November 16, 2017

ලොව පළමු හයිඩ්‍රජන් දුම්රිය ධාවනයට සූදානම්

උතුරු ජර්මනියේ පළමු වතාවට හයිඩ්‍රජන් බලයෙන් ධාවනය වන දුම්රියක් සාර්ථකව අත්හදා බලා තිබේ.   ජර්මනියේ Lower Saxony state හි දුම්රිය සමාගම සමග අ්තසන් කර ඇති ගිවිසුමක් අනුව 2021 දෙසැම්බරයේදී දී මෙම දුම්රිය පළමු වතාවට ජර්මනියේ Cuxhaven, Bremerhaven, Bremervoerde සහ Buxtehude යන මාර්ගවල ධාවනය කිරීමට නියමිත බව මෙම ව්‍යාපෘතියට අදාල ප්‍රංශයේ ඉංජිනේරු සමාගම පවසයි.

     මෙම දුම්රිය පැයට කිලෝමීටර 140ක වේගයෙන් ධාවනය කිරීමට මේ වන විට ආරම්භක හැකියාවක් ඇති බව පැවසෙන අතර මෙම විශේෂත්වය වන්නේ සාමාන්‍ය ඩීසල් දුම්රිය ධාවනය වන දුම්රිය මාර්ගයේම මෙම දුම්රිය ධාවනය කරවීමට හැකි වීමය. එමෙන්ම මෙම දුම්රිියෙන් අපද්‍රව්‍ය ලෙස පිටවන්නේ පිරිිසදු ජලය වීම නිසා දැනට භාවිතා වන ඩීසල් දුම්රියවලින් ිසදුවන පරිසර දූෂණය මින් ඉදිරියට සිදු නොවන බවට එම සමාගම පවසා ඇත.

popularmechanics ඇසුරිනි.
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
නොච්චියාගම.

1 comments:

Excellent innovation. Fernando from Colombo,Ceylon

Post a Comment