ස්වභාවික කෘමි නාශක භාවිතා කර මිහිතලය සුරකිමු දැයට සෙත සලසමු.

රටක ජීවනාලිය ආරක්ෂාවීමට ගහ කොළ සතා සීපාවා  ඇළ දොළ ගංඟා පදනම්කරගෙන ස්වභාවිකත්වය මත ගොඩනැගෙන පරිසර සමතුලිතතාවයයි.මේ තුළ  පරිසරයේ පැවැත්ම මෙන්ම මිනිසාගේ යහ පැවැතුම කෙරෙහි ද බලපානු ලබයි . මෙය විද්‍යාත්මකව  සලකා බලනවිට ජෛව විද්‍යාත්මක ලක්ෂණ  ලෙස ද සැලකිල්ලට ගනී .මෙම ජෛව  විද්‍යාත්මක  සාධක විනාශ වී යෑම තුල පරිසර සමතුලිතතාවය බිදවැටී මුළු පරිසර පද්ධතියම විනාශ වී යෑම අද අපට උරුම වී ඇති අභාග්‍යයේ දායාදයයි.  
                                     
කෙසේ හෝ ලෝකයේ වද වී යාමේ තර්ජනයට ලක්වීඇති  ජෛව විද්‍යාත්මන සාධක රැසක්  සංරක්ෂිතව තව දුරටත් රදා පවතිනුයේ ද අප්‍රිකානු කලාපය තුලය . මෙම කලාපය නිවර්තන කලාපයට අයත් වීම නිසා මෙම කලාපය තුල වනාන්තර හෙලිවීම අඩු ප්‍රතිශතයක  පැවැතීම  නිසා පරිසර සංරක්ෂනය තවමත් ආරක්ෂා වී පවතී. ඒ හැරුනවිට නිවර්තන කලාපයේ පොහොසත් රටවල් ජෛව විවිධත්වයෙන් පොහොසත් රටවල්ය.හොද ආහාර ,විවිධත්වයෙන් වැඩි ආහාර ,පිරිසිදු ජලය ,පිරිසිදු වාතය , ස්වභාවික ඔසු  වැනි දෑ  බාධාවකින් තොරව භාවිතය සිදුකරයි .

අපරට මේවනවිට දෑඩිලෙස මිනිසුන් රෝගීන් බවට  පත්වී ඇත්තේ මිනිසා විසින්ම නවීන තාක්ෂණය මත පදනම්ව කෘෂිරසායන භාවිතයට පුරුදු වීම.තුල අපේ ආහාර රටාවේ දෑඩි වෙනසක් සිදුවී තිබේ . කෘෂිකර්මාන්තයේ දී මුදාහරින කෘෂිරසායන නිසා  ආසනික් , කැඩ්මියම් වැනි දෑ මගින් මිනිසුන් වකුගඩු රෝගයේ සිට සියළුම රෝග කාරකයන් සදහා මෙලෙස  සිදු වී ඇති බලපෑ ඇති විනාශය කොපමනදෑයි කිව  නොහැකි තරම්ය .

එමනිසා කෘෂිකර්මාන්තයේ දී බෝග වගාව සදහා දේශීය තාක්ෂණය  හා ඉපැරණි ක්‍රමවේ ද යන් තුලට යොමුවීම තුල මිනිසාගේ ජීවත් වීමේ අසාව රදාපවතිනු ඇතැයි විශ්වාස කල හැකිය. මෙනිසා බෝග වගාව සදහා රසායනික පලිබෝධ නාශක වෙනුවට ශාකසාර විකල්ප පලිබෝධ පාලන ක්‍රම භාවිතාකර මිහිතලය සුරැකීමට පහත ක්‍රමවේදයන් එයට උපකාරී කරගනිමු.

01.ශාක යුෂ භාවිතය -
පළිබෝධනාශක ගුණය සහිත විවිධ ශාකකොටස් තලා ජලයේ පල්කර හෝ තම්බා හෝ වෙනත් ක්‍රමයකින්  ගන්නා යුෂ බෝග වගාවන්හි පළිබෝධ පාලනය සදහා භාවිතා කල හැක. කොහොඹ , වල්ඉගුරු ,මුරුංගා ,මගුල් කරද , කැප්පිටියා ,වල් සුරියකාන්ත ,අරෑද ,හා අරලිය වැනි ශාක කොටස් මේ සදහා බහුලව යොදා ගැනේ.

සකස්කර ගන්නා ක්‍රමය -
*කොහොඹ කොළ , කරද කොළ (ළපටි කොළ ,දළු ආදිය ) දින 14ක් අමු ගොම දියර  සමග  පල් කර යෙදීමෙන් බෝගවලට  සිදුවන පණු හානිය පාලනය කළ හැක.
*මුරුංගා කොළ හා පොතු ජලයේ පල්කර ඉසීමෙන් බෝගවලට  ඇතිවන දීලීර රෝග පාලනය කළහැක.
*කලවැල් පමනක් ජලයේ පල්කර එහි යුෂ බෝගවලට යෙදීමෙන් කෘමීන් පලවා හැරේ.
02 දුම්කොළ යුෂ භාවිතය -
*දුම්කල නැටි කද හෝ දුම්කොළ පල්කීරීමෙන්  ලබාගන්නා යුෂ කෘමිසතුන් පලවා හැරීමට  සහ ගොඵබෙල්ලන්  පාලනයට  යොදා ගැනේ.
*දුම්කල කුඩු තේහැදි  04 ක් පමණ වතුර ලීටර් දෙකකට එකතුකර හොදින් කලවම්කර  වගාවන්ට යෙදිමෙන් කෘමීන් පලවා හැරිය හැක.
03.මිරිස් ද්‍රාවණය -
*වෛරස් රෝග , කුඩිත්තන්, කුහුඹුවන් ,දළඹුවන් ,වැනි සතුන් පාලනය සද හා  මිරිස් ග්‍රෑම් 100 ක් හොදින් අඹරා ජලය ලීටර් 01 ක මිශ්‍රකර  හොදින් පෙරා  එම ද්‍රාවනයේ සැර හතර ගුණයකින්  බාලකර  බෝග වලට යෙදීම  සුදුසුය. මෙම ද්‍රාවනයේ  ක්‍රියාකාරීත්වය  වැඩිකර ගැනීම සදහා රතුලුණු  හෝ සුදු ඵෑණු  බික් කිහිපයක්  අඹරා  මිශ්‍ර කරගත හැකිය .
04.කොච්චි ද්‍රාවණය -
*දිලීර රෝග පාලනය සදහා කොච්චි ද්‍රාවනය භාවිතා කෙරේ .ඉදුණු කොච්චි ග්‍රෑම් 25ක් හොදින් අඹරා එය වතුර ලීටර් 08 ක් සමග මිශ්‍රකර පැය 24ක් පමණ තබා දීලිර රෝල සහිත බෝගවලට  ඉසිය යුතුය .දිනපතා කොච්චි ද්‍රාවනය යෙදීමෙන් වෛරස් රෝගවලට පවා එරෙහිව ක්‍රියාත්මක වේ.
05.සුදුළූණු භාවිතය -
*සුදු ළූණු ග්‍රෑම් 100 ක් සහ සබන් ග්‍රෑම් 10 ක් සිහින්ව අඹරා ,වතුර ලීටර් ½ ක් එයට මිශ්‍රකර  පැය 24 ක් තබා  එම මිශ්‍රණයට  තවත් ජලය ලීටර් 2 ½ ක් එකතුකර කෘමිසතුන්  සිටින බෝගවලට  යෙදිය යුතුය.
*සුදු ළූණු ග්‍රෑම් 50 ක් සිහින්ව අඔරා වතුර ලීටර් 01 කට මිශ්‍රකර කෘමිසතුන් සිටින බෝගවලට ඉසිමෙන් කෘමි සතුන් පලවා හැරේ.
06.කොහොඹ භාවිතය -                                                                                                                            කොහොඹ ලොව ඇති සාර්ථකම පළිබෝධ නාශකයවේ. කොහොඹ කොළ , මල් හා පොතු මෙන්ම කොහොඹ ඇට ද බහුලව පළිබෝධ පාලන  මිශ්‍රන සැකසීම  සදහා යොදාගැනෙන  අතර කොහොඹ ඇටවල පලිබෝධ නාශක ගුණය වැඩිය.පණු හා දළඹු වර්ගවලටත් කුරුමිණි කීටයන් , පළගැටියන් , පත්‍ර විදින්නන් ,පත්‍ර හා පැළ කීඩෑවන් , පරිණත වැඩිහිටි  කුරුමිනියන් පාලනය සදහාත් , කොහොඹ සුවිශේෂි පලිබෝධ පාලකයකි. ගොවිබිමට  මෙන්ම බීජ කල්තබා ගැනීම අදී ගොවිබිමෙන් බැහැරව සිදුවන පලීබෝධ  හානිවලටත්  කොහොඹ  කොළ  හා ඇට යොදා ගැනේ.                                                                            

කෘෂිකර්මය සම්බන්ධ පොත්පත් සහ පත්‍රිකා ඇසුරෙන්

1 comments:

Post a Comment